|
|
|
|
|
|
|
මේනකා අද ටෙලිනාට්‍යවල රඟපාන ඔබ ගැන බොහෝ දෙනා වැඩිපුර කතා වෙන්න පටන් ගත්තෙ?
සිරස ඩාන්සින් ස්ටාර් නිසයි.
රඟපෑමට අවස්ථා ලැබුණෙ ඒ නිසාද?
කලාව වෙත ඕනෑකමින්ම හඹාගෙන ගියේ නැහැ. මම හිතන්නෙ ඒක මගේ සහජ හැකියාව වෙන්න ඇති. ඒ හැකියාව මට ලැබුණු දායාදයක් වෙන්න ඇති. මට අවශ්‍ය වුණේ බැංකු නිලධාරිනියක වීමටයි. ඉගෙන ගත්තෙ ඒ අරමුණින්.
බැංකු නිලධාරිනිය කලාවට ආවාම මොනවද හිතුණේ?
ගොඩාක් සතුටු හිතුණා. මගේ හැකියාව පෙන්වන්න තිබූ දෙයක් කියලා හිතුවා. පාසල් කාලයේ ඉඳලම නැටුමට ආසා කළා. ඊට අමතරව ඒ කාලයේ ඉඳලාම කී‍්‍රඩා අංශවලටත් දායක වුණා. අත්පන්දු කී‍්‍රඩාව සහ මළල කී‍්‍රඩා කළා. එල්ලේ කී‍්‍රඩාවත් කළා.
මළල කී‍්‍රඩාවලට මොනවද කළේ?
මීටර 100 දිවීමේ ඉසව්ව
ජයග‍්‍රහණ එහෙම ලැබුවද?
දෙවැනියා වෙලා තියෙනවා.
අදත් දුවන්න පුළුවන් ඇති නේද?
අද මම ටිකක් විතර තරබාරු වෙලා. ඒ නිසා දුවන්න පුළුවන් රිද්මයක් ඇඟේ නැහැ.
බොහෝ අය රඟපාන්න එන්නෙ රූපවාහිනී වැඩ සටහන් සමගයි. ඔබ රඟපෑම තෝරාගත්තෙත් ඒ විදියටයි. ඒ ගැන කොහොමද හිතන්නෙ?
හැකියාව තියෙන අයට එය ලොකු අවස්ථාවක්. මොකද හැකියාව තිබුණත් අවස්ථා නොලැබෙනවා නම් එයින් ඇති වැඩක් නැහැ.
නැටුමින් කරළියට ආ ඔබ නැටුම වෙනුවෙන් අද මොනවද කරන්නෙ?
නර්තන අංශයෙන් දකුණු ආසියානු නර්තන තරගාවලියට එක්වුණා. එහිදී ලයින් ඩාන්ස් (පෙළ) සහ හිප් හොප් අංශයෙන් පළවැනියා වී ලංකාවට ජයග‍්‍රහණ ගෙන දෙන්න පුළුවන් වුණා.
ඇයි එය දිගටම නොකළේ?
පසුකාලීනව අතක ආබාධයක් ඇති වුණා. දැන් ඒ නිසා වෛද්‍ය උපදෙස් මත එය කරන්නෙ නැහැ. තාවකාලිකව නතර කරලයි තියෙන්නෙ.
රඟපෑම මොනවගේ දෙයක් කියලද හිතන්නෙ?
නැටුම වගේ එය ඕනෑම කෙනෙකුට පිහිටන දෙයක් නොවෙයි. කීප දෙනෙක් වෙතින් විතරයි දකින්න පුළුවන්. කොච්චර ඉගෙන ගත්තත් හැකියාව නැතිනම් රඟපාන්න බැහැ.
ඔබ ඔබගෙ රංගනය ගැන සෑහීමකට පත්වෙනවද?
සීමිත චරිත කීපයකට කොටු නොවී රඟපාන්න ආසයි. මේ නිසා බොහෝ චරිත බාරගන්නෙත් නැහැ.
