අල්ලස් දූෂණ හා වංචා ආදියට හසුවුවන්ගෙන් ඉදිරි මැතිවරණ වලදි නාම යෝජනා භාර නොගන්නා ලෙසට රජයෙන් ඉල්ලමින් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේදි කළ යෝජනාවක් ඒකමතිකව සභා සම්මත විය.
පසුගිය කාලයේ ප්‍රා දේශීය සභා ගණනක සිදුවිම් අළලා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සනත් අධිකාරම් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය
මෙම යෝජනාව එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනක කුමාරසිරි විසින් ස්ථීර කැරීණි.
වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරාළ අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටී
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුෂිතයින් පිටු දකිනු
නිමල් ජයසිංහ Thursday, 18 July 2013 08:26 AM
ගෝලයො විතරයි අහු වෙන්නෙ. ගුරාලා කවදාවත් අහුවෙන්නෙ නැහැ. (නි)
සේන Saturday, 20 July 2013 07:49 PM
දුසිතයෝ බව දෙසපලකයෝ දන්නවා එහෙම දෙනගෙනත් ඇයි ඔවුන්ට මනාපය දෙන්න කියල අපිව පොලබවන්නේ (දී)
මංජු Thursday, 18 July 2013 09:25 AM
අල්ලස් දෙන අයව මුලින්ම අත්අඩංගුවට ගත යුතුයි. මොකද දෙන නිසානේ ගන්නේ (නි)
කුමාර් Thursday, 18 July 2013 09:26 AM
මේක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් (නි)
ප්‍රසන්න Wednesday, 17 July 2013 11:40 PM
අවුරුදු 30 ක යුද්ධය නිම කරපු රජයකට, මේ පාතාලයත් , දේශපාලන හොරුත් නැතිකරන්න බැහැ කියන එක පිළිගන්න අමරුයි. හැබැයි යුද්ධය ජය ගත්තේ ජනාදිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමාගේ දක්ෂතාවයෙන් නම් , මේ දුශිතයන්ගෙන් රට නිදහස් කර ගන්න එතුමලාට පුළුවන් වෙන්න ඕනෑ. එතුමන්ලාට ඒ දෙය කරන්න බැරි නම් ඉන් ඔප්පුවෙන්නේ සරත් පොන්සේකා මහතා නැතුව කිසිත් කරන්න බැරි බවයි. ඊලග නිදහස් අරගලය වන්නේ පාතාලයෙන් ,දුෂිත දේශපාලනයෙන් සහ දුෂිත රාජ්‍ය සේවයෙන් මේ රට නිදහස් කරගැනීමේ සටනයි. වගකිවයුත්තන්ට එය කළ නොහැකිනම් ජනතාව එය කළ හැකි කෙනෙක් සොයා ගනීවි. (නි)
චානක. Thursday, 18 July 2013 12:23 AM
අල්ලස් ගැනීම හා දුෂණ වලට යොමු වන්න බලය ලැබෙන්නේ බලයට පත් වූ පසුව නේද කියලා මේ උගතුන්ට නොපෙනුනේ මොන අවාසනාවකටද මන්දා?රටේ පවතින ක්‍රමය තුල මෙම ක්‍රියාවන් මැඩ පැවැත්වීමට සක්‍රයා ආවත් නොහැකිය (නි)
උපාලි Thursday, 18 July 2013 01:25 AM
ඉතාම හොඳින් කල්පනාකරලා ඉදිරිපත් කල යෝජනාවක්. "වංචා දුෂණ ආදියට හසුවන්නන්" එහෙම නේද? හඃ හඃ හාහ් අහුවෙන්නේ පොඩ්ඩෝ විතරනේ මහත්තුරුනේ. 'අහු නොවෙන' කට්ටියට ප්‍රශ්නයක් නැහැනේ මේ යෝජනාවෙන්. හොඳ මොලේ!.(නදී)
බමුණු Thursday, 18 July 2013 03:44 AM
පගාව තුරන් කල යුතුයි. ලගදිත් 15000 පගාව අරගෙන කොටු උනේ. අවංක බාවය මුදලින් තක්සේරු කරන්න පුළුවනි. ලැබෙන්නට යන ගාන අනුව බැහැ වෙනස් වෙනවා. (නදී)
නිම් Wednesday, 17 July 2013 06:13 PM
වැඩේ තියෙන්නේ ඡන්දෙ ගත්තට පස්සෙනේ. ලොකු අය කරන දේවල් තමයි පොඩි අය කරන්නේ. අහු වෙන්නේ ඔය පොඩ්ඩෝ ටික තමා (නි)
සරත් Wednesday, 17 July 2013 07:03 PM
ලොක්කා අහු වුනේ කුමන්ත්‍රණයක් නිසා වෙන්න ඇති (නි)
දම්මි Wednesday, 17 July 2013 07:04 PM
මේ යෝජනාව ක්‍රියාත්මක වුනොත් කිසිම කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න බැරි වෙනවා (නි)
උපුල් Wednesday, 17 July 2013 07:06 PM
නිමා, මම ඔබ සමග එකගයි. දැන්නම් දේශපාලකයෝ එපා වෙලා තියෙන්නේ. ඔය අතර මව්වරු කීප දෙනෙකුත් ඉන්නවා. අපි මේ මහත්වරුන්ටත්, මහත්වරු ඉදිරිපත් කරන පක්ෂ වලටත් පමණක් ඡන්දෙ දෙමු. බොහෝ විට අපේ ඡන්දදායකයා වැරදි පුද්ගලයින්ට තමා ඡන්දෙ දෙන්නේ. (නි)
ජෝසප් පෙරේරා Thursday, 18 July 2013 07:35 AM
මනාප ක්‍රමයෙන් දූෂිතයන් පන්නා දැමීමේ හැකියාව ජනතාවට ලැබී තිබෙනවා. ඒත් ජනතාව ඒකෙන් වැඩක් ගන්නෙ නැහැ. (නි)
පිටිගල මිලානෝ Wednesday, 17 July 2013 07:12 PM
ඕක ගිහින් ඔයගොල්ලන්ගේ ලොක්කන්ට කියන්න. (නි)