(යොහාන් භාසුර)
ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000 කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.
මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් වන අතර 2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබි්‍රඩ් වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබේ.
එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති බවත් අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් නම් එම රථ පරීක්ෂාකරගැනීමක් කළ යුතු බවත් ඒ සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Axio ගත්තු අයට ලොකු අලාභයක් වුනේ... ඩෑෂ් බෝඩ් එකේ පොතු වගේ ගැලවෙනවා. ඒ ගැනත් සලකා බලන්න
හොඳ වෙලාවට මේ මොඩ්ල් එක ලංකාවට එන්න ඔන්න මෙන්න කියලා තමයි, ලංකාව වාහන ගෙන්නන එක නැවැත්තුවේ... ලංකාවට ආවෙ ඕකෙ අන්තිම 2019 මොඩ්ල් එක...
යාරිස් පමණක් නොවෙයි අළු පාට Axio කාර් එකෙත් ඩෑෂ් බෝඩ් එකේ රෙක්ෂින් එක crack වෙනවා.