යාපනය පුන්ගුඩතිව් පාසලේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණය කොට ඝාතනය කරන ලද සැකකරුවන්ගේ ජාන පරීක්ෂණය සිදු කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා විසින් අවසර දුන්නේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින 09 දෙනාගේ රුධිර සාම්පල් ගෙන පරීක්ෂා කිරීමට අධිකරණය මෙම අවසරය දී ඇති අතර, එම රුධිර සාම්පල් ඩිඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කොට අදාළ වාර්තාවන් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කයිට්ස් විනිසුරු කුමාර් මහතා විසින් නියෝග කොට ඇත. සැප්තැම්බර් 01 වන දිනට යළි නඩුව කැඳවීමට නියමිතව ඇත.

![kayts-03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/kayts-031.jpg)
![kayts-04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/kayts-041.jpg)
![unnamed[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/unnamed1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පියාගේ පපුවට කොහොම වේදනාවක් ඇත්ද? (ම)
යුක්ක්තිය ඉෂ්ට කර දෙන්න ජනපතිතුමනි. මේ පාපතරයන්ට කිසිම සමාවක් දෙන්න එපා. (ම)
උපරිම දඬුවම් දෙන්න ඕනි. (බ)
දැන් මේ අය මේ ළමයව දූෂණය කරා කියලා ඔප්පු වෙලා ඉවරයිනේ.(හේ)
මේකත් යටයයි. ඉහලින් අාපු නියෝගයකට කරපු දෙයක් වෙන්න බැරි නැද්ද ? (බ)
මේට මරණ දඬුවම දෙන්න ඕන. ජනධිපතිතුමනි ඔබට එය කල හැකියි (අ)
මුන්ට මරණ දඩුවම දෙන්න ඕන. මේ වගේ අයට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕන. (බ)
යහ පාලනය කරනවා නම් මෙන්න වැඩක්,,,මුන් ඔක්කොම මුලින්ම එල්ලලා දන්න.. අලුත් ආණ්ඩුවේ වැඩ පෙන්වන්න.. (අ)
මේ රට බෞද්ධ රටක් කිය කියා එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකර හිටියොත් තවත් මේ වගේ දේවල් සිදු වෙයි. ඒ නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕනි. එහෙම නැති උනොත් වෙන්නේ මේ මහලොකු බෞද්ධ රට ළමා දූෂකයන්ගේ පාරාදීසයක් බවට පත් වෙන එක විතරයි. මේක නවත්තන්න කරන්න පුළුවන් එකම දේ එ්ක විතරයි. මොකද දැන් ඉන්න පාසල් ළමයින්ට මේවා කියල දුන්නට එයාලගේ දෙමව්පියෝ අතින් සහ අනිත් වැඩිහිටියෝ අතින් මේ අපචාර වෙන්නේ. ඒ කාලේ රජවරු මිනිස්සු උල තියලා මැරෙව්වේ. ඒ කාලෙත් මේක බෞද්ධ රටක් තමයි. ඇයි මරණීය දණ්ඩනය පටන් ගන්නේ නැත්තේ? තවත් දූෂකයන්ට චාන්ස් දෙනවද? (නදී)
ආයේ මෙහෙම දේවල් නොවෙන්න මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරොත් අම්මපා මාත් දිගටම ඒ පක්ෂෙට ඡන්දෙ දෙනවා ඒ වගේම අනිත් අයටත් මේ කරපු දේ වටිනාකම පහදලා දීලා ඒ ඡන්ද ටිකත් අරන් දෙනවා. (අ)
අතිගරු ජනාධිපතිතුමනි මේ වෙලාවේ සාධාරණයක් ඉෂ්ට කරන්න මොවුන්ව එල්ලා මරන්න ඔබට කළ හැකියි කියා සිතමි (බ)