බුදුන් වහන්සේ රහසින්වත් පව් නොකළ ආකාරයට දේශපාලනඥයන් ද රහසින්වත් පව් නොකළ යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) ජනපති ලේකම් කාර්යාලයයේ පැවැති ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී පැවසීය.
දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධරයන් රහසින් කළත්, එළිපිට කළත් පොදු ජනතාවට එය සැඟවීමට නොහැකි යැයි ද ජනපති කීවේය.
දූෂණ, වංචා හොරකම් හා අක්‍රමිකතා ආදිය නොකිරීමට දේශපාලනඥයන්ගේ හෘද සාක්කිය බලවත් හා ශක්ති සම්පන්න විය යුතු යැයි ජනපති සඳහන් කළේය.
සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී තමාගේත් අගමැතිගේත් නිර්දේශ මත පොදු කමිටුවක් පත් කරන හෙයින් එවැනි පත්වීම් ගැන ඉල්ලීම් සියල්ල එම කමිටුවට යොමු කරන ලෙස නව ඇමැතිවරුන්ගෙන් ජනපති ඉල්ලා සිටියේය.
පත්වීම් ලබන්නන්ගේ සුදුසුකම්, ගුණාත්මක භාවය හා ප්‍රමිතිය පිළිබඳ සලකා බැලීමෙන් පසු පත්වීම් සිදු කරන බව ද ජනපති කීවේය.
‘ජනවාරි අට වැනි දා මා ශ්‍රී ලංකාවේ ජනපති කරමින් ද, අගෝස්තු මහා මැතිවරණයෙන් නව රජයක් පිහිටුවීමට බලය දෙමින් ද ඡන්ද දායකයන් අපට බලය දුන්නා. දින 100 දේශපාලන අත්දැකීම් අනුව දැන් අපට ජාතික ආණ්ඩුවක් යටතේ ඉදිරියට යා හැකියි. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ අගමැතිත් මැතිවරණ සමයේ කිව්වා. මාත් කිව්වා. අද අපි නව ඇමැති මණ්ඩලය පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැති පදවි 15යි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති පදවි 18යි. එක්සත් ජාතික පක්ෂ සන්ධානයට ඇමැති පදවි 33යි. එයින් එක්සත් ජාතික පකෂයට පමණක් ලැබී ඇත්තේ ඇමැති පදවි 26යි. එය සංකීර්ණ අවස්ථාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 22ක් සිටිනවා. සෑහෙන පිරිසකට ඇමැතිකම් ලැබෙනවා. ලැබුණු අය සතුටට පත්වීමත්, නොලැබුණු අය අසතුටු වීමත් ස්වභාවිකයි. නමුත් රටට සේවය කිරීම සඳහා ඇමැති කම් නොලැබුණු අයට වෙනත් මාර්ග තිබෙනවා.
අප ඇති කරන්නට යන නව කමිටුවලින් ඊට ඉඩ ලැබෙනවා. අපේ අරමුණු පවිත්‍ර නම් අප මහජන සේවයට කැපවී සිටී නම් රටට හා රටේ ජනතාවට වැඩ කිරීම අපේ අරමුණ නම් ඇමැති මණ්ඩලය පත් කිරීමේ සංකීර්ණ ගැටළු වලින් අප අධෛර්යයට පත් විය යුතු නැහැ.
වසර දෙකක් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සම්මුතියකට ඇවිත් තිබෙනවා. ඒ දෙවසරේ අත්දැකීම් අනුව අපට ඉදිරි මග සලසා ගත හැකියි. ජාතික ආණ්ඩු ක්‍රමය අපට අලුත් අත්දැකීමක්. මහ දෙපක්ෂයේ මේ ගමනින් අපේ අරමුණ විය යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ප්‍රවර්ධනය කර දූෂණ වංචා නැති රටක් බිහි කිරීමයි. එය අපට කළ හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ගමනක් සුබ වෙනසක් (අ)
රහසින් කෙසේ වෙතත් ඵළිපිටවත් පව් නොකර ඉඳිම හොඳයි. ඒ වගේම තමන් පවින් වැලකි එවැනි බුදු බණ පදයක් අනුන්ට කියනවනම් හොඳයි.(ම)
අනේ පව් අප්පා ,හීනෙන්වත් බොරුවක් ,වංචාවක් කරලත් නැහැ ,කරන්නෙත් නැහැ (අ).
