විජය පුවත්පත් සමාගමේ නවතම සති අන්ත ප්‍රකාශනය වන ‘දේශය’ පුවත්පත ජුනී 01 වැනිදා (ඉරිදා) නිකුත් කිරීමට නියමිතය.
එම පුවත්පත විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාලයේදී සුබ මොහොතින් මුද්‍රණය කෙරිණි.
‘දේශය’ මංගල කලාපයේ පිටපත් විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (හෝකන්දර මුද්‍රණාල සංකීර්ණය) ජනක රත්න කුමාර,මුද්‍රණාල සහකාර කළමනාකරුවන් වන නිහාල් ගුණරත්න හා එස්.ඒ.එම් සේනානායක යන මහත්වරු පිරික්සති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය පුවත් ගොන්නට එකතුවන දේශය පුවත්පතට ජය පතමි. ඔබේ පාඨකයෝ ඔබ එන තුරු මග බල හිදී දේශය ලංකාදීපයේ දිලේවා (අ)
‘දේශය’ඉරිදාට නොව සැමදාටම අවදි කරවමු, (අ)
මේ පුවත් පත අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් ද ? (අ)
මගේ සුභපැතුම්! ස්වාධීන පුවත්පතක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. (අ)
දේශය - දෝෂයක් නැතිව ජනතා සන්-දේශයක්ම වී වැජඹේවා ! (ස)
ලංකාවේ අංක එකේ පුවත් පත් ආයතනය දේශය නමින් නව පුවත්පතක් ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨ කර්තව්‍යක් දේශය ඔබට අපේ උණුසුම් සුබ පෙතුම් පොදු ජනතා හඬට මුල්ඇන දෙන්න අභීතව ඉදිරියට යන්න ජනතාවගේ පැත්ත ගන්න ඔබගේ ගමන දෙස ජනතාව විමසිල්ලෙන් බලාගෙන සිටී.(අ)
මේකත් කුණු දේශපාලන ප්‍රලාප වලින් තොර, බුද්ධිමය සංවාදයක් සදහා ජනතාවට මංපෙත් විවර කර දෙන පුවත්පතක් වේවායි පතමි. නව දැක්මක් සහිත ගවේෂණාත්මක මාධ්‍ය කරණයෙහි යෙදෙන වාර්තාකරුවන්ද සොයාගත යුතුයි. (අ)
මේ පුවත්පතේ අන්තර්ජාල ලිපිනයක් තිබෙනවාද? (නි)
මගේ සුභ පැතුම්! (ස)
‘දේශය’පුවත්පතටත් දේශය වෙනුවෙන් මාගේ සුබ පැතුමි !(දිල්)
අපෙන් සුබ පැතුම් ඔබේ අලුත් පුවත්පතට ..(අ)
'දේශයට' මගේ උණුසුම් සුභ පැතුම්! ශ්‍රී ලංකාවේ පත්තර කලාවට, ජනමාධ්‍යට අර්ථවත්, සුභදායි සේවාවක් කිරීමට ලැබේවා! (අ)
අපිත් දේශය කියවන්න බලාගෙන ඉන්නේ. දැන්වීම් අඩුවෙන් කියවන්න දේ වැඩියෙන් තියේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. තෙරුවන් සරණින් හොදම පුවත් පත වෙන්න කියලා මම සුබ පතනවා. (අ)
"දේශය" දේශයට, දේශයෙන් දේශයට, දේශමාමක, දේශහිතෛශී විසිතුරු පිවිතුරු පුවත් මවන යහපත් දේශයක් වීමට සුභාශිංසන පළකරමි. (අ)