වත්මන් රජය යටතේ ගත වූ කාලයේ දී රටේ යහපත් වෙනස්කම් රැසක් ඇති වී ඇතත්, නව නීති ගෙනැවිත් දූෂකයින්ට කඩිනමින් දඩුවම් කරනු ඇතැයි ජනතාවට තැබූ මහා අපේක්ෂාව කඩවී ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සහ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (7) පැවසීය.
ඒ දේ නොවීම පසුගිය කාලයේ සිදු වූ බරපතලම අඩුපාඩුවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක් මහතා කීවේය.
මෙම වසරේ දී රජයේ ප්‍රධානතම ඉලක්කයන් වී ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ආර්ථීක අභියෝග ජයගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාම යැයි ද ඇමතිවරයා කීවේය.
පාර්ලිමේන්තුව සෙනසුරාදා (9) රැස්වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොව පවතින ව්‍යවස්ථාව අනුව එයට අවශ්‍ය සංශෝධන ගෙනඒම සඳහා තේරීම්කාරක සභාවක් පත්කිරීම වෙනුවෙන් බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලසාර හිමි සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කථීකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, නීති උපදේශක නීතීඥ ටියුඩර් පෙරෙරා යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා වලින් අපිට වැඩක් නැහැ (නි)
බිඳුනු ගල්ලෙන ජනතා හිස මත! (නි)
මොහු වැනි දේශපාලකයින් ගැන අපි තවදුරටත් විශ්වාසය තබන්නේ නැහැ (නි)
පාථලී මත්තයෝ එක බොරුවක් කිව්වහම ඒ බොරුව වහන්න තව බොරු සීයක් කියන්න වෙනව. තමුන්නාන්සෙලාට වෙලා තියෙන්නෙත් එයයි. (අ)
මහින්දට තුරුල් වෙලා මහින්ද චින්තනය හදල රට කාබාසිනියා කරලා දැන් මෛත්‍රී/රනිල් ට තුරුළු වෙලා ඒකත් කාබාසිනියා කරන්න වගේ හදන්නේ. (අ)
බොරුව හා වෛරී සහගත ප්‍රකාශ වලින් යන්න පුළුවන් දුර කෙටි මහත්තයෝ (අ)
නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ඇමැතිකම නැතිවුනාට පස්සේ යහපාලනය නරකා.....යි. (බ)
අපෝ ...!මෙයාගේ කතා විශ්වාස කරපු කාලේ ගියා....(බ)
ලොකුම පුදුමය කියන්නේ, ඔය කියන ලොකු ලොකු දුෂකයෝ, මංකොල්ලකාරයෝ කියනවානේ "පුලුවන්නම් ඔප්පුකරන්න .." කියලා. ඒ කියන්නේ ඒ අය ඔය දුෂිත වැඩ කරලා තියෙන්නේ ආයේ කාටවත් හොයාගන්න බැරි වෙන්නද..? (නි)
පුලුවන්නම් ආණ්ඩුවෙන් එළියට බැහැලාම විරෝධය පාන්නකෝ (නි)
"මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව "- මේකනම් සහතික ඇත්ත. (ම)
ආණ්ඩුව ජනතාව මෝඩයට අන්දවාගෙන කියලයි අපිට නම් මේ යන විදිහට තේරෙන්නේ (නි)
හොඳ කතාවක්! (නි)