IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දේශපාලනයේ ආදර්ශයට ගතයුතු ඉරාන්ගේ කතාව

මෙරට සිටි කීර්තිමත්, රටට දැනෙන වැඩක් කළ වෛද්‍යවරයකු, ව්‍යවසායකයකු සහ තම හෘද සාක්‍ෂියට අනුව කටයුතු කළ ඍජු අදහස් තිබූ දේශපාලනඥයකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ නාමය මෙරට වෛද්‍ය අධ්‍යාපන ඉතිහාසය තුළ නොමැකෙන සළකුණක් සනිටුහන් වී තිබේ. අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව බොහෝ කරුණු කාරණා පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ විය. ඔහු ගැන බොහෝ දේ කතා කළ හැකි වුවද අප මෙහිදී ප්‍රස්තුත කර ගන්නේ ඔහු ඉතිරි කළ මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංකල්පයයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රචිත ලිපියක් පසුගියදා අපගේ ලංකාදීප පුවත්පත පළ කළේය. මෙරට වෛද්‍ය සිසුන් පුහුණු කිරීමේ අවස්ථා පුළුල් කිරීමට වෛද්‍ය ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ නිර්භීත උත්සාහය පිළිබඳව සැමවිටම සිහිපත් කෙරෙනු ඇති බව එම ලිපියේ සඳහන්ය. එකී යහපත් පරමාදර්ශය පුළුල් සමාජයේ යහපත උදෙසා අවසානයේ ජයග්‍රහණය කරනු ඇතැයි වික්‍රමරත්න මහතා ප්‍රාර්ථනය කරයි.

එම ප්‍රාර්ථනය යහපත් වුවද මේ රටේ දේශපාලන බල අරගලය තුළට කිඳා බැස තිබෙන මහජනතාව නොමඟ යවා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ කුහක පිළිවෙතින් බැහැර වන තුරු මේ ප්‍රාර්ථනය ඉටුකර ගැනීමට ඉඩක් නැති බව පෙන්වා දිය යුතුය. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සීමිත සිසුන් පිරිසකට සීමා වී තිබීමත් රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමට සියලු සුදුසුකම් සපුරා තිබියදීත් එක ලකුණක් හෝ දෙකක් මදිවීම හේතුවෙන් එම අවස්ථාව අහිමි වන තවත් සිසුන් විශාල පිරිසකගේ බලාපොරොත්තු බිඳීයාමත් මේ රටේ උසස් අධ්‍යාපනයේ ඛේදවාචකයක් බවට පත්ව තිබිණි. එයට එකම විසඳුම වී තිබුණේ විදෙස් වෛද්‍ය විද්‍යාලවල පිහිට පැතීම පමණි. එයද මුදල් යහමින් තිබූ මව්පියන්ගේ දරුවන්ට පමණක් සීමා විය. මේ යථාර්ථය හොඳින් තේරුම් ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊට ප්‍රායෝගික විසඳුමක් ලෙස සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය මේ රටේ කුහක දේශපාලන සන්දර්භය තුළ ඛේදවාචකයක් බවට පත් වූ ආකාරය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ලිපියේ එක ඡේදයක මෙසේ අපූරුවට සඳහන් වී තිබේ.

‘‘සයිටම් වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. මම එවකට විපක්ෂයේ වූ අතර රාජපක්ෂ රජයේ මෙම ව්‍යාපෘතියට එදා විපක්ෂය විරුද්ධ වූයේ නැත. 2015 දී අප බලයට පත්වන විට ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට බාධා නොකළෙමු. රාජපක්ෂ රජයේ මිත්‍ර පාර්ශ්වය ඔවුන්ම ආරම්භ කළ ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පෙළඹවීමත් සමඟ මෙම ව්‍යාපෘතියට එරෙහි විරෝධය වේගවත් විය. ජනතාව නොමඟ යවා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තම ප්‍රතිපත්තිය තමාම කැප කරන ශ්‍රී ලංකා දේශපාලනයේ ඛේදවාචකය මෙයයි’’.

මේ අදහස ලිපියක අකුරෙන් සටහන් නොවී කතාවකදී වචන බවට පෙරළී තිබුණා නම් එය ‘‘කටේ මසුරන් දැමිය යුතු’’ කතාවක් බවට සැකයක් නැත. මෙරට ප්‍රධාන දේශපාලන ධාරා දෙක තුළම මහජන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මේ රටේ ප්‍රතිපත්තිවලට, බලකාමයට තැනදෙන කුහක දේශපාලනයේ රඟ හොඳින්ම දැන සිටි බවත් එම දේශපාලන ධාරා දෙක සමඟම ඔහුගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළ නොහැකිවීම එහි ප්‍රතිඵලයක් බවත් වටහා ගැනීම අසීරු නැත. ගැටලු ගැන කතා කරමින් කාලය කා දමන ප්‍රතිපත්තියෙන් බැහැරව යමින් එයට ප්‍රයෝගික විසඳුමක් වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදිකර එහි සායනික කටයුතු සඳහා වෙනම රෝහලක්ද ඉදිකළ නෙවිල් ප්‍රනාන්දු මහතා ගැන කතා කිරීමට අප යොමුවන්නේ එහි වැදගත්කම අපට දැනෙන බැවිනි. එහෙත් සියල්ල දේශපාලනයට යට කරන අපේ රටට මෙවැනි ව්‍යාපෘතිවල කිසිදු වටිනාකමක් නැත. ඒ වෙනුවට විදෙස් රටවලට කෝටි ගණනින් මුදල් ලබාදෙන ප්‍රතිපත්තියක් බදාගෙන එයින් සැනසෙමින් සිටීමට අපට බල කරනු ලැබ තිබේ.

