යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සෙනසුරාදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අපි මේ ගැන මේ රටේ ඉන්න සියලුම දෙමළ ජනතාවටත් කියනවා සෑම රටකම ඉන්න දෙමළ ජනතාවටමත් කියනවා මේ දේශීය පරික්ෂණ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ ඒ වගේම ඒවා අපිට පිළිගන්නත් බැහැ. ඒක මුළු ලෝකෙම ඉන්න දෙමළ ජනතාව දන්නවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ යුද අපරාධ පිළිබඳව විදේශීය පරික්ෂණයක් අවශ්‍යමයි කියලා. එහෙම නොවෙන්න යුද්දෙන් පිඩා විඳි ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ‘ යැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇමරිකාවට අපිව විශ්වාසයි කොහොමද ආතල් එක, ඉස්සර චීනා. ලෝකය කියන්නේ ලංකාවම තමයි පරීක්ෂණ විතරයි අල්ලන අල්ලපු කෙනෙක් නැහැ ටිකිරි මොලේ (බ)
ගණන් ගන්න එපා කරුණානිදි සතුටු කරන්න ඕවා කියන්නේ (නදී)
මෙයාල කට හොල්ලනවා විතරයි. සද්දේ එන්නේ තමිල් නාඩුවෙන් “(නදී)
පුෂ්පා හරි පැහැදිලිව ලියා තියනවා. ලාංකිකයෝ හැටියට සිංහල / ද්‍රවිඩ / මුස්ලිම් අපි හැමෝටම එකිනෙකාට වෛර නොකර ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් ඉටු වෙන්නට අදිෂ්ටානයක් කරගනිමි. මා උපන් ලංකාව ගැන මම සතුට වෙමි (නදී)
කොටි ත්‍රස්තවාදීන් නිසා මුළු ලංකාවේම සිංහල, මුස්ලිම් දෙමළ, බර්ගර් සියලු දෙනාටම අසාදාරණයක් උන බව සිවගිලිංගම්ට තේරෙන්නේ නැද්ද ? (නදී)
මේවා ඔක්කොම කරන්නේ දේශපාලක අමනුස්සයින් මිස සාමාන්‍ය මිනිස්සු නොවේ. උන් සමගියෙන් ඉන්නවා. (බ)
මුන් මේ ඉල්ලන්නේ යුද්දේම නේද (ම)
මේක සිංහල රට.ඔයාල තේ කඩන්න ඇවිත් දැන් බිලා ගහනවා.අපි මෙහෙම හරි සලකන එකට ගෞරව කරපල්ලා.වෙන රටක් නම් ගහල පන්නලා.(ම)
මේ මහත්තයගෙන් මන් අහන්න කැමතියි. යුද්දෙන් සදාරණයක් වෙච්ච පිරිසක් ඉන්නවද? කිසිම ජාතියක්? (ම)
කියන විදියට ඉන්න බැරිනම් රට අතහැරලා යන්න (ම)
මේ මහත්තයමද මේ කතා කරන්නේ? (නි)
ඔන්න දැන්නම් පුසා මල්ලෙන් එලියට පනින්න හදන්නේ, කලින් කුරුමානම වැරදුනාට මේ පාරනම් හරියටම හරියයි වගෙයි. දැන් තේරෙනවද මෙයාලගේ යටි අරමුණ (නදී)
රටට වෙන විනාශයක්. (නදී)
දේශීය පරීක්ෂණයේ කොටස් කාරයෙක් වෙන්න ඔබට බැරිද ශිවා මහත්තයා. (ම)
යන්න ඉන්දියාවට ලංකාවේ ඉන්න බැරිනම් ..(බ)
ජ්‍යාත්‍යන්තර පරීක්ෂණයක් නම් හැමෝටම පරීක්ෂණ ඕන. ලෝකයේ සියලු යුද්ධ පැවතුනු රටවල් සසඳා, ඒවායේ සිදුවූ දේවල් සසඳා තමයි මේ දේවල් කෙරෙන්න ඕන. දෙමල මිනිස්සුන්ට උන දේවල් හා සමානව සිංහල මිනිස්සුන්ට සහ මුස්ලිම් මිනිස්සුන්ට මේ ප්‍රශ්නයෙන් පීඩා වුනා. සමස්ත ආර්ථිකයට වුණ අලාභය කොතරම්ද? ලංකාවේ ආණ්ඩුව අවස්ථා ගණනාවක නොයෙක් විසදුම් දෙන්න හැදුව. කවුද අකමැති වුනේ? බැරිම තැන නේද මේක සිද්ද වුනේ? ඔහෙලත් එක්ක අපේ කිසිම අමනාපයක් නැහැ. ඔහෙලා ගොඩක් හොඳ සුළු ජාතියක් වුනා. මේ නායකයෝ සහ ඉන්දියාව තමයි මේ ප්‍රශ්නය අවිලුවේ. දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරමු. (බ)
දකුණේ අයගේ ...ගරු සැලකිලි මැද විශ්වාසය මත කටයුතු කරපු ...දකුණෙන් ඥාති සම්බන්ධතා ඇතිකර ගත්තු ...පසුව උතුරට ගිහින් දැන් උතුරේ මහා ඇමැති පදවිය දරන කෙනාගේත් අදහස් හා යෝජනා මීට දෙවැනි නෑනේ ...ඉතින් මෙයාලගෙන් ඊට වඩා දෙයක් බලපොරොරොත්තු වෙන්න පුලුවනිද? (බ)