කොළඹ නිදහස් චතුරස්‍රය නවීකරණය කිරීමෙන් පසුව ‘කෑම සූත්‍ර‘ අවන්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි එහි සම හිමිකාරියක වන හිටපු ශ්‍රී ලංකා රූ රැජන (දැන් බොලිවුඩ් නිළියකි) කටුනායක ගුවන් තොටේ දී අකරතැබ්බයකට මුහුණ පෑවාය.
ඈ ළඟ තිබූ විදේශ ගමන් බලපත්‍රය අක්‍රීය වී ඇති බවත්, එහි තොරතුරු ගුවන්තොට පරිගණකයෙන් නොපෙන්වන බවත් කාර්ය භාර නිලධරයා ඇයට කියා ඇත.
ඇය එසැණින් ඉහළ ප්‍රභූ වරයකුගේ පුතකුට දුරකතන ඇමතුමක් දුන්නාය.
තවත් පමා නොකර ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන්නැයි කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබිණි.
සාමාන්‍ය මගියකු මෙවැනි අක්‍රීය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළේ නම් නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වෙතත් ඇය කිසිම ප්‍රශ්නයක් නැතිව ගුවන් තොටෙන් බැහැරව යනු දුටු තවත් මගියකු කීවේ ඉහළ තැන්වල ඇයි හොඳයිකම් ඇත්නම් මහ කන්දක් වුවත් වෙන තැනකට තල්ලු කළ හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි නෝනලාටත් ගිය කල! (නි)
අනේ අපේ පුතාලයි නෝනලයි? (නි)
ඔය ගැන පාර්ලිමෙන්තුවේ දී හෙට අනිද්දා අහනකොට නරි රැලක් වගේ හු කියලා පුටු පොලේ ගහලා ප්‍රශ්නය යටකරාවි. (නි)
කියනවනම් කියත හැකියි වැඩක් නැහැ (දී)
එකනේ හොදම දේ දරුවන්ට කියලා කිව්වේ ! (දී)
ඔය 'වැඩි කිරීමේ' ලකුණ පාවිච්චි කරලා ඔය දෙගොල්ලෝ පමණක් ගෙන එන්නේ නැතුව බැරිද අයථා ක්‍රම නවත්වන්න පුළුවන් අවංක පුද්ගලයින් ටිකක් ඉදිරියට අරගෙන එන්න.එතකොට ඔය දුරකතන වලින් කතා කරලා ප්‍රශ්න ඇති වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
බන්දුල පෙරේරා මට මට මාර සන්තෝසයක් දැනෙනවා ඔයත් එක්ක (දී)
බන්දුල පෙරේරා බත් කන පාන් කන මිනිස්සුන්ට ඔය ක්‍රියාවේ වැරැද්ද තෙරුනට, වෙන ජාති අනුබහව කරන ඔබ තුමාට ඕක තේරෙන්න නැහැ. (දී)
ඒ පුතාගෙ නම මම දන්නවා (නි)
කෝ මේ ලංකා තිලක්? දේශපාලන බේබිලාගේ වන්දිභට්ටකම් කරන කෙනානේ. (නි)
මගේ නමත් බිමල් . හැබැයි මේ දැන් මෙතන බන්දුල එක්ක එකතු වෙලා කුලියට කහින්නේ මම නම් නෙවෙයි. සෑහෙන කලක ඉඳල මම මේ පාඨක සභාවේ ඉන්නේ බිමල් කියන නමින්. දැන් එ් පාර තවත් බිමල් කියලා ඇම්බැට්ටයෙක් පහල වෙලා නිසා මේ ටික අනෙකුත් පාඨක මහත්ම මහත්මීන්ට කියන එක හොඳයි කියල හිතුනා. (නදී)