සයිටම් ව්‍යාපෘතියේ අඩුපාඩු නැති  බව අපි නොකියමු. ඒ බව ආරම්භයේදීම හඳුනාගත හැකි වුවද මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒකාධිකාරී බලයක් ගොඩනංවාගෙන සිටි පිරිස් කළේ එයට නිර්දය ලෙස පහර දී ව්‍යාපෘතිය සමතලා කිරීමේ ප්‍රතිපත්තියකට අනුගත වීමය. ඒ හරහා සයිටම් ආයතනයේ වැරදි නිවැරදි කර ගනිමින් රජයේ අනුමත ප්‍රමිතීන්ට අනුකූලව වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය හැකි ආදර්ශවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවා ගැනීමේ අරමුණ විනාශ විය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඔවුන්ගේ විරෝධය හඳුන්වා තිබුණේ කුහකකමක් වශයෙනි. එහි ඇත්ත නැත්ත කුමක්ද යන්න සිහි නුවණින් විමසා බැලීම මහජනතාවගේ වගකීමකි. අපේ රටේ සංවර්ධන අභියෝග ජය ගැනීමට නම් අවශ්‍ය වන්නේ පුළුල් ජාතික ප්‍රතිපත්ති මිස මැතිවරණ ජයග්‍රහණ කිරීම වෙනුවෙන් පමණක් යොදාගන්නා ජනතාව රවටන එවැනි කුහක ප්‍රතිපත්ති නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ අර්ථයෙන් ගත කල ඉරාන් වික්‍රමරත්න මහතා දක්වන අදහස් තුළ ඇත්තේ පුළුල් අර්ථයකි. එය වඩාත් අර්ථවත් වනු ඇත්තේ එම ප්‍රතිපත්ති තමන්ගේ දේශපාලනය තුළද ප්‍රායෝගිකව යොදා ගැනීමෙන් පමණි.

(***)



අදහස් (6)

දේශපාලනයේ ආදර්ශයට ගතයුතු ඉරාන්ගේ කතාව

pradeep Friday, 19 February 2021 07:04 AM

හරියට හරි..

:       2       21

thilak Friday, 19 February 2021 09:07 AM

දොස්තර නෙවිල් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨතමයෙක්. එතුමාට නිවන් සුව ලැබේවා..!! 

:       2       10

බද්රානි Friday, 19 February 2021 10:19 AM

ජීවත් වෙලා ඉන්න කල්, ගල් ගහලා මරන්න හදනවා. මැරුණාට පස්සේ ගුණ වයනවා. ඕකනේ ඉතින් සිංහලයින්ගේ ජන්ම ගතිය. නෙවිල් ප්‍රනාන්දු මහතා ගොඩ නැගූ සයිටම් ආයතනය ලංකාවේ අම්බරුවන් විසින් විනාශ කරනු ලැබුවා. නමුත් නෙවිල් ප්‍රනාන්දු රෝහල දැනට ආරක්ෂා වී පැවතීම එතුමා මේ රටට ලබාදුන් දායාදයක්. ලංකාවේ දොස්තර මාෆියා කල්ලිය මෙතුමා සමග බද්ධ වෛරයකින්නේ පසු වුනේ. මේ මාෆියා වෙද සංගමයට හා කැම්පස් මෝඩයින්ව උසි ගැන්වූ සීයට තුනක් වූ අමනොඥ කල්ලියට හොඳක් නම් සිද්ධ වෙන්න එපා ඒ කල අපරාදෙට..

:       3       25

නුවන් Friday, 19 February 2021 10:20 AM

සයිටම් එකේ අඩු පාඩු තිබුණා නම් ඒවා නිවැරැදි කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමයි එදා කළ යුතුව තිබුණේ... නමුත් සිදු වූයේ වෙනත් දෙයක්. මේ වෛද්‍ය සංගම් අදත් කරන්නේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමයි...

:       2       20

Anurudda Friday, 19 February 2021 03:30 PM

2015 යහපාලන සමාජය මේ රටේ වැදගත් හැරවුම් ලක්ෂයක් වුණා. ඒක හොඳින් තේරුම් ගත් එකල විපක්ෂය ජනතාව නොමග යැව්වා... බහුතරයක් බුද්ධිමත් ජනතාව මේ තත්වය දැන් තේරුම් අරන් ඉවරයි. රනිල් මහතාගේ මොලේ සිරිසේන මහත්තයාට හරියට යොදවා ගන්න බැරි වුණා. රටේ අවාසනාව...

:       6       16

කුමාර් විජෙසූරිය Thursday, 25 February 2021 03:07 PM

රුපියල් මිලියන 600ක ( Rs . 600 Million ) ශිෂ්‍යත්ව මෙතුමා විසින් දුප්පත් දරුවන් වෙනුවෙන් ප්‍රදානය කළ බව පුවත්පතක පලවී තිබුණා. ලංකාවේ ව්‍යාපාරික මහතෙක් මේසා විශාල මුදලක් නොමිලේ දරුවන් සඳහා පරිත්‍යාග කරන ලද 1වෙනි අවස්ථාව බැවින් මෙතුමාගේ නම රන් අකුරින් ඉතිහාසයට එක්වි ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1408 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 388 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 619 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1124 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 727 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 942 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site