මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශීය පරීක්ෂණය සඳහා විදේශීය විනිසුරුවන් යොදා ගැනීමට බල නොකරන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සඳහන් කර සිටී.
එසේම එම දේශීය පරීක්ෂණය විදේශීය විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් හෝ ඉන් තොරව හෝ අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු යැයි ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත.
රොයිටර් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මානව හිමකම් මහකොමසාරිස්වරයා කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැණුන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා සංචාරයේදී ඇගයීමක් සිදු කළ බවය. එසේම මෙරට යුද්ධයේදී යුද අපරාධ සිදුවීද යන්න ගැන ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදුකළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පරීක්ෂණ සිදුකරන යාන්ත‍්‍රණය අපක්ෂපාතී හා ස්වාධීන නම් ඊට සියලූ සහයෝගයන් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවද සෙයිද් අල් හුසේන් මහතා මෙහිදී කියා සිටියේය.කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි දෙමුහුන් වර්ගයේ යාන්ත‍්‍රණයක් පිළිබඳ තමන් දැඩි කැමැත්තකින් සිටින බවද හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd