IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දින දෙකක් පැවැත්විණ.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීම ඊයේ(19) සිදුකෙරුණු අතර පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණේ ඉන් අනතුරුවය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දුන්නේය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කෙරිණ.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.

එසේම දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් නව පනතින් සුරක්ෂිත කෙරෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

 



අදහස් (1)

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මතයි

RAVI Thursday, 20 July 2023 05:44 PM

wow දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්න බැරි වෙනවා , 90% ක් ම හිරේ යනවා නෙහ්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site