වත්මන් රජය යටතේ ගත වූ කාලයේ දී රටේ යහපත් වෙනස්කම් රැසක් ඇති වී ඇතත්, නව නීති ගෙනැවිත් දූෂකයින්ට කඩිනමින් දඩුවම් කරනු ඇතැයි ජනතාවට තැබූ මහා අපේක්ෂාව කඩවී ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සහ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (7) පැවසීය.
ඒ දේ නොවීම පසුගිය කාලයේ සිදු වූ බරපතලම අඩුපාඩුවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක් මහතා කීවේය.
මෙම වසරේ දී රජයේ ප්‍රධානතම ඉලක්කයන් වී ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ආර්ථීක අභියෝග ජයගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාම යැයි ද ඇමතිවරයා කීවේය.
පාර්ලිමේන්තුව සෙනසුරාදා (9) රැස්වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොව පවතින ව්‍යවස්ථාව අනුව එයට අවශ්‍ය සංශෝධන ගෙනඒම සඳහා තේරීම්කාරක සභාවක් පත්කිරීම වෙනුවෙන් බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලසාර හිමි සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කථීකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, නීති උපදේශක නීතීඥ ටියුඩර් පෙරෙරා යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දූෂකයන්ට දඬුවම් දීම ඉබි ගමනේ‘
රුචිර Friday, 08 January 2016 01:51 AM
කතා වලින් අපිට වැඩක් නැහැ (නි)
දුමින්ද Friday, 08 January 2016 01:54 AM
බිඳුනු ගල්ලෙන ජනතා හිස මත! (නි)
කැප්පෙටිපොළ Friday, 08 January 2016 02:34 AM
මොහු වැනි දේශපාලකයින් ගැන අපි තවදුරටත් විශ්වාසය තබන්නේ නැහැ (නි)
ජයන්ත Friday, 08 January 2016 03:49 AM
පාථලී මත්තයෝ එක බොරුවක් කිව්වහම ඒ බොරුව වහන්න තව බොරු සීයක් කියන්න වෙනව. තමුන්නාන්සෙලාට වෙලා තියෙන්නෙත් එයයි. (අ)
සේනක Friday, 08 January 2016 03:51 AM
මහින්දට තුරුල් වෙලා මහින්ද චින්තනය හදල රට කාබාසිනියා කරලා දැන් මෛත්‍රී/රනිල් ට තුරුළු වෙලා ඒකත් කාබාසිනියා කරන්න වගේ හදන්නේ. (අ)
අමා Friday, 08 January 2016 03:50 AM
බොරුව හා වෛරී සහගත ප්‍රකාශ වලින් යන්න පුළුවන් දුර කෙටි මහත්තයෝ (අ)
සත්‍යපාල Friday, 08 January 2016 04:51 AM
නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ඇමැතිකම නැතිවුනාට පස්සේ යහපාලනය නරකා.....යි. (බ)
සොපි Friday, 08 January 2016 04:53 AM
අපෝ ...!මෙයාගේ කතා විශ්වාස කරපු කාලේ ගියා....(බ)
ඔස්කා අර්වින් Thursday, 07 January 2016 08:06 PM
ලොකුම පුදුමය කියන්නේ, ඔය කියන ලොකු ලොකු දුෂකයෝ, මංකොල්ලකාරයෝ කියනවානේ "පුලුවන්නම් ඔප්පුකරන්න .." කියලා. ඒ කියන්නේ ඒ අය ඔය දුෂිත වැඩ කරලා තියෙන්නේ ආයේ කාටවත් හොයාගන්න බැරි වෙන්නද..? (නි)
සිල්වි Thursday, 07 January 2016 09:51 PM
පුලුවන්නම් ආණ්ඩුවෙන් එළියට බැහැලාම විරෝධය පාන්නකෝ (නි)
සිරිමල් Friday, 08 January 2016 05:19 AM
"මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව "- මේකනම් සහතික ඇත්ත. (ම)
රොක්සි Friday, 08 January 2016 01:14 AM
ආණ්ඩුව ජනතාව මෝඩයට අන්දවාගෙන කියලයි අපිට නම් මේ යන විදිහට තේරෙන්නේ (නි)
අහිංසා Friday, 08 January 2016 01:29 AM
හොඳ කතාවක්! (නි)