IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ

දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් වෙනස්ම ආකාර වල හැකියාවන් ඇති අයවලූන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගනින් දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් සඳහා පිහිනීමේ පාඨමාලවක් ඇරඹීමට ‘කැන්ඞ්ල් ඒඞ්’ ආයතනය මුලපුරා තිබේ. එහි සමාරම්භක වැඩසටහන පසුගියදා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්විණ.

කී‍්‍රඩාවක් ලෙසත්, ආත්ම ආරක්ෂාව සඳහාත්, විනෝදාස්වාදය සඳහාත් පිහිනීම හැදෑරිය හැකි බවත් දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත හෝ කථන අපහසුතා ඇති ළමුන්ට ඒ සඳහා කිසිදු බාධාවක් නැති බවත් ‘කැන්ඞ්ල් ඒඞ්’ ආයතනයේ අදහසයි.

මෙම පාඨමාලාවට අදාල පුහුණුවීම් සෑම අඟහරුවාදා දිනකම සහ බ‍්‍රහස්පතින්දා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් වෙනස්ම ආකාර වල හැකියාවන් ඇති අයවලූන් බවට පත්කිරීමට ගත් උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ පිහිනීමට පුහුණුවූ දරුවන් තම හැකියාව ප‍්‍රදර්ශනය කරන අයුරු......

ඡයාරූප සහ විස්තර : - ශානුක අරවින්ද



අදහස් (0)

දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ

අංජන Wednesday, 29 May 2013 12:11 PM

පව් අහිංසක ළමයි. හොඳින් පුහුණු කළොත් ලංකාවට පදක්කමක් ගන්න පුළුවන් වෙයි පැරා ඔලිම්පික් එකේදී. (නි)

:       0       0

දීපාල් Wednesday, 29 May 2013 12:22 PM

නියමයි. ඔහොම යමු. (ස)

:       0       0

රන්ජනී Wednesday, 29 May 2013 12:43 PM

හොද වැඩක්,හොද පුහුණුවක් දුන්නොත් දෑස පෙනෙන අයට වැඩිය යමක් කරාවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site