වත්මන් රජය දූෂිතයන් අල්ලන්නේ මහින්ද රාජපක්ෂ රජය පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරයට නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
වකුගඩු ජාවාරම සම්බන්ධ වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට යොමු කළ බව ද, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු ගැන ද එහි ඇතුළත්ව ඇති බව ද ඇමැති කීවේය.
ලංකාවේ ඖෂධ හිඟයක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
ඇවන්ගාඩ්, බොදුබල සේනා, ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම, ඖෂධ පනත, ඖෂධ අධිකාරිය ඇතුළු මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් ඇමැතිවරයා සමග කළ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
(වීඩියෝ අශේන් සේනාරත්න, වීඩියෝ සැකසුම කෞෂල්‍ය සමින්ද)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කට ඇරියොත් කියන්නේම බොරු (නි)
මමත් පුද්ගලිකව රාජිතට කැමති නැහැ. ඒත් මේ ඔහු කියන දේවල් ඇත්ත. මේ අදහස් දක්වන අය මොකට බනිනවද කියලා හිතාගන්න බැහැ (නි)
මහත්තයෝ, ඕකද ලංකාවේ දැනට තිබෙන බරපතළම ප්‍රශ්නය? (නි)
එතකොට ඔබතුමාලා රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න කාලෙදි කරපුවා? (නි)
රටේ ජනයා දෙපිල බෙදී එවැනි ඇමතිලා ගැන, ඔවුන්ගේ සුරඟන කතාවලට රැවටී ගහමරා ගනිති. තවත් මොන කතාද? (නි)
රටේ ඖෂධ හිඟයකුත් නැත්නම්, සෞඛ්‍ය සේවයත් ඔය කියන හැටියට හොඳ නම්, මොකද සෞඛ්‍ය ඇමති පොඩි අසනීපයටත් සිංගප්පුරුවේ සුපිරි රෝහලකට දුවන්නේ? (නි)
අල්ලස් කොමිසමෙන් එන්න කිවුවොත් විරුද්ධ පක්ෂයේ නම් එක පාරයි නේද එන්න කියන්නේ? දෙවැනි පාර අත්අඩංගුවේ. (නි)
ඔබතුමාට විරුද්ධවත් එෆ් සී අයි ඩී එකේ චෝදනා තිබෙනවාද? (නි)
රාජපක්ෂ කාලේ ඇල්ලුවෙම නැහැනේ. (නි)
මෙතුමා කියන බෙහෙත් ගන්න නම් ඖෂධ අධිකාරියක් ඕනෑ නැහැනේ. මෙතුමාටම ඕනෑ බෙහෙත් ගෙන්න ගන්න කියන්න (නි)
කතාව විතරයි (නි)
මේ කියන්නේ තත්වයෙන් බාල බෙහෙත් වලට ලංකාවේ දොර අරින්න කියලද? ඉන්දියාවේ බෙහෙත් කොහොමත් බාලයිනේ (නි)
රාජපක්ෂ ක්‍රමයට නෙමෙයි නම් සේනාරත්න ක්‍රමයටද අල්ලන්නේ. ඒකද මෙච්චර කල් එකක්වත් ඔප්පු කරන්න බැරිවුණේ? (නි)
ඖෂධ හිඟයක් නැත්නම් මොකද රජයේ රෝහල්වල ලෙඩුන්ට පිටින් බෙහෙත් ගන්න කියන්නේ. (නි)
ඔබ තුමාට නැව් කීයක් තිබෙනවද ? අපේ දත් ගලවලද ආයෝජනය කළේ දෙගොල්ලොම එකතුවෙලා ගහල ගොඩ බෙදා ගන්න බැරුව අපි තමා මෝඩයෝ (බ)
එතකොට බාලවයස්කාර ළමයි ගෙදරකින් අරගෙන යන්නේ මොන ක්‍රමයටද? (නි)
අළුත්ම ක්‍රමයක් වෙන්න ඇති (නි)
එහෙනම් හොරු ටික අල්ලලා දෙන්නකෝ්.(හේ)
