දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට දෙන්නේ නම්, කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බේරාගැනීමට, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අර්ජුන රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්විමේ සූදානමක් ඇත්දැයි අර්ජුන රණතුංග මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා මෙසේ ද පැවසීය.
”ක‍්‍රිකට් ආයතනයට අනවශ්‍ය දේශපාලන බලපෑම් වැඩියි, ඒවා තිබියදී ඔතන වැඩ කරන්න බෑ. එම බලපෑම් නොමැති නම් මම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා”
”ක‍්‍රීඩා සමාජ කීපයක් පසුගිය සතියේ මාව මුණගැසී නිලවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළා. මේ සතියේ තවත් ක‍්‍රීඩා සමාජය කීපයක් හමුවීමට නියමිතව තිබෙනවා” යැයි 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
අර්ජුණ රණගුංග මහතා මීට පෙර වසරක පමණ කාලයක් ක‍්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ පැතුම් (දී)
අපිත් මෙච්චර කල් බෙරිහන් දුන්නේ මේ දේම විය යුතුයි කියලා තේරුම් කරන්න තමයි (ස)
ඔබ තමයි නියම සුදුස්සා (දී)
දේශපාලනය ගෑවුණු තැනක කඩා වැටීමක් මිසක් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ. (ත)
ඒ තන්නතුරට ඔබ සුදුස්සෙක් (දී)
අපි ඔබට සුබ පතනවා මේ ගමන යන්න (ස)
ජය වේවා (දී)
ඔබ හොඳ ක්‍රීඩකයෙක්. ස්ථීර තිරණයක ඉන්න (ස)
කොහොම හරි එන්න , ඇවිත් දේශපානය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් වලින් අතුගා දමන්න .ජය වේවා ! (ස)
ඔබට පුළුවන් , සුබ පැතුම් (ස)
බලපෑම් ගනන් ගන්න එපා (දී)
සුදුසුම කෙනා ඔබයි (දී)
ඒ තරගයට ඔබ නිතරගයෙන් සුදුස්සෙක් (දී)
ඔබ තමයි නියම සුදුස්සා . ඔබ කරපු සේවය වෙන කිසිවෙක් කරලා නෑ (ස)
ඔබ විශිෂ්ඨයි (ස)
ඔබ තමා නියමම සුදුස්සා අර්ජුන,ඔබේ සගයා අරව්න්ද තේරීම් කමිටුවටත් එනවා නම් මොන තරම් විශිෂ්ඨද.ජයෙන් ජයම වේවා ඔබට.................(ස)
අර ඉස්සර ඇවිදිමින් ළකුණු ලබාගත්තා වගේ විමසිල්ලෙන් ඉවසීමෙන් වැඩ කළොත් ඔබට ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න බැරි නැහැ.. ඔබයි මෙයට සුදුස්සා.. ලංකාවෙ ක්‍රිකට් වලට ඔබ අවශ්‍යම මොහොතයි මේ..!(නු)
හොඳ පුවතක් (ස)
ඇයි කලබල, තව ටිකක් ඉවසන්න හන්සයා ලකුණෙන් ක්‍රීඩා ඇමතිම වෙන්න පුළුවං.. එතාකොට ඔයකියන බලපෑම් නැහැ ..!(නු)
ඔබ එන්න ,සුදුස්සා ඔබයි (ස)
ක්රිකට්, මුදලට බාල්දු නොකල, ඉහල අයට සර් කියා නොකිව, සදුස්සාට තැනදුන් ඔබ මෙතනට සුදුසුම තැනැත්තා.අපට තව වතාවක් ලෝක කුසලානය ගැන බලාපොරොත්තු තබාගත හැකියි. කැප්ටන් කූල් ඔබට ජය! (ස)
ඔබට ජය වේවා (දී)
අදහස නම් නරකම නැහැ. හැබැයි ලැබුණොත් යමක් කරන බව ස්ථිරයි. (නි)
අන්න අර්ජුන මහත්තයෝ කරන්න පුලුවන් නම් හොද වැඩක්. හැබැයි ඉතින් දේශපාලන බලපෑම් එන එක නම් නවත්වන්න බැහැ. (නි)
ක්රීඩා කරපු ක්‍රීඩාව දන්න සුදුස්සෙක් තමයි අර්ජුන කියන්නේ .මේකට සුදුසුම කෙනා තමයි කැප්ටන් කූල් (ස)
මොන බලපෑම් ආවත් හරියට වැඩ කරන්න ඔයාට පුළුවන්. එන්න එන්න අර්ජුන ඔයා ආවෝත් මේක ගොඩ ගන්න පුළුවන් (ස)
දොඩම් ගොඩේ කතාව වෙයිද දන්නේ නැහැ (දී)
අර්ජුන අයියා තරම් සුදුසු කෙනෙක් වෙන නැහැ, අපිට නම්. (නි)
ඇත්තටම සන්තෝසයි (දී)
ඔබ තුමා නම් මේකට සුදුසුයි (දී)
ඔබ තමයි විශිෂ්ටයා... (නි)
අනිවාර්යයෙන්ම ඔහුට අවස්ථාව දියයුතුයි. ඔහු යමක් කළ හැකි කෙනෙක්. (නි)
ඔබට සුභ පැතුම් (දී)
ඒක නම් හොදයි (දී)
96 ලෝකශුරයන්ගෙන් තොර ගන්න දුන්නා නම් කොහොමද (දී)
දේශපාලන බලපෑම් නැවැත්වීම අමාරුයි .නමුත් ඔබ වැනි කෙනෙක් පත්වුණොත් ඊට විරුද්ධව කටයුතු කල හැකියි (ස)
නියමයි (දී)
ක්‍රීඩාවට සෙතක් වෙනවානම් එච්චරයි (දී)
නියම සුදුස්සෝ තමයි ඔබතුමාලා (දී)
ඔබ විශිෂ්ඨ මිනිසෙක් (ස)
ඔබ තමයි නියම සුදුස්සා . කටු පඳුරු තිබ්බත් ගමන යාම ඔබ කල යුතුයි (ස)