ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික කාන්තා සංවිධානයට අනුබද්ධිත අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස වසරකට වරක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කැරෙයි.

රූපා ඉන්දුමති ගී ගයන සම්භාවනා ගීත සැඳෑව මාර්තු මස 09 වැනි ඉරු දින සවස 03ට පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.රූපා ඉන්දුමතී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවකි.

දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා,පෙම්පාලා වේදනා දිදී පිටුපාලා යන්නෙපා ’ ගීතය ඇගේ ගීත අතරින් ජනප්‍රිය ගීතයකි