තම මව පියා හා මල්ලි රැක බලා ගැනිමේ අරමුණින් මහනුවර දොඩම්වල මහ සෙංකඩගල අඳ-බිහිරි විදුහලේ දීකිරි මඩවල තීක්ෂණ මාලිංග ශිෂ්‍යයා දැඩි අධිෂ්ඨානයක සිටියි.
උපතින්ම දැස් ආබාධිතව ඔහු මෙළොව එළිය දුටුවේය.
අධ්‍යාපනයට මෙන්ම සංගිතයටද වඩාත් කැමැත්තක් දක්වන තික්ෂණගේ වයස අවුරුදු (8) කි. දැස් නොපෙනෙන 4 වැනි ශ්‍රේණියේ බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරයි.
තික්ෂණගේ එකම අරමුණ අධ්‍යාපනයෙන් ඉහළට ගොස් තම පියා මව හා මල්ලී රැක බලා ගැනිමයි.
නමුත් තික්ෂණගේ මෙම බලාපොරොත්තුව මුදුන් පත් කර දීමේ අභියෝගය ඹහුගේ දෙමාපියන්ට මහත් ගැටළුවකි.
තික්ෂණගේ පියා උතුරේ යුද්ධයේදී ආබාධිත විය.
1992-12-10 වැනි දින ශ‍්‍රි ලංකා යුද හමුදාවට එක්වි අම්පාර සටන් පුහුණු පාසලෙන් මුලික පුහුණුව ලබා ඉන් පසු 8 වැනි ගැමුණු හේවා බළ ඇණියට ඇතුළත් වු ඔහු උතුරේදී කොටි මෝටාර් ප‍්‍රහාරයකින් තුවාල විය. පාදයක්ද අප‍්‍රාණික විය.
ඉන් පසු ඹහු විශ‍්‍රම ගියේය. රැකවරණයට කාගෙන්වත් පිළිසරණක් නොමැති කම නිසා ඔහුට අනුකම්පාවෙන් ජිවිතයට අත් වැලක් වන්නට යුවතියක් එක් වූවාය.
2007-02-08 දින පුංචි තික්ෂණ මෙළොව එළිය දුටුවේය.ඔහුගේ බර ග‍්‍රැම් 875 ක් විය. මහනුවර මහ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ මාස තුනක් ප්‍රතිකාරයෙන් පසුවද තික්ෂණගේ ඇස් නොපෙනෙනන්ට විය.මහනුවර අක්ෂි රෝහලෙන් ප‍්‍රතිකාර කළ මුත් පලක් නොවිය. තික්ෂණගේ මව සහ පියා රට හැම තැනම තම පුතුගේ ඇස් පාදා ගැනිමට ගත් උත්සාහයද අසාර්ථක විය.
තික්ෂණගේ පියා පවසන්නේ හමුදා ක‍්‍රියාන්විතයේදි සිදුවු ආබාධයෙන් ඇවිදීමට අපහසු නිසා බස් රථයකින්වත් යා නොහැකි බවයි. දැස් නොපෙනෙන දරුවා පාසල වෙත ගෙන යාමට හා නැවත නිවස බලා ගෙන ඒමට දිනකට රථයකට රුපියල් 1000 ක් වැය වන බව ඔහු කියයි. නිවසක් නොමැති නිසා මසකට නිවසට කුලි ගෙවිම නිසාත් ලැබෙන විශාම වැටුප දරුවන් දෙදෙනා සමග ඡීවත් විම මහත් ගැටළුවක් බවත් ඔහු පවසයි.
දරුවාගේ පියා ඊ නිහාල් ඩෙල්වින් නිශාන්ත ද සිල්වා නමින් මැණික්හින්න මහජන බැංකුවේ 157200160041246 ගිණුම් අංකයකි. .077-8383139 ඔහුගේ දුරකතන අංකයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාස ඇමති සජිත් මහතාට මේක දැනුම්දෙන්න. එතුමා නිවසක් ලබාදීමට වහාම කටයුතු කරාවි. (නි)
මමත් උදව් කරන්න කැමැතියි. හරි අසරණ පවුලක්. මේ දරුවාගේ පියා ගේ කකුල අාබාද උනේ අප මව් බිම වෙනුවෙන් සටන් කරලා. මොවුන්ට උදව් කිරීම අපේ වගකීමක්. මේ දරුවාගේ පියාට ආබාදිත අය දුවන ත්‍රීරෝද රථයක් අරන් දෙන්න පුලුවන්නම් (පොඩි ලීසිං එකක් දාල හරි) මේ දරුවාගේ පාසල් යන එන කටයුතු හා ඒ පවුලට ජීවත්වීමට අවශ්‍ය හොඳ පසුබිමක් සාදාදෙන්න පුළුවන්. මමත් උදව් කරන්න කැමැතියි. ගමේ කවුරු හරි ඉදිරි පත් වෙලා වැඩේ බාරගන්න පුලුවන්නම්. (නදී)
මෙම දරුවාට සහ ඔහුගේ පවුලට ඉන්න තැනක් හදන්න බලමුද? මමත් උදව් කරන්න කැමතියි (නි)
ප්‍රතිචාර දාලා විතරක් වැඩක් නැහැ මිනිසුනේ. මේ ළමයට දිගුකාලීන යහපතකට උදව් කරමු. (නදී)
මමත් උදව් කරන්න කැමැතියි .හරි අසරණ පවුලක් .ඔබේ අනාගත බලාපොරෙත්තු ඒ අයුරින්ම සාර්තක වේවා පුතේ (දිල්)
උදවු කරනවා නම් ඔය තියෙන්නේ ගිණුම් අංකය සහ දුරකතන අංකය (නි)
රජෙයන් උපකාර කරන්න ඕනි මෙහෙම දරුවන්ට. මට පුළුවන් විදිහට මමත් උදවු කරනවා(දිල්)
'අපි වෙනුවෙන් අපි' අරමුදල යමක් කරයි කියලා මට හිතෙනවා (නි)
අපි කොහොමද උදවවු කරන්නේ? විස්තර ටිකක් දෙන්න. (ර)
මම උදවු කරන්න කැමතියි. (ර)
මම කැමති උදව්කරන්න (දිල්)
උදවු කරන්න කැමති කට්ටිය කිය කියා හිටියට වැඩක් නැහැ. ඒ උදවියට දිගුකාලීනව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සාදාදෙන්න. (නි)
සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න. (ර)
මේ ළමයාට යහපතක් වීම සඳහා හැකිනම් දිගුකාලීන විසඳුමක් සොයාදෙමු (නි)
ඔය තියෙන්නේ ඉතින් දුරකතන අංකය, උදවු කරන්න කැමති අයට (නි)
මෙම දරුවාට සහ ඔහුගේ පවුලට ඉන්න තැනක් හදන්න බලමුද? (නි)
මගේ පුතු හරි හපනා. හෙට රජෙකුම වේවා.(හේ)