අල්ලස් දූෂණ හා වංචා ආදියට හසුවුවන්ගෙන් ඉදිරි මැතිවරණ වලදි නාම යෝජනා භාර නොගන්නා ලෙසට රජයෙන් ඉල්ලමින් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේදි කළ යෝජනාවක් ඒකමතිකව සභා සම්මත විය.
පසුගිය කාලයේ ප්‍රා දේශීය සභා ගණනක සිදුවිම් අළලා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සනත් අධිකාරම් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය
මෙම යෝජනාව එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනක කුමාරසිරි විසින් ස්ථීර කැරීණි.
වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරාළ අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලයො විතරයි අහු වෙන්නෙ. ගුරාලා කවදාවත් අහුවෙන්නෙ නැහැ. (නි)
දුසිතයෝ බව දෙසපලකයෝ දන්නවා එහෙම දෙනගෙනත් ඇයි ඔවුන්ට මනාපය දෙන්න කියල අපිව පොලබවන්නේ (දී)
අල්ලස් දෙන අයව මුලින්ම අත්අඩංගුවට ගත යුතුයි. මොකද දෙන නිසානේ ගන්නේ (නි)
මේක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් (නි)
අවුරුදු 30 ක යුද්ධය නිම කරපු රජයකට, මේ පාතාලයත් , දේශපාලන හොරුත් නැතිකරන්න බැහැ කියන එක පිළිගන්න අමරුයි. හැබැයි යුද්ධය ජය ගත්තේ ජනාදිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමාගේ දක්ෂතාවයෙන් නම් , මේ දුශිතයන්ගෙන් රට නිදහස් කර ගන්න එතුමලාට පුළුවන් වෙන්න ඕනෑ. එතුමන්ලාට ඒ දෙය කරන්න බැරි නම් ඉන් ඔප්පුවෙන්නේ සරත් පොන්සේකා මහතා නැතුව කිසිත් කරන්න බැරි බවයි. ඊලග නිදහස් අරගලය වන්නේ පාතාලයෙන් ,දුෂිත දේශපාලනයෙන් සහ දුෂිත රාජ්‍ය සේවයෙන් මේ රට නිදහස් කරගැනීමේ සටනයි. වගකිවයුත්තන්ට එය කළ නොහැකිනම් ජනතාව එය කළ හැකි කෙනෙක් සොයා ගනීවි. (නි)
අල්ලස් ගැනීම හා දුෂණ වලට යොමු වන්න බලය ලැබෙන්නේ බලයට පත් වූ පසුව නේද කියලා මේ උගතුන්ට නොපෙනුනේ මොන අවාසනාවකටද මන්දා?රටේ පවතින ක්‍රමය තුල මෙම ක්‍රියාවන් මැඩ පැවැත්වීමට සක්‍රයා ආවත් නොහැකිය (නි)
ඉතාම හොඳින් කල්පනාකරලා ඉදිරිපත් කල යෝජනාවක්. "වංචා දුෂණ ආදියට හසුවන්නන්" එහෙම නේද? හඃ හඃ හාහ් අහුවෙන්නේ පොඩ්ඩෝ විතරනේ මහත්තුරුනේ. 'අහු නොවෙන' කට්ටියට ප්‍රශ්නයක් නැහැනේ මේ යෝජනාවෙන්. හොඳ මොලේ!.(නදී)
පගාව තුරන් කල යුතුයි. ලගදිත් 15000 පගාව අරගෙන කොටු උනේ. අවංක බාවය මුදලින් තක්සේරු කරන්න පුළුවනි. ලැබෙන්නට යන ගාන අනුව බැහැ වෙනස් වෙනවා. (නදී)
වැඩේ තියෙන්නේ ඡන්දෙ ගත්තට පස්සෙනේ. ලොකු අය කරන දේවල් තමයි පොඩි අය කරන්නේ. අහු වෙන්නේ ඔය පොඩ්ඩෝ ටික තමා (නි)
ලොක්කා අහු වුනේ කුමන්ත්‍රණයක් නිසා වෙන්න ඇති (නි)
මේ යෝජනාව ක්‍රියාත්මක වුනොත් කිසිම කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න බැරි වෙනවා (නි)
නිමා, මම ඔබ සමග එකගයි. දැන්නම් දේශපාලකයෝ එපා වෙලා තියෙන්නේ. ඔය අතර මව්වරු කීප දෙනෙකුත් ඉන්නවා. අපි මේ මහත්වරුන්ටත්, මහත්වරු ඉදිරිපත් කරන පක්ෂ වලටත් පමණක් ඡන්දෙ දෙමු. බොහෝ විට අපේ ඡන්දදායකයා වැරදි පුද්ගලයින්ට තමා ඡන්දෙ දෙන්නේ. (නි)
මනාප ක්‍රමයෙන් දූෂිතයන් පන්නා දැමීමේ හැකියාව ජනතාවට ලැබී තිබෙනවා. ඒත් ජනතාව ඒකෙන් වැඩක් ගන්නෙ නැහැ. (නි)
ඕක ගිහින් ඔයගොල්ලන්ගේ ලොක්කන්ට කියන්න. (නි)