බලයේ රැදි සිටීමේ අවශ්‍යතාවය නිසා දේශපාලකයන් යම් යම් කෝණයන්ගෙන් බලා ජනතාව අතරට අවුල් වියවුල් ඇතුළු කිරිම නිසා මේ රටේ පමණක් නොව වෙනත් රටවල් වල ද අවුල් වියවුල් ඇතිවූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අද (13)කිරිබත්කුඹුර ස්වර්ණජෝති ජාතික පාසලට වසර 111 පිරිම හා එහි අභිනවයෙන් ඉදිකරන ලද “ තාක්ෂණික පීඨය “ විවෘත කිරිම සදහා පැවැති උත්සවයේදී පැවසීය.
‘එවන් ව්‍යාකුල තත්වයන් තම අභිමථාර්ථයන් ඉටු කර ගැනිමට දේශපාලනයට පැමිණෙන පුද්ගලයන් විසින් ගොඩ නැගීමෙන් ජාති, පක්ෂ පාට, ආගම් වෙනසකින් තොරව රටට අවශ්‍ය පුද්ගලයන් ඝාතය විමක් ද සිදු වුණා. 2009 න් පස්සෙ ඒ ත්‍රස්තවාදී යුගය මේ රටේ නැති වුණත් දේශපාලකයන්ගේ කුහකකම දේශපාලන කෝණ වලින් බැලීම නතර වුණේ නෑ‘ යැයි ද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් වුණේ අද ඊයේ නෙමෙයිනේ. අප්පා කුඩප්පාගේ කාලේ ඉඳන්ම වෙනදේනේ (නි)
එතකොට මෙතුමා දේශපාලකයෙක් නොවෙයිද? (නි)
මේ පීත්ත පටි ගලවල අකුරු ලියවිල්ල නතර කල යුතුයි ලොවේ කොහෙවත් මේවගේ බොළඳ වැඩ නැහැ වැසිකිලි වළක් හැදුවත් පටිය කපනවා ලජ්ජා නැද්ද ..මුන් ප්‍රාතමික යුගයේ ඉන්න මෝඩයෝ (අ)
දේශපාලකයන් අවුල් නොකරන්නේ මොනවාද? (නි)
අනේ මේ පීත්ත පටි කපන කාලේ ඉවර වෙන්නේ කවදද? ලැජ්ජා නැද්ද මන්දා. ජනතාවගේ සල්ලි වලින් හදලා එයාලගේ සාක්කුවෙන් කළා වගේ විවෘත කරනවා. (නි)
රට අවුල් කරනවා නම් ඒ දේශපාලනය ‘බල්ලට දාන්නයි‘ තියෙන්නේ. (නි)
අනේ මේ පීත්ත පටි කපන කාලේ ඉවර වෙන්නේ කවදද? ලැජ්ජා නැද්ද මන්දා. ජනතාවගේ සල්ලි වලින් හදලා එයාලගේ සාක්කුවෙන් කළා වගේ විවෘත කරනවා. (ම)