මේ රටේ දේශපාලනයට විලි ලැජ්ජාව ගෑවිලා නැති බව අපි ඔක්කොම දන්නවානේ. තම තමන්ට ඕනෑ හැටියට පුතාලා! (නි)
මේ රට දැන් හරියන්නේ මේ වගේ අයට විතරයි. (නි)
දේශපාලක පුත්‍රයාට එයත් එක්ක තිබෙන සම්බන්ධකම මොකක්ද? (නි)
ඔය වගේ දේවල් රජ කාලේ ඉඳලා තවම සිද්ධ වෙනවා. අපි තවම ප්‍රජාතන්ත්‍රවාදයට හරියාකාරව පිවිසිලා නැති නිසා තමයි මේ වගේ දේවල් අහන්න ලැබෙන්නේ. (නි)
මේක මිහිපිට ස්වර්ග රාජ්‍යයක් කළේ මොන පුතාලාද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒ ස්වර්ග රාජ්‍යයේ සුර දුතිකාවන් රැගෙන වෙනත් සුරලෝකවලට ගිය පුතාලා ගැනත් මාධ්‍යය ඔස්සේ වාර්තා වුණා. දිව්‍යය ලෝකවලට යනවිටදී හෝ ආපසු එනවිටදී ගමන් බලපත්‍ර ගැන අහනවා කියන්නේ විහිළුවක්. (නි)
අනේ අපොයි! (නි)
අපොයි ඩුබායි තිලක් කවුද. මේ බොලිවුඩ් නිළිය කවුද? විකාරණේ කියවන්නේ. ඉතින් වෙච්ච දේට පුදුම වෙන්න දෙයක් නැහැ. එතන ඉන්නෙත් මිනිස්සුනේ.(නදී)
ඔහොම යන් ඔහොම යන් තව ඉස්සරහට තව හොඳ ඒවා අහ ගන්න බලා ගන්න පුළුවන් වෙයි (නදී)
රාදා ගේ ප්‍රශ්නේ මටත් තියෙනවා. එහෙනුත් එහෙනම් කෝල් එකකින් තමයි ඇතුල් වෙන්න ඇත්තේ. ඇහැට කනට පේන බවලතියන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයාල ගාව තියෙන දේවල් අපේ ලග නැහැනේ. තිබුනා නම් ඩුබායි තිලක්ටත් අර අකර තැබ්බේ වෙන්නේ නැහැ. ඒක පෙන්නලා මොනවා හරි කර ගන්න තිබුනා. ඕවට ඉරිසියා කරලා වැඩක් නැහැ. (නදී)
දැන් මේ රට යන්නේ එක එක්කෙනාගේ බලපුළුවන්කාරකමට ඕනෑ විදියටද? (නි)
එතකොට ගයත්‍රී කියන්නේ ලංකාවේ ප්ලේන් ඒක ආපහු හරෝල එනවා කියලද නළුවව ගන්න. (නදී)
බන්දුල පෙරේරාට තේරෙන්නේ නැද්ද අවලංගු පාස්පෝට් එකකින් රටකට ඇතුල් වෙන්න බැරි බව? මේකෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය හෑල්ලු වුනා නේද?. (නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාළේ.... (නි)
මොන වගේ උදව්වක් දෙන්න පොරොන්දු උනාද දන්නේ නැහැ..(අ)
මෙතන අදහස් දාල තියෙන අය දිහා බැලුවහම, මට හිතෙන්නේ මේ සුරූපිනිය ගැන මේගොල්ලන්ගේ විශාල ඉරිසියාවක් තියෙනවා කියලයි. මේ හැමෝටම මට කියන්න තියෙන්නේ රට යන අතට මැස්ස ගහමු කියලා. කොට ගවුමක් ඇඳගෙන ලොක්කෙකුගේ පුතෙක් යාලු කරගන්න කියලයි. (නදී)
මේ නෝනාගේ අවන්හලේ ආප්ප හදන්නේ රත්තරන් ආප්ප තාච්චියකද මන්දා, ගොඩක් ගණන්නේ.... (නි)
මේක හිතන්නවත් සුදුසු වරදක් නොවෙයි (දී)
