IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


දස කෝටියක වල්ලා පට්ටා සිංහරාජයෙන් අල්ලයි

සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ  වටිනා වල්ලා පට්ටා තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා ගත් බව පොලීසිය කියයි.

වලාන දූෂන මර්ධන ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් මුදලාලි වෙස්ගෙන  ගැණුම් කරුවන් ලෙස ගොස් මෙම වැටලීම සිදු කළේය.

වල්ලා පට්ටා ගසේ කොටස් ගෙන ගොස් ප්‍රංශය වැනි යුරෝපීය රටවල් අති සුඛෝපභෝගී මිල අධික සුවඳ විලවුන් වර්ගයක් සාදන බව වාර්ථා වෙයි.

කැකිරාවෙන්ද වල්ලා පට්ටා තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 



අදහස් (0)

දස කෝටියක වල්ලා පට්ටා සිංහරාජයෙන් අල්ලයි

ෂෙරිෆ් Saturday, 18 January 2014 12:38 PM

තව මාස ගණනක් යනකොට අත්අඩංගුවේ තිබෙන වල්ලාපට්ටාවල බර අඩුවෙන්න ඉඩ තියෙනවා.. එවිට වටිනාකම ද රුපියල් කෝටි පහකින් අඩුවිය හැකියි. (අ)

:       0       0

එරංග Monday, 20 January 2014 01:06 PM

පොලීසියේ මහත්වරු මේක අල්ලපු හැටි මුළු රටම දැක්කනේ. කීපදෙනෙක් හැර එතන හිටි හැමෝම අහිංසක මිනිස්සු විදියටයි පෙනුනේ. මෙච්චර වටිනවා නම් අපිට වවල විකුනනන් පුළුවන්. දැන් අහුවෙච්ච කුඩු කොහෙද ? මද්‍යසාර කොහෙද? පොලිසියේ වැඩ කිඩ අපි වගේ අහිංසක අසරණ උන්ට තමා. (නදී)

:       0       0

සේන Saturday, 18 January 2014 12:49 PM

වල්පට්ට වගකළ යුතුයි (අ)

:       0       0

වලපට්ට Sunday, 19 January 2014 02:30 PM

මේ වලපට්ට වලින් මොකද කරන්නේ? ඇයී මෙතරම් මේවා මිල ?(දිල්)

:       0       0

ප්‍රසංගි Saturday, 18 January 2014 01:10 PM

සමහර විට මේ පින්තුරයේ තියෙනේ දස කොටියේම වල්ල්පට්ට නම් ,හැම ගේදරක්ටම පැල තුන හතරක් වාවගන්න දීල විකුණා ගන්න ක්‍රමවේදයක් සකසල දුන්නම අයෙත් මොන සමෘදිය ද, අන්න සුභ අනාගතයට යන්න පාර.(අ)

:       0       0

නරනප්පා Saturday, 18 January 2014 01:16 PM

චන්ද්‍ර , ඔබට වැරදිලා ,මේවා ඔච්චර වටිනවානම් අලුතෙන් කෙනෙක් පත්කොරන්නේ නැහැ ,මොකද වටිනා ඇමතිකම් ඔක්කොම ගොඩගැහිලා තියෙන්නේ එක්කෙනෙකු වටා, (අ)

:       0       0

අන්සා Saturday, 18 January 2014 01:20 PM

තෙල් වලට වඩා වටින දෙයක්. එනිසා හැම ගෙයකම එක ගහක් හිටවගන්න. සුළු කාලයකින් ලංකාවේම ඉන්නේ පොහොසතුන්.(අ)

:       0       0

ලුම්බිණි Saturday, 18 January 2014 01:45 PM

අපේ ගරුතර දේශපාලන උතුමන් කෙනෙකුගේ එහෙම සම්බන්ධයක් නැද්ද මේකට? (අ)

:       0       0

සරත් Saturday, 18 January 2014 02:24 PM

චන්ද්‍රාගේ කතාව ඇත්ත! තවත් කල් මරන්නේ නැතිව වැල්ල පට්ට ඇමති කෙනෙක් පත් කර මෙය දියුණු කලයුතුයි.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 18 January 2014 02:34 PM

වල්ලා පට්ට පැල සිටුවීමේ ව්‍යාපාරයක් රට පුරාම දියත් කළහොත් කවුරුත් හොරෙන් කැලේට ගොස් කපන්න අවශ්‍යවන්නේ නෑ නේද? රටට විශාල විදෙස් විනිමය උපයාගත හැකි නම් මේ පට්ට වැඩේට වහා පට්ට ඇමතිවරයෙකු පත්කරන්න රජය පියවර ගතයුතුයි. (නදී)

:       0       0

සරත් පර්ත් Saturday, 18 January 2014 05:06 PM

කලකට ඉහතදී සිංහරාජය හරහා පාරක් කපන්න පටන්ගත්ත නේද ? (නදී)

:       0       0

චින්වී Saturday, 18 January 2014 05:16 PM

වල්ල පට්ටා ස්වභාවිකව හැදුනම මේ සුවඳ එන්න වසර 20-30 ක් යනවා. නමුත් අපි වගා කරලා වසර 5 කින් පමණ කඳතැනින් තැනින් සිදුරු කරලා තුවාල කලාම එයට ප්‍රතිචාරයක් ලෙස මේ රෙසිනය හැදෙනවා. ගෙදර වවන්න කිසිම තහනමක් නෑ. නමුත් ඔබ ගෙදර වවනවා නම් වන සංරක්ෂක ට ලිඛිතව දැනුම් දී ලිඛිතව අවසර ගන්න. මොකද කවද හරි කපන දවසට ඔබව අල්ලලා හිරේ දායි සින්හරාජෙන් හොරෙන් කැපුවා කියලා. (නදී)

