‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ ‘මිස් ඇක්ටිව්ට්‘ වඩාත් කාර්යශූර රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල් අද ජයග්‍රහණය කළාය.
බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවති අභියෝගාතාමක තරග කිහිපයකින් පසුව ඇය ඒ සදහා සුදුසුකම් ලැබුවාය.
වතුර පිරැවූ බේසමක වතුර නොඉහිරෙන ලෙස දෙපයින් රැගෙන ගොස් බෝතලයකට පිරැවීම සාර්ථ ලෙස ඇය ඉටු කළාය.
දිවයිනට පැමිණි මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය යුවතියෝ විසිපස් දෙනෙක් මෙම අභියෝගාත්මක තරගාවලිය සදහා ඉදිරිපත් වුහ. ඉන් අවසන් අභියෝගාත්මක ක්‍රීඩා ඉසව්ව මනා ඉවසීමකින් ඉතා දක්ෂ ලෙස නිම කිරීමට නිඛිලා නන්දගෝපාල් සමත් වුවාය.
ඇය (18) බැංගලෝරයේ උසස් බාලිකා විදුහලේ 12 වෙනි ශ්‍රේණියේ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරයි.
ඇය මින් පෙර ශ්‍රී ලංකාවට දෙවරක් පැමිණ ඇති බව කීවාය. ඇය තමාගේම් මෝස්තර නිරූපන සමාගමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නීය.
සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝස් මෙහි අනුග්‍රාකත්වය දරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලට අනුග්‍රහය දක්වන ආයතන අපේ රටේ තියන අඩුපාඩු හෝ වෙනත් සත් ක්‍රියාවන් සදහා අවදානය යොමු කරනවානම් මීට වඩා හොදයි. (දී)
ඉන්දියාවේ වත් මෙයාලට මෙහෙම ප්‍රසිද්දියක් දෙන්නේ නැතිව ඇති ඉතින් මෙහෙ මොකටද මෙයාලව අගයන්නේ????????? අපේ රටේ කරන්න වෙන වැඩක් නැද්ද (දී)
මේවගේ රුකඩ ලංකාවට ගෙන්න ගත්තට වෙන රටවල් එහෙම කරන්නේ නැතුව ඇති. (දී)
ගුනවර්දන මහත්තයෝ ඉන්දියන් ගැනු ආරක්සා කලාම අද්ද?? (දී)
මම මහේෂ්ගේ අදහසට එකගයි (දී)
අනේ හරිම ලස්සනයි (දී)
මේවා අපිට නම් ඇත්තටම මෝඩ සතුටු (දී)
හොද වෙඩක් (ත)
අපේ මෝඩයන්ට ඉන්දියාවේ නිළියෝ කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ (අ)
මල කෝලන් !!! (අ)
හොද වැඩක්
ලංකාවේ වෙන ප්‍රශ්න නැති නිසා මෙහෙම දේවල් කරන එකත් ලොකු දෙයක්. (අ)
අපේ අම්මලට දඹදිව ගිහින් එන්නනම් මේ වගේ පහසුකම් නැහැ .(අ)
පිස්සු (අ)
රටේ ප්‍රස්න තියද්දි තවත් එකක්.........,..(ස)
මෝඩ රටේ මෝඩ වැඩ. (අ)
උත්සවය අවසානයේ මේ දැරියන් ආරක්ෂා කාරීව නැවත ඉන්දියාවට යවන්නට වග කිවයුත්තන් වග බල ගත යුතුයි ,ලංකාවේ වෙන දේවල් දැක්කම .(දී)
ඔය කෙල්ලන් වටේ කැරකෙන කට්ටිය විස්වාස නැහැ,ප්‍රවේසම් වීම හොදය. (අ)
මල කෝලම් පයින් යනවා ...!!! මේ කෙල්ලෝ ටික හැකි ඉක්මනට ආපහු ඒ අයගේ රටට යවන්න. මොකද ඔය පිස්සු දේසපාල කෙනෙක්ට ඉව වැටුනොත් මුන් ඉවරයි...මුන්ට මොනා හරි වුනොතින් අපිත් ඉවරයි..(අ)
ඇත්තටම රටේ වෙන කරන්ඩම දෙයක් නැද්ද? මේ විකාර නැතිව (අ)
දැන් මේවට කලින් අපේ රටේ තියෙන ප්‍රශ්න විසඳගන්න ඕන.(අ)
හරිම විහිළුවක්. .රටේ ප්‍රශ්න අනන්තයි (අ)
දුෂ්කර ක්‍රියාකරන්න මෙහේ එන්න ඕනෙ නැහැ ඉනදියාවේ. හැටියට මගේ මවුබිම සුරපුරයක් (අ)
ගුනවර්දන හරියටම හරි. (දී)