දැන් මේ බොලිවුඩ් නෝනලාට ඕනෑ හැටියටද රටේ වැඩ සිද්ධ වෙන්නේ? (නි)
මෙහෙම නෝනලාට ඕනෑ විදියටද දැන් රට යන්නේ? (නි)
විලි ලැජ්ජාවක් නැතිකම තමයි අද ජීවත්වෙන්න තියන ලෙහෙසි පහසුම සුදුසුකම. (නි)
කඩේ යන්නම බලාගෙන ඉන්න අයට විදේශ ප්‍රතිපත්තියේ වටිනාකම තේරෙන්නේ නැහැ. බාල්දු වෙන්නේ මුළු රටමයි. පාඩු වෙන්නේ මුළු රටේම වැසියන්ටයි. (නි)
මේ රට කවදාහරි නැතිවෙන්නේ මේ වගේ අය නිසා තමයි (නි)
බිමල් කඩේ යන්නම බලාගෙන ඉන්න අයට විදේශ ප්‍රතිපත්තියේ වටිනාකම තේරෙන්නේ නැහැ. බාල්දු වෙන්නේ මුළු රටම. පාඩු වෙන්නේ මුළු රටේම වැසියන්ට. (දී)
අද රටේ තැන තියෙන්නේ මේ වගේ නෝනලාට තමයි. (නි)
එක දුරකථන ඇමතුමෙන් වැඩේ කරගන්න කොහොම බලයක් ඇද්ද මේ බොලිවුඩ් නෝනාට? අපිට දැන් තියෙන්නේ ඇලඩින්ගේ පුදුම පහන දැක්කා වගේ කට ඇරගෙන බලාගෙන ඉන්න . (නි)
පුතාගේ නම මොකක්ද? (නි)
මම ඒ නිළියගේ නම කියන්නද (දී)
අපේ සංවේදී දේශපාලන පුතාලගේ වැඩනේ මේවා... (නි)
ඔන්න පුතාලගේ වැඩ කිඩ. (නි)
මොනා වුනත් ඈය දක්ශ නිලියක් (දී)
අයියෝ! මොනවද මේ අහන කතා? (නි)
මම ඉන්නේ ජපානේ මගේ පාස්පෝට් එක ඉල්ලලා අවුරුද්දක් වෙනවා තාම නැහැ. (අ)
ප්‍රබු වරයකුගේ පුතකු වීමත් අද කාලයේ දේව වරප්‍රසාද ඇති කෙනෙකු මෙනි . ඕනෙම අවනීතියක් නිතිය බවට පත්කළ හැකි , රිමාන්ඩ් බාරයේ සිටිනා අයවත් එලියට දැමිය හැකි බලයක් සතුව ඇත (දී)
තරිඳු , රට බාල්දු වෙන්නේ ලෝක වටේ සල්ලි ඉල්ලා ඉල්ලා හිගමනේ යාමෙන්. (දී)
මගේ ගමන් බලපත්‍රය මාස 6 ක් වලංගුභාවය නැහැ කියලා (සතියක්) පසුවෙලා කියලා ගුවන් තොටුපොලෙන් යන්න දෙන්න බැහැ කියලා කිව්වා.රෑ 1 ට මට නැවත ගෙදර යන්න වෙන නිසා සහ නැවත මුදල් දීලා බලපත්‍රය අලුත් කරන්න වෙන නිසා ගොඩින් එන්න ක්‍රමයක් ගැන අහලා ඒ ක්‍රමයෙන් මම යන්තම් ලංකාවෙන් "චුත" වුණා. (නි)
නිළිය නම් කවුද කියා දනිමි, දේශපාලන පුතා කවුද නොදනිමි (දී)
නිළිය කෙලින්ම ගියේ කාගේ ගෙදරටද ? (නදී)
ඒ වුනාට කොහොමද මේ දේශපාලන බලවතුන් අනෙක් උදවියට ළමයින් හදා වඩා ගන්න උපදෙස් දෙන හැටි. (නදී)
ඒ වුනාට කොහොමද මේ දේශපාලන බලවතුන් අනෙක් උදවියට ළමයින් හදා වඩාගන්න උපදෙස් දෙන හැටි? (නි)
තිලක්-ඩුබායි, මෙහෙම ගියොත් ඔයාට නෙමෙයි අපිටත් මෙහෙන් චුත වෙන්න තමයි වෙන්නේ. බොලිවුඩ් ආර්යාවන්ට ගිය රටක්නේ දැන් මේක. (නි)