ඖෂධ හිඟයකුත් නැත්නම්, රජයේ රෝහලුත් සෞඛ්‍ය ඇමති කියන ලෙස හොඳ නම්, මොකටද ඇමති සුළුදේටත් සිංගප්පුරුවේ සුපිරි රෝහල්වලට දුවන්නේ ජනතාවගේ සල්ලි වලින්ම? මෙන්න යහපාලනය! (නි)
ඒ ක්‍රමයට නොවේ නම් මොන ක්‍රමයටද?(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
රාමන්, කෝ ලැම්බෝගිනි? කෝ ප්ලේන්? (නි)
මෙතුමාගේ කථාව සම්පූර්ණ ඇත්ත. රාජපක්ෂ කාලේ සිදුවුණේ චෝදනා හදලා අත් අඩංගුවට ගැනීම. දැන් සිද්ධ වෙන්නේ අත් අඩංගුවට ගෙන චෝදනා හැදීම (බ)
ඔය කටින්ම නේද මහින්ද මැතිතුමාට ප්‍රශස්ති ගායනා කළෙත්? (නි)
අනේ කයිවාරු ගහන්නන එපා. තවමු අල්ලපු හොරෙක් නම් නැහැ. දඬුවම් විඳින එකේවත් නැහැ. (අ)
මෙතුමාගේ නැවූ අල්ලනේ කවද ද දන්නේ නැහැ නේද ? (අ)
මේ වගේ අයට ඡන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවනේ ඇත්තට. (නි)
මේවගේ වාචාල කටක් කවදාවත් දැකල නැහැ. කටින් බතල හිටවන වාචාල කමට කියවන දේශපාලකයෙක් (අ)
මේකද දන්නේ නැ කියන අන්තිම බොරුව. (අ)
කොහොමද ඉතින්? සිංගප්පූරු යන්න කලින් බොමුද සීතල වතුර ටිකක්? (නි)
එතකොට අර අල්ලස් කොමිසමෙන් මඟහරිනවයි කියන ඇමතිවරයා ඔය අළුත් ක්‍රමයට අනුව යන කෙනෙක්ද? (නි)
ජනතා තීන්දුව ලැබෙන දිනය වැඩි ඈතක නොවේ (නි)
හැබැයි දුෂිතයන් පරීක්ෂණ මඟහරින්නේ නම් රාජපක්ෂ ක්‍රමයටයි (නි)
වෙන්න පුළුවන්.(හේ)
කොහොමහරි කමක් නැහැ අල්ලනවා නම් (නි)
එහෙනම් වෙන විශේෂ ක්‍රමයකටද? (නි)
මේ ගොල්ලන්ට ඡන්දය දෙන අය ඉන්නවනේ. තව බොරුවලට රැවටෙන්නේ නැහැ. (ර)
මේ එක්කමද රෝහලට ඇතුළත් කරලා තියනවනේ. පවු! (නි)
මාගේ යහළුවෙකුගේ කොදු ඇට පේළියේ ස්නායු පද්ධතියේ ඇතිවූ ප්‍රශ්නයක් නිසා ශෛලකර්මයක් කිරීමෙන් පසුව ඔත්පල විය. මේ නිසා ඔහු ජීවත්වුයේ බෙහෙත් බලයෙනි. මේ බෙහෙත් මිලත් ඉතා අධික විය. නමුත් හිතු තරම් ප්‍රතිඵල නොවීය. පසුව මා විසින් ප්‍රංශයෙන් එම බෙහෙතම මිලදීගෙන යැවූ විටදී මා මිතුරා ප්‍රකෘති තත්වයට පත්විය. ඉන්දීය නිෂ්පාදන වල ඇත්ත තත්වය මා හොඳින් තේරුම් ගත්තෙමි. (නි)
මේවා කරන්නේ මොන ක්‍රමයටද? (නි)
කාලය නරකයි වගේ. කේන්දරය බලාගන්න. (නි)
මොන විදිහට කළත් දඩයම් කිරීම නේද? (නි)
යහපාලනය නිසා ඔබතුමාලා නම් ගොඩ ගියා නේද? අනේද අපේ රටේ නීතිය? (නි)
මොන ක්‍රමයට ඇල්ලුවත් තවම එක් කෙනෙක්වත් නැහැනේ (නි)
වර්තමාන රජයේ දූෂිතයින් ගැන හොයන්නේ කවදාද? (නි)
නියම විදියට පසුගිය කාලේ සොරු, වංචාකරුවන්, දුෂකයන් ඇල්ලුවොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
රාජපක්ෂ ක්‍රමයටවත් වික්‍රමසිංහ ක්‍රමයටවත් නෙමෙයි හොරු අල්ලන්න ඕනෑ, රටේ වලංගු නීතියට අනුවයි. (නි)