:       0       0

විජයබාහු Saturday, 18 January 2014 05:32 PM

තව පත් කරන්න ඕන නෑ බලන්න ළගදීම පත් වෙලා පට්ට ටිකට වැඩේ දෙයි නිදන්, මැණික් වලට පත් උනා වගේ මාර ඉල්ලම නෙ.(නදී)

:       0       0

ගුණේ Saturday, 18 January 2014 06:43 PM

මිනිසුන්ගේ අවදානය වෙන පැත්තකට යවන ප්‍රචාර.(නදී)

:       0       0

පාලිත Saturday, 18 January 2014 06:46 PM

ලොකු කට්ටය මේවට ඇහැ ගහගෙන ඉන්නේ. තාම පිඹුරු පත් සකස් කරමින් ඉන්නේ. දන්නවනේ පොඩි එවුන් වගේ අහුවෙන්න කරන්නේ නැහැ.(නදී)

:       0       0

අනුර Saturday, 18 January 2014 09:44 PM

දින කිහිපයකට පෙර පත්තරේක තිබුන කියල ආරංචි උනා කුඩු තොගයක් අල්ලලා තියෙන්නේ කිලෝ ගණන් වලින් නමුත් උසාවියට යනකොට කිලෝ ග්‍රෑම් මිලි ග්‍රෑම් වෙලා කියලා. පට්ටා වලටත් එහෙම වෙයිද? (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Saturday, 18 January 2014 09:50 PM

තේ,රබර්,පොල්,කුරුදු, වගේ වල්ලා වගාකළ යුතුයි නේද ? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 18 January 2014 10:21 PM

කියනවත් වගේ ලංකාවට හොඳ ආර්ථික වාසියක් ගෙනෙන්න පුළුවන් ආර්ථික වගාවක්නේ. ඇයි මේ හැමදේම දන්නවා කියන මහාචාර්යවරු නිහඬ. (නදී)

:       0       0

සරත් Saturday, 18 January 2014 10:37 PM

හොද අදායම් මාර්ගයක් .මොකද උපදේශකයන් නිහඩ.? මැලේසියාව වවනවා. අපට අරමුණක් තිබේද ? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 18 January 2014 10:57 PM

පුළුන් දා ගිය ගෙදර යකඩ ඉතුරු වෙයි ද වගේ සදාචාරය පිරිහුණ රටේ (සිංහ රාජ වනේ) වල්ලා පට්ටා ඉතුරු වෙයිද? (නදී)

:       0       0

මහින්ද ඉතාලිය Sunday, 19 January 2014 01:22 AM

මම හිතන්නේ ඒක වගාවක් හැටියට කරන්න ගත්තොත් වටිනාකමක් නැතිවේවි. ඒක නිසා අපේ රටේ සිංහරාජ වනාන්තරයේම තියන්න ඇරලා ආරක්ෂාව සපයමු.(නදී)

:       0       0

සාදර Sunday, 19 January 2014 03:49 AM

මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? දන්නේ නැති හින්දයි ඇහුවේ ? (නදී)

:       0       0

කමල් ද සොයිසා Sunday, 19 January 2014 05:55 AM

අපේ රටේ මිනිස්සුන්ට පට්ටා වගා සංග්‍රාමයක් පටන්ගත්තා නම් කොච්චර හොඳයිද? පාලකයන්ට මේ පොඩි දේ තේරෙන්නේ නැද්ද? (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 18 January 2014 08:23 AM

වල්ලපට්ටා වලට මෙතරම් ඉල්ලුමක් ඇත්නම් කල් මරන්නේ මොකද? පට්ට ඇමති කෙනකු පත්කර ක්‍රමවත්ව මේවා අපනයනය කලොත් නේද හොද?(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 19 January 2014 10:45 AM

මෙම ශාක විශේෂයට ඉංග්‍රීසි බසින් THYMELAEACEAE (ඖෂඨීය නම) සහ Gyrinops Walla (විද්‍යාත්මක නම) යනුවෙන් හඳුන්වනු ලබන බව අන්තර්ජාලයෙන් දැකගත හැකිය. මෙය මැලේසියාවටත් අප රටටත් පොදු ශාකයක් වගේ. (නදී)

:       0       0

ඉර්පාන් ධර්මා Saturday, 18 January 2014 09:19 AM

චන්ද්‍රා , කට චුට්ටක් අරින්න සීනි ටිකක් දාන්න.(නදී)

:       0       0

අසංක Monday, 20 January 2014 11:25 AM

මෙච්චර වටිනවානම් ලංකාවේ හැමතැනම හිටව්වනම් ඉවරනේ (දී)

:       0       0

දිසා Saturday, 18 January 2014 10:22 AM

තවත් මොන කතාද? ලංකාවම නැතිවෙන්නම වල්ලා පට්ටා වලට වැඩේ දෙයි වගේ.(නදී)

:       0       0

ධම්ම Saturday, 18 January 2014 10:30 AM

අල්ලාගත් දස කෝටියක් වටිනා වල්ලාපට්ටා තොගයට මීළඟට මොකද කරන්නේ? වෙන්දේසියේ විකුණනවාද, (අ)

:       0       0

නිරෝෂාණ් Saturday, 18 January 2014 10:49 AM

වල්ලපට්ටා සංවර්ධනය කර අපනයනය කරොත් නරකම නෑ නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 300 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 475 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 345 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 637 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1277 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 609 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1301 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site