බන්දුල පෙරේරා, වහෙන් හොරෝ භාෂාවෙන් මෙතන කුණුහරුප කියන්න එපා.ඔහේ මෙතන අදහස් දාන්න සුදුසු කෙනෙක් නෙවෙයි. .වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිල්ලා නැති, කඩේ යන්නා.....චි..චි...බොහොම අප්ප්‍රසන්නයි. (දී)
බන්දුල පෙරේරාට අලුතින් කියල කොට ගවුමක් අදින්න ඕනේ නැහැ.කොහොමත් ඇදගෙන ඉන්නේ කොට ගවුමක් තමයි. මම දැක්ක අර නැති වුන දරුවාගේ ලිපියට ගැහැණු නමකිනුත් අදහස් දාල එයාම අනුමත කර ගන්නවා.(නදී)
තව තව ප්‍රවෘත්ති පසුවට ඒවි. මොන මොනවා හරි උත්තරත් දේවි. පස්සේ ඔක්කොම අමතක වේවි. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
මමනම් ගුවන් තොටුපොළට යන්නේ මොනර කොළ මිටියක් අරගෙන. තියෙන කමකට නෙමෙයි මේ රට යන අතට මොනර කොළ මිටියක් නැතිව ලංකාවෙන් "චුත" වෙන්න බැරි කමට. (නදී)
කෑම සූත්‍ර කෙසේවෙතත් මට නම් හිතෙන්නේ වෙන දෙයක් (නි)
මට හරි ආසයි කවදාහරි දවසක හැමෝම එක වගේ අයිතිවාසිකම් තියන රටක් දකින්න. (නි)
මෙවන්, එහෙම ගොඩ දෙනෙක් නැහැ. බන්දුල පෙරේරම විවිද නම් වලින්, ගැහැණුන්ගේ නම් වලින්, විදෙස් රටවල ඉන්න අය වගේ විවිද ජාතිකයන්ගේ නම්වලින් අදහස් දානවා. ගණන් ගන්න එපා.(නදී)
අපේ රටට නම්බුවකට කියලා ඉතිරි වෙලා තිබුනේ බහුතරයක් කාන්තාවන්ගේ ලජ්ජා බය විතරයි. දැන් ඒකටත් හෙණ ගෙඩියක් බොලිවුඩ් වලින් පාත්වෙලා. (නි)
මට හිනායන්නේ මේ සමහර බලවතුන් මහජනතාවගේ දරුවන්ට බණ කියා කියා රට වටේ යන හැටි ! (නි)
රෙස්ටුරන්ට් එකට මරු ප්‍රසිද්දිය.ඔය හැමෝම ලබන පාර ලංකාවට ගියහම ට්‍රයි කරලා බලන්න.හැබැයි ආප්පයක් රුපියල් 200 ලු. (දී)
අපිට මොකද අනේ ඕනෑම දෙයක් කර ගන්න. බදු මිල අඩු කරන්න බැරිද ඔය අතරේම (දී)
මට තේරෙනවා බන්දුල පෙරේරා මේ දවස් වල මොන අවන්හලෙන් ද කෑම කන්නේ කියලා. (නදී)
අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවේ පිටවීමේ පර්යන්තයෙන් පිටවුනේ කොහොමද? (නදී)
හැම තැනම දේසපාලනය ගෑවිලා , රටකට ගිය කලක්. මොන වැඩේ කලත් දේශපාලනය කියන ගඳ ගැවෙනවා (දී)
මොකද්ද ඒ නිළියගේ තියෙන විශේෂය (දී)
අවසානයේ ඔය ගැහැණු කරලා යන්නේ අපේ රටේ කෙල්ලෝ කොල්ලන්ට සුත්‍ර උගන්වල යන එක විතරයි (නදී)
ඔය හෝටලයේ නම කෑම සුත්‍රය ද ? (දී)
කව්ද අනේ මේ (දී)
අනේ ඔව් බන්දුල, වැඩේ කැතයි නේද? බලන්න අනේ ලංකාවේ තරුණ බවලතුන් ඒ ගොල්ලන්ට නැති පිනක් බොලිවුඩ් නෝනාට පහළ වෙන්න යනකොට ඉරිසියාවේ කියන කතා. බන්දුල,ගණන් ගන්න එපා. (නි)
