රජය ජනතා විශ්වාසය ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි ‘දුෂණ විරෝධී හඬ’ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
වංචාවට දුෂණයට තිත තබා ඒවාට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන බව කියමින් බලයට පත්වූ රජය මේ වනවිට දඬුවම් කිරීම පසෙක තබා ඔවුන් ආණ්ඩුවේ කොටස්කරුවන් කරගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ සිදු වූ වංචා දුෂණ සම්බන්ධයෙන් දුෂණ විරෝධී හඬ සංවිධානය ද මෙම වසර තුළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශ කොමිසම ආදී ආයතනයන්ට පැමිණිලි 170ක් පමණ කළ ද ඒවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ නිමා කළ පැමිණිලි 40ක් පමණ මේ වන විට ඇතත් ඒවාට ක‍්‍රියාමාර්ග ගැනීමට ඇතැමුන් ඉඩ නොදෙන බව වාර්තා වී ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.
මෙලෙස ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පා මෙම මස 23 වැනි දා කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට ද තම සංවිධානය කටයුතු යොදා ඇතැයි කී වසන්ත සමරසිංහ මහතා ඒ සඳහා සම්බන්ධ වන ලෙස යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එක්වූ සියලූ පාර්ශවයන්ට ආරාධනා කරන බව ද කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීමෙන් නිදහස්වීම (ම)
කණගාටුදායක පුවතක්. ජනතාව වෙත බලාපොරොත්තු ඇති කර ඒ සදහා විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම තුළ නව යහපාලන දේශපාලනය කෙරෙහි ජන විශ්වාසය බරපතල ලෙස පළුදු වීමට මුලකි. (බ)
ටිකක් ඉවසලා ඉන්න. විධායක ජනාධිපති ධුරයත් අහෝසි කරනතුරු. එහෙමවත් අපි හිත හදා ගනිමු.(ම)
දුමින්ද ඔබ මොකද්ද අදහස් කළේ වගකීමෙන් නිදහස් වීම කිවම, මං හිතන්නේ මේක හොද ප්‍රවනතාවයක්, පෙරලුන රජයෙන් මොකවත් කෙරුනෙත් නැහැ අලුත පත්වුන රජයට මුල ඉදලම ජනතා පීඩනය දැනෙන්න දෙන්න ඕන, දැන් ආණ්ඩුවේ ඉදන් හොරුන් රකින පිරිස හෙළි කරන්න ඕන, පරීක්ෂණ කටයුතු නිම කළ ෆයිල් තියාගෙන ඉන්නවලු නඩු දාන්නේ නැතුව, එහෙම වෙන්න දෙන්න බැහැ, මේවා ගැන විපක්ෂය ප්‍රශ්න කරන්න ඕන, අන්න එ්කයි වගකීම විපක්ෂයේ, අර කෝකටත් බුරන විපක්ෂය සැබෑ ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරනවා අපි දන්නේ නැහැ කවදාවත්. ජිනිවා මතුරනවා ඇරෙන්න (බ)
හැමදාම දූෂණ ඒත් වරදක් කරපු කෙනෙක් නෑ.(හේ)