සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ වටිනා වල්ලා පට්ටා තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා ගත් බව පොලීසිය කියයි.
වලාන දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මුදලාලි වෙස්ගෙන ගැණුම් කරුවන් ලෙස ගොස් මෙම වැටලීම සිදු කළේය.
වල්ලා පට්ටා ගසේ කොටස් ගෙන ගොස් ප්‍රංශය වැනි යුරෝපීය රටවල් අති සුඛෝපභෝගී මිල අධික සුවඳ විලවුන් වර්ගයක් සාදන බව වාර්ථා වෙයි.
කැකිරාවෙන්ද වල්ලා පට්ටා තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මාස ගණනක් යනකොට අත්අඩංගුවේ තිබෙන වල්ලාපට්ටාවල බර අඩුවෙන්න ඉඩ තියෙනවා.. එවිට වටිනාකම ද රුපියල් කෝටි පහකින් අඩුවිය හැකියි. (අ)
පොලීසියේ මහත්වරු මේක අල්ලපු හැටි මුළු රටම දැක්කනේ. කීපදෙනෙක් හැර එතන හිටි හැමෝම අහිංසක මිනිස්සු විදියටයි පෙනුනේ. මෙච්චර වටිනවා නම් අපිට වවල විකුනනන් පුළුවන්. දැන් අහුවෙච්ච කුඩු කොහෙද ? මද්‍යසාර කොහෙද? පොලිසියේ වැඩ කිඩ අපි වගේ අහිංසක අසරණ උන්ට තමා. (නදී)
වල්පට්ට වගකළ යුතුයි (අ)
මේ වලපට්ට වලින් මොකද කරන්නේ? ඇයී මෙතරම් මේවා මිල ?(දිල්)
සමහර විට මේ පින්තුරයේ තියෙනේ දස කොටියේම වල්ල්පට්ට නම් ,හැම ගේදරක්ටම පැල තුන හතරක් වාවගන්න දීල විකුණා ගන්න ක්‍රමවේදයක් සකසල දුන්නම අයෙත් මොන සමෘදිය ද, අන්න සුභ අනාගතයට යන්න පාර.(අ)
චන්ද්‍ර , ඔබට වැරදිලා ,මේවා ඔච්චර වටිනවානම් අලුතෙන් කෙනෙක් පත්කොරන්නේ නැහැ ,මොකද වටිනා ඇමතිකම් ඔක්කොම ගොඩගැහිලා තියෙන්නේ එක්කෙනෙකු වටා, (අ)
තෙල් වලට වඩා වටින දෙයක්. එනිසා හැම ගෙයකම එක ගහක් හිටවගන්න. සුළු කාලයකින් ලංකාවේම ඉන්නේ පොහොසතුන්.(අ)
අපේ ගරුතර දේශපාලන උතුමන් කෙනෙකුගේ එහෙම සම්බන්ධයක් නැද්ද මේකට? (අ)
චන්ද්‍රාගේ කතාව ඇත්ත! තවත් කල් මරන්නේ නැතිව වැල්ල පට්ට ඇමති කෙනෙක් පත් කර මෙය දියුණු කලයුතුයි.(නදී)
වල්ලා පට්ට පැල සිටුවීමේ ව්‍යාපාරයක් රට පුරාම දියත් කළහොත් කවුරුත් හොරෙන් කැලේට ගොස් කපන්න අවශ්‍යවන්නේ නෑ නේද? රටට විශාල විදෙස් විනිමය උපයාගත හැකි නම් මේ පට්ට වැඩේට වහා පට්ට ඇමතිවරයෙකු පත්කරන්න රජය පියවර ගතයුතුයි. (නදී)
කලකට ඉහතදී සිංහරාජය හරහා පාරක් කපන්න පටන්ගත්ත නේද ? (නදී)