'කෑම සූත්‍ර' තේරුම අහන අය එය ඉන් ග්‍රීසියෙන් ලියල බලන්න . එතකොට මේ සිද්ධිය ගැන ගොඩක් අයට ඇති ගැටළුත් නිරා කරණය වෙයි. (දී)
කවුද අප්පේ මේ පුතා (දී)
ඔන්න ලංකාවේ තත්ත්වේ (නදී)
අනේ අපිට මොකද (දී)
ඉගෙන ගෙන නැති වුනත් ඔන්න වැඩ (නදී)
මෙන්න මේ බවලතීට අපි ඉරිසියාලු. අනේ ඔහොම සිල්ලර ගෑනු ආත්මයක් කවුද පතන්නේ ? (ස)
කොහොමත් ඉතින් අසවල් සුත්‍රය නැත්නම් බොලිවුඩ් වල රඟපාන්න බැහැනේ. (නි)
අන්න ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ. එ්ක තියෙන්නේ අපි ඔහෙලට නෙවෙයි. (නදී)
මේ බොලිවුඩ් නෝනලා සහ ඒගොල්ලන්ගේ සුත්‍ර නිසා හෙට අනිද්දා වෙනකොට අපේ රටේ ලැජ්ජා නහර කපා නොගත්ත බවලතෙක් සොයාගන්න බැරි වේවි. (නි)
මමනම් දන්නවා පුතාගේ නම, ........ගේ පුතා. (ස)
මට හරි අසයි කවද හරි දවසක හැමෝම එක වගේ අයිතිවාසිකම් තියන රටක් දකින්න. එංගලන්තය වගේ. (දී)
අනේ අපිට උනානම් (දී)
දේශපාලක තුමාගේ නම හරි පුතාගේ නම හරි කියන්න (දී)
ලැජ්ජා නහරය කපාගත් අයගේ අනිත් අයට ඉරිසියා කරන්න තරම් දෙයක් ඉතිරි වෙලා තියනවද ? (නි)
වෙන රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)
මිලඟ ජවනිකාව, මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් ක්‍රිායත්මක කරනවා, ඇක්ෂන් (නදී)
ඔය නාට්‍යට මොකද්ද දාන නම (දී)
" කෑම සුත්‍ර " අවන්හල් සම හිමිකාරිනියට කවුරුත් සරන්ඩර් වගේ. (නදී)
මමනම් නම දන්නවා ඒත් කියන්න බැහැ (දී)
මෙතන සිද්ධිය නිවැරිදි යයි මම කියන්නේ නැහැ. මෙම සිද්ධිය පිටිපස්සේ වෙන කතාවක් තියනවා. මමත් මගේ බිරිඳත් වසර තිස් පහක් තිස්සේ යුරෝපයට ගිය ගමන් කොපමණද කියා මතක නැහැ . එක දවසක් මගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රයට ඔය සිද්දියම උනා. ඇයව නම් පැය දෙකක් පමණ තියාගෙන තමයි නිදහස් කලේ. හේතුව පරිඝනක දෝෂයක් නිසා හෝ අතපසු වීමක් නිසා කොළඹ ප්‍රධාන කාර්යාලයේ දත්ත ගොනුවට මෙම ගමන් බලපත්‍රයේ දත්ත ඇතුළු වී නොතිබීමයි. අපේ පැරණි වාර්තා බලා අපිට යන්න දුන්නට මැද පෙරදිග රස්සාවකට යන අහිංසක ගමේ සොහොයුරියකට මෙහෙම උනොත් කාගේ පිහිටද.(නදී)
මේවට ලැජ්ජා විය යුත්තේ දේශපාලන ඡන්ද වහලුන් සහ එක් අයෙකු හෝ පක්ෂයක් දෙවරක් රජ කරවීමට ඡන්දය දෙන අය. මේ රටේ ඇත්තේ බල පෙරේත දේශපාලනයක් මිස මහත්මා දේශපාලනයක් නොවේ. (නදී)
නම් නැතුවටද මේ වගේ නමක් දැම්මේ (දී)