මේක කොහෙද ජාතික ආණ්ඩුවක් වෙන්නේ. මේක සභාග ආණ්ඩුවක්. රහසින්වත් පව් කරන්න එපා කිය කිය බොරු කියනවා.(අ)
මේ අයගේ ලිස්ට් එක තව අවුරුදු 6කින් එලියට බහි. රනිල් හැමදාම විපක්ෂ නායක නිසා එයාගෙ ලිස්ට් එක ෆයිල් වෙලා. ෆයිල් හැංගිලා. අපරාදේ රනිල් ට විපක්ෂ නයක කම දීල තිබුණේ ඒ කාලෙ ඒ කාලෙම ඔය දැන් දුන්න කෙනාටම දෙන්න තිබුණේ... කලගුණ නොදත් අය (අ)
ඔය බන වැඩක් නැහැ. (අ)
එකනම් සහතික ඇත්ත බුදුන්ව දේසපලනයට ගාවගන්න එපා.නියම කතාව තමා ඔය ගෙවන්නේ අනුන්ගේ පවු. (අ)
හොරකම් වංචා දූෂණ හෙළිවීම වැළැක්වීමට එරෙහිව කටයුතු කරන්නන්ට එරෙහිවත් කටයුතු කළයුතුය (නි)
පැරදුන අයට ඇමතිකම් දෙන්න එපා (නි)
දේශපාලඥයින්ට කළ පවු පළදෙන්න ගත්තහම බලාගන්න පුළුවන් (නි)
මිනිස්සු ප්‍රතික්ෂේප කළ හොරු ටික ඇමති මණ්ඩලයට දාගෙන කළ දේ නම් අපි අනුමත කරන්නේ නැහැ (නි)
අනේ මන්දා මහත්තයෝ ඕවා නම්.... (නි)
ලොකුම පවක් තමා මිනිසුන්ව රවටලා සුරංගනා ලෝක පෙන්නලා ඡන්දය ගන්න එක.කෝ 20 ඇමති මණ්ඩලය? කෝ අල්ලපු හොරු? (නි)
ජාතික ආණ්ඩුවක් නම් කොහොමද විපක්ෂයක් ඉතුරුවෙන්නේ? (නි)
මෙතුමාගේ කතාව සතික ඇත්ත. (නි)
ඔය කියන පවු කරපු කීදෙනෙක් අදත් ඇමතිකම් ගත්ත නේද? ඉතින් ඔය බනේ ඒගොල්ලන්ට බලපාන්නේ නැහැනේ.(අ)
දේසපාලනේ උදාහරණ වලට බුදුහාමුදුරුවෝ ගන්න එපා. (අ)
මීට සුළු කලකට පෙර ඔබතුමාගේ ගුණ ගැයීමට අපද ඇතුළුව බොහෝ දෙනෙකු මෙහි ඉදිරිපත් විය.ඔබ ඔබේ අත්සනද සහිතව මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය. අපිද එය කරපින්නාගෙන සිටියෙමු. එහි අංක එකේ පොරොන්දුව වන සියලු අමාත්‍ය ධුරවල (නියෝජ්‍ය ඇතුළුව )එකතුව 20 ට අඩුකිරීම අද ජනතාවට පුස්සක් වී ඇත. අපිද මේ අනවශ්‍ය වියදම් අඩු වී ජීවන වියදම පහත වැටෙතැයි බලාපොරොත්තු තබා සිටියෙමු. අපගේ බලාපොරොත්තු සුනුවිසුණු විය.අද මෛත්‍රී පාලනය වෙනුවෙන් පාඨක තීරුවේ අදහසක් දැමීමටවත් කෙනෙක් නැත. ජනතාව රැවටීම නිසා ජනතාවට දැනටමත් දේශපාලනය තිත්ත වී ඇත (නි)
එතකොට ඇමති මණ්ඩලය 20 ට අඩුකරනවා කියපු කතාව? (නි)
දේශපාලන මඩ ගොහොරුවක පතුලේ කිමිද සිටි ජාතියකට හා යුද්ධයෙන් හා එය වවාගෙන කෑ දේශපාලන මස්තබාල්දුවන් සිටින වටපිටාවක නොයෙකුත් අභියෝග හා බාධක මධ්‍යයේ සුදු නෙළුමක් සේ ජාතියටම නැගී සිටින්නට වෙරදරන ජාතියේ නායකයාණෙනි. ඔබට දිර්ගායුෂ!! (අ)
අපේ හාමුදුරුවනේ අපි මහන්සිවෙලා පුච්චපු රොටිය කන්නේ කොහෙවත් හිටිය හොර බොරු වංචාකාරයෝ ටිකක් වගේ . (අ)
පාවාදීම් කරන එවුන්ටත් අනිවාර්යයෙන්ම පළ දෙනව. (අ)