IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු ඉවත් කිරීම නීතිය සැමට එක සමාන බව තහවුරු කරන්නක්

(නිමල කොඩිතුවක්කු)

පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී  පැවසූහ.

රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් ඇතුළු ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් තවදුරටත් මෙසේද කීවේය.

“දේශබන්දු තෙන්නකෝන් මහතාට තිබූ චෝදනා සම්බන්ධයෙන් චෝදනාපත්‍රයක් භාරදීලා ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් එම චෝදනා විමර්ශනය කළා.  ඒ චෝදනාවලින් වැඩි ප්‍රමාණයකට ඔහු වැරදිකරු බවට වන වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා.  

එහි ඉදිරි පියවර විදියට පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහු ඉවත් කිරීමේ යෝජනාව සම්මත කරගත්තා. ඒ අනුව  එම ප්‍රතිපාදන නිවැරදිව අනුගමනය කර තිබෙනවා.



අදහස් (4)

දේශබන්දු ඉවත් කිරීම නීතිය සැමට එක සමාන බව තහවුරු කරන්නක්

Eranda Thursday, 07 August 2025 12:25 AM

ඇත්තට....අනුරද කියන්න කීවේ.....?

:       3       3

ශාන් Thursday, 07 August 2025 06:49 AM

කතෝලික ජනතාවට පාස්කු ප්‍රහාරයන් හා සමහර ධීවර ආශ්‍රිත කටයුතුවලදි සිදුවන දේ ගැන තතෝලික සභාවේ මැදිහත් වීම ගැන අපිට හිතාගන්න පුළුවන්. නමුත් හැම එකටම කියවන්න යන එක නම් එච්චරම හරි නෑ.

:       2       3

එඩ්වඩ් Thursday, 07 August 2025 09:21 AM

පාස්කු ප්‍රහාර සංදියෙ පොලිසියේ ලොකු පුටු හොබවපු උන්දැලැ ඇන්පීපී ආංඩුවෙ ලොකු තනතුරු දැරුවට කමක් නැතෙයි පියතුමා?

:       2       2

පන්සිළු Thursday, 07 August 2025 09:37 AM

එහෙම එකක් නම් පේන්න නෑ. ගැත්තතෙක් ඔබාගැනීමේ අභිලාෂය හැරෙන්න

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 40 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site