වල්ල පට්ටා ස්වභාවිකව හැදුනම මේ සුවඳ එන්න වසර 20-30 ක් යනවා. නමුත් අපි වගා කරලා වසර 5 කින් පමණ කඳතැනින් තැනින් සිදුරු කරලා තුවාල කලාම එයට ප්‍රතිචාරයක් ලෙස මේ රෙසිනය හැදෙනවා. ගෙදර වවන්න කිසිම තහනමක් නෑ. නමුත් ඔබ ගෙදර වවනවා නම් වන සංරක්ෂක ට ලිඛිතව දැනුම් දී ලිඛිතව අවසර ගන්න. මොකද කවද හරි කපන දවසට ඔබව අල්ලලා හිරේ දායි සින්හරාජෙන් හොරෙන් කැපුවා කියලා. (නදී)
තව පත් කරන්න ඕන නෑ බලන්න ළගදීම පත් වෙලා පට්ට ටිකට වැඩේ දෙයි නිදන්, මැණික් වලට පත් උනා වගේ මාර ඉල්ලම නෙ.(නදී)
මිනිසුන්ගේ අවදානය වෙන පැත්තකට යවන ප්‍රචාර.(නදී)
ලොකු කට්ටය මේවට ඇහැ ගහගෙන ඉන්නේ. තාම පිඹුරු පත් සකස් කරමින් ඉන්නේ. දන්නවනේ පොඩි එවුන් වගේ අහුවෙන්න කරන්නේ නැහැ.(නදී)
දින කිහිපයකට පෙර පත්තරේක තිබුන කියල ආරංචි උනා කුඩු තොගයක් අල්ලලා තියෙන්නේ කිලෝ ගණන් වලින් නමුත් උසාවියට යනකොට කිලෝ ග්‍රෑම් මිලි ග්‍රෑම් වෙලා කියලා. පට්ටා වලටත් එහෙම වෙයිද? (නදී)
තේ,රබර්,පොල්,කුරුදු, වගේ වල්ලා වගාකළ යුතුයි නේද ? (නදී)
කියනවත් වගේ ලංකාවට හොඳ ආර්ථික වාසියක් ගෙනෙන්න පුළුවන් ආර්ථික වගාවක්නේ. ඇයි මේ හැමදේම දන්නවා කියන මහාචාර්යවරු නිහඬ. (නදී)
හොද අදායම් මාර්ගයක් .මොකද උපදේශකයන් නිහඩ.? මැලේසියාව වවනවා. අපට අරමුණක් තිබේද ? (නදී)
පුළුන් දා ගිය ගෙදර යකඩ ඉතුරු වෙයි ද වගේ සදාචාරය පිරිහුණ රටේ (සිංහ රාජ වනේ) වල්ලා පට්ටා ඉතුරු වෙයිද? (නදී)
මම හිතන්නේ ඒක වගාවක් හැටියට කරන්න ගත්තොත් වටිනාකමක් නැතිවේවි. ඒක නිසා අපේ රටේ සිංහරාජ වනාන්තරයේම තියන්න ඇරලා ආරක්ෂාව සපයමු.(නදී)
මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? දන්නේ නැති හින්දයි ඇහුවේ ? (නදී)
අපේ රටේ මිනිස්සුන්ට පට්ටා වගා සංග්‍රාමයක් පටන්ගත්තා නම් කොච්චර හොඳයිද? පාලකයන්ට මේ පොඩි දේ තේරෙන්නේ නැද්ද? (නදී)
වල්ලපට්ටා වලට මෙතරම් ඉල්ලුමක් ඇත්නම් කල් මරන්නේ මොකද? පට්ට ඇමති කෙනකු පත්කර ක්‍රමවත්ව මේවා අපනයනය කලොත් නේද හොද?(නදී)
මෙම ශාක විශේෂයට ඉංග්‍රීසි බසින් THYMELAEACEAE (ඖෂඨීය නම) සහ Gyrinops Walla (විද්‍යාත්මක නම) යනුවෙන් හඳුන්වනු ලබන බව අන්තර්ජාලයෙන් දැකගත හැකිය. මෙය මැලේසියාවටත් අප රටටත් පොදු ශාකයක් වගේ. (නදී)
චන්ද්‍රා , කට චුට්ටක් අරින්න සීනි ටිකක් දාන්න.(නදී)
මෙච්චර වටිනවානම් ලංකාවේ හැමතැනම හිටව්වනම් ඉවරනේ (දී)
තවත් මොන කතාද? ලංකාවම නැතිවෙන්නම වල්ලා පට්ටා වලට වැඩේ දෙයි වගේ.(නදී)
අල්ලාගත් දස කෝටියක් වටිනා වල්ලාපට්ටා තොගයට මීළඟට මොකද කරන්නේ? වෙන්දේසියේ විකුණනවාද, (අ)
වල්ලපට්ටා සංවර්ධනය කර අපනයනය කරොත් නරකම නෑ නේද? (අ)