අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා බෙල්ජියමේ සිදුකළ සංචාරය අතරතුර දී ලෝරි ජිර්බාඩ් චොකලට් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
අගමැති ප්‍රමුඛ දූත පිරිසට එය ඉතා රසවත් චාරිකාවක් වූ බව පෙනිණි.
චොකලට් නිෂ්පාදන සමාගමේ ප්‍රධානියා අගමැති වික්‍රමසිංහ සමග චොකලට් සෑදීමට එක්විය. ඔහු අමුද්‍රව්‍ය 15ක් පමණ ලබාදී අගමැතිවරයාට චොකලට් සෑදීමට අවස්ථාව ලබාදුන්නේය. අගමැතිවරයාගේ කැමැත්ත අනුව විවිධ රස වර්ග මිශ්‍රකර චොකලට් සෑදීමට අවකාශ සැලසිණි.
අගමැතිවරයා එහිදී රසවත් චොකලට් එකක් සෑදීය.
හවුල් දේශපාලනයක් පවතින ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම හා කණ්ඩායමක්ම එකතු කරගෙන කාලානුරූපීව ගෙනයන පාලනයට වඩා පහසුවෙන් අමුද්‍රව්‍ය කිහිපයක් එකතුකර චොකලට් නිෂ්පාදනය පහසු ඇති බව එහි සිටි අයකු කීවේය.
චොකලට් සාදා අවසන් වූ අගමැති කියා සිටියේ යළි කොළඹට ගිය පසු මේ දිනවල පවතින ගැටලු සමනය කිරීමට වඩා එය අපහසු බවයි. නියම රසය මාත්‍රාව අනුව බෙල්ජියමේ චොකලට් හැදීම ඊට වඩා අමාරු බව අගමැතිවරයා කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද එයින් චොකලට් රැගෙන ඒමට අගමැති අමතක නොකළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘දේශපාලනය ලේසියි : චොකලට් හැදීම අමාරුයි‘
ජනහිත Monday, 24 October 2016 05:42 PM
දේශපාලනය වගේම චෝකලටුත් මිනිසාට හිතකර දෙයක් නොවේ. එහෙත් ලංකාවේ කුස්සියක් තියන තැනවත් නොදන්නා අපේ දේශපාලක නායකයෝ පිටරට ගියාම එ්ප්‍රන් එක ඇඳගෙන චොකලට් හදනවා. (නි)
ලංකාසිරි Monday, 24 October 2016 07:20 PM
එහෙම කොහොමද? කෝ අපිට චොකලට්? (නි)
ධම්ම Sunday, 23 October 2016 07:27 AM
අපට ජී එස් පී ගෙනල්ලා හොරා වගේ හංගගෙන ඉන්නවා නේද අපිව 'සර්ප්‍රයිස්' කරන්න. (නි)