යුද අපරාධ හා මානව හිමිකම් ගැන විශාරදයකු වන ජපන් රජයේ විශේෂ නියෝජිත මොටෝ නොගුචි රනිල් වික්‍රමසිංහ අගමැති අරලියගහ මන්දිරයේදී අද හමුවිය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේද අනුදැනුම ඇතිව ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ගැන ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඔහු පැමිණි බව අගමැතිවරයාට පවසා ඇත.
කම්පුචියාවේ යුද අපරාධ පිළිබඳ නඩු මෙහෙයවූ නොගුචි මහින්ද රාජපක්ෂ රජය සමයේද මැක්ස්වෙල් පරණගම කොමිසමට උපදෙස් දීමට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය වැනි ඉතාමත් සංකීර්ණ ,එමෙන්ම සංවේදී විෂයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකික අපට ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් නැති තරම්ය. (ම)
ධර්ම ජයවික්‍රම, ඉතිහාසය බලන්න.. රාවණ යුගයේ ඉදන් අපේ ජාතියේ විද්වතුන් ඕනිතරම් ඉන්නවා . යුධයේදී පවා...(බ)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සම්පත්, 21 වැනි සියවසට එන්න. යුද්ධය හා යුධ අපරාධ වැනි සංකීර්ණ විෂයන් සඳහා අපට එතරම් විද්වතුන් නැහැ (නි)
රට වෙනුවෙන් යහපතක් කරන්න ඔබට හැකියාව ලැබේවා! (නි)
රනිල් කියන්නේ හොඳ බුද්ධිමතෙක් (නි)