බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි වළල්ලාවිට ඩබ්ලිව් මංජුල නම් පුද්ගලයකුට කලුතර මහාධිකරණයෙන් නියම කළ වසර දොළහක සිර සිර දඩුවම ඉවත් කළ අභියාචනාධිකරණ සැකකරු නිදහස් කරන්නැයි නියෝග කළේය.
සැකකරු සිර භාරයේ තබා ගැනීමට බන්ධනාගාරයට බලයක් නැති නැති හෙයින් ඔහු වහා නිදහස් කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ජේ ආබෘ සහ ඩබ්ලිව් ඩී සී ජයතිලක මහත්වරු නියෝග කළහ.
අභියාචනාධිකරණයෙන් තීරණය වුයේ දැරිය බලහත්කාරයෙන් කෙළෙසු බවට සාක්කි ඉදිරිපත් වී නැති බවයි.
පැමිණිල්ල සැකයෙන් තොර ඉදිරිපත් කැර නැතැයි ද අභියාචනාධිකරණය කියා සිටියේය.
දැරිය හා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය සැකකරු ඇය පැහැරගෙන ගිය බවට චෝදනා කරමින් නඩුව පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හොදම නීති පද්ධතිය තියෙන්නේ ලංකාවේ. ඒකට අරාබි නිතිය. මෙලෝ රහක් නෑ (නදී)
බාල වයස්කාර දැරියක්ලු. බලහත්කාරයෙන් දූෂණය කල බවට සාක්ෂි නැතිලු. මේක අණ්ඩර දෙමලයක්ද, අණ්ඩර නීතියක්ද? (නදී)
බලවයස්කරුවෙක් හෝ කාරියක් ඔහුගේ හෝ අයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව දෙමාපිය හෝ භාරකරුගෙන් මුදා රැගෙනයාම පැහැරගෙන යාමක් ලෙස නීතියේ පැහැදිලිව දක්වා තිබේ. එලසම බාලවයස්කරු/කාරිය සමග කැමැත්තක් ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක් සිදුකිරීම ස්ත්‍රී දුෂණයකට වඩා බරපතල දඩුවම් සහිත වරදක්. නඩුව ගොනුකිරීමේ දෝෂ සහිත බව මෙයට බලපා තිබේද ? (නදී)
කාලයාගේ ඇවෑමෙන් සමහර නඩුවල අවසානය ඔහොම වෙනවා, දැරිය තනිව කෙලෙසිලා. ඉතින් රටේ අපරාධ දුසන අඩු වේවිද? (නදී)
මේයාට පළාත් සබාවට තරඟ කරන්න හොඳටම සුදුසුකම් තියෙනවා. අති විශිෂ්ට තීන්දුවක්. මුන්ටත් දරුවෝ ඉන්නවද ? (නදී)
පෙම් ලෝකයේ හොරෙන් හෝ එළිපිට කරන දේවලුත් අධිකරණයට ගෙනල්ලා පොලිසිය ලකුණු දාගන්න කරන වැඩ වලින් වෙනත් වැදගත් නඩු ඇසීමට තියෙන කාලය, ධනය හා ශ්‍රමය මේ අන්දමට විනාශ කිරීම සාධාරණද ? (නදී)
මෙන්න අපේ රටේ නීතිය. බාල වයස් කාරියෙක් බලහත් කාරයෙන් හෝ පොළඹවා ගැනීමෙන් කාමයෙහි හැසිරීම දූෂණයක් බවයි සඳහන් වෙන්නේ. මේ මොකද වෙලා තියෙන්නේ. එතකොට දූෂණයක් වෙලා නැද්ද? (නදී)
මේක දුෂකයින්ට හොද ආරංචියක් (දී)
ස්වභාවධර්මයට සියල්ල තීරණය කරාවි (දී)
වැරදි කරුවන්ට බුදුදහම අනුව දඩුවම් ලැබේවි (දී)
අන්න හරි ,අභියාචනාධිකරණය නිවැරදියි.සියලුම ස්ත්‍රී දුෂකයින් නිදොස් කොට නිදහස් කලයුතුයි (දී)