ඒ කිව්වෙ?
බොහෝ වෙලාවට ලැබෙන්නෙ එක වගේ චරිත. ඒ නිසා ඒව භාරගන්නෙ නැහැ.
වැඩියෙන්ම ලැබුණෙ මොනවගේ චරිතද?
පරාජිත පෙම්වතියගේ චරිතයි.
ඇයි එහෙම වෙන්න ඇත්තෙ?
ඕනෑම කෙනෙකුට පෙම්වතියගෙ චරිතය රඟපාන්න ලෙහෙසියි. ඒත් දුෂ්ඨ චරිතය රඟපාන්න අමාරුයි.මොකද අහිංසක කෙනාට නපුරු වෙන්න අමාරු නිසා.
ඔබ නපුරු චරිත රඟපාන්නෙ අහිංසක නැති නිසාද?
අවස්ථානුකූලව අහිංසක වෙලාවට මම අහිංසකයි.
සැබෑ ජීවිතයේදි ඔබ පරාජිත පෙම්වතිය වෙලා නැද්ද?
අපෝ නැහැ.
ඒ කියන්නෙ ඔබ පේ‍්‍රමය ජයගත් පෙම්වතියක්?
ඔව් ... ඔව් ...
ඒ ගැන කිව්වොත්?
කරදරයක් නැතිව පේ‍්‍රමය විඳින්න පුළුවන් නම්, එය හොඳ දෙයක්. ආදරය තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි.
”මේනකා” කිව්වාම කොහොම කෙනෙක්ද?
හොඳට ඉතා හොඳ, නරකට ඉතා නරක කෙනෙක්.
නරක වෙන්නෙ මොනවගේ අවස්ථාවලදීද?
මට හෝ තව කෙනෙකුට අසාධාරණයක් වෙනවට මම කැමැති නැහැ. ඒ වෙලාවට මම නරකයි.
ඔබ හැබෑවට හර්ෂනී මිස් වගේ වුණා නම්?
හැබෑවට එහෙම වුණා නම් මෙච්චර දේ වෙනකල් බලාගෙන ඉන්නෙ නැහැ. ඕනෑම දෙයක් වෙනුවෙන් බාල්දු වෙන කෙනෙක් නෙවෙයි මම.
ජීවිතය දැනෙන්නෙ කොහොමද?
එය හරියට ආදරය කරනවා වගේ සුන්දර දෙයක්. හොඳින් ජීවත් වුණොත් ජීවිතය සුන්දරයි. අප ජීවත්වන රටාව අනුව තමයි එය සිදුවන්නෙ.
හැඩගැන්විම් - සැලෝන් නිලූකා කොඩිකාර
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දුෂ්ට චරිතය රඟපාන්න අමාරුයි ’
සඳරුවන් Friday, 26 July 2013 09:25 PM
ජීවිතය සුන්දර නෑ.ජීවිතය හරියට මහා සාගරයට අහුවෙලා යන පිදුරු කෑල්ලක් වගේ අපිත් මේ සංසාරේ නොයෙක් දුක් කන්දරා විඳිමින් සසර නමැති සාගරයෙයි මේ ජීවත් වන්නේ. (අ)
රජිත් ඉතාලි Friday, 26 July 2013 11:25 PM
කලාකරුවන්ගෙන් කලාවට වෙච්ච අසාධාරණයට කෑගහන්න ඕනෑ ප්‍රේක්ෂක අපි. (නි)
විනොත් Thursday, 08 August 2013 07:26 PM
මා ගාවහොඳ කතාවක් තියනවා කරමුද මේනක නංගි (අ)
නෙවිල් වික්‍රමසුරිය Saturday, 27 July 2013 02:48 PM
ඔබ රගපාන චරිතයට ගොඩක් කැමතියි. ඉතාමත් දක්ෂ ඡායා නාටකයේ හොදම චරිතයට මුල් තැන ඔබට ලැබෙන්න ඕනේ. (නදී)