ලංකාවේ කවදාවත් සදාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. (නදී)
ලැජ්ජයි බන්දුල පෙරේරා! (නදී)
අනේ බන්දුල .....(දී)
මේකෙන් අපි කාටවත් ප්‍රශ්නයක් නැහැනේ (නදී)
මේ තරම් බලයක් තියෙන පුතා කවුද (දී)
ඒ පුතාගේ නම ප්‍රසිද්ද කරන්ඩ,(දී)
පතිරාජ සහෝදරයා, එංගලන්තේ එහෙම එකක් නෑ. එ්ක වගේ අයිතිවාසිකම්. ඒක තියෙන්නේ "ස්වර්ග රාජ්ජයේ" පමණයි. (නදී)
මේ සියලු දේ ඔබේ මගේ චන්දෙන් වෙනස් කල හැකි බව හිතන්න (දී)
කව්ද ඔය දේශපාලන පුතා ? (නදී)
ආ ඕකට කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලනේ (නදී)
පුංචි අපිට තමයි අනේ ඔක්කොම (දී)
මොනවා කියන්නද වැඩක් වෙයිද මේවා අපි කියුවට (දී)
මේවා මේ නාවිත්තෙන් උනා නොවෙයි (දී)
බන්දුල පෙරේරා ගේ කීම මමත් අනුමත කරනවා. ඔක්කොම කතා කරන්නේ ඉරිසියාවට . අපේ රටේ පුරවසියෙක්නම් එයට ඕන වෙලාවක ලංකාවට ඇතුල් වෙන්න පුළුවන්. ඒකට කාගෙවත් අවසරයක් ඕනේ නේ. ආගමන විගමන් නිලදාරීන් බලන්නේ නීති විරෝදී ගමන් බල පත්‍රයක් කියලද විතරයි හරි විදිහට ලංකාවෙන් පිටවෙලා තියෙනවනම් ,ලංකාවේ පුරවසියෙක්නම්, කිසිම ප්‍රස්නයක් නැ.සාමාන්‍ය මිනිහෙක් ආවත් කිසිම දෙයක් කරන්න බැ.එයාට රටට ඇතුල් වෙන්න දෙන්න ඕන.හැමෝම සුභවාදීව හිතන්න පුරුදු වෙන්න එපා . ටිකක් සුබ වාදීව හිතන්න බලන්න (දී)
හැම තැනම දේශපාලනය ගෑවිලා. (නදී)
නිතිය කාටත් පොදු වෙන්න ඕනේ (දී)
මම දන්නවා ඔය කියන නිළිය (දී)
බිමල්, ඔබත් බිම ඉපදුන මලක්, මමත් බිම්මලක්, සුකුමාර තරුණියකගේ දගකාරකමකට නිතිය ටිකක් නවල දෙන්න බැරි තරම් අපි කුහක උනේ ඇයි? (නදී)
ඔය බලය යොදවන්නකෝ හොද දේකට (දී)
තරිඳු, රටේ විදේශ ප්‍රතිපත්තිය හෑල්ලු වීමෙන් ඔබේ ජිවිතයට උන පාඩුව මොකක්ද? (නදී)
ගුවන් තොටුපල සේවකයෝ මොනවා කරන්නද (දී)
කවුද ඔය කියන දේශපාලක පුතා (දී)
අපේ රටේ අනන්‍යතාවය කියලා ඉස්සරහට පෙන්නන්න වෙන්නේ කඩුලු හතෙන්ම පැනපු බොලිවුඩ් නෝනලා ටිකක් බව දැන් හොඳටම පැහැදිලියි. (නදී)
ඔය හැම සුත්‍රයම අපිට තමයි (දී)
මේ තරම් බලවත් දේශපාලකයින්ට බැරිද අර වතුර නැතුව ඉන්න මිනිස්සුන්ට වතුර ලබා දෙන්න (දී)
බලන්න ඕන ඒ උනාට ඉමිග්රේෂන් එකේ මහත්තුරු, පාස් පොර්ට් වීස ඔක්කොම තිබුනත් කාන්තාරේ දුක් විඳලා පාන් වෙලා යන අපි දිහා බලන හැටි; පොඩ්ඩක් හිනා මුනකින්වත් බලන්නේ නෑ, ඔරවන් ඉන්නේ හරියට හතුරෙක් දැක්ක වගේ.......... මම කියන්නේ බොරු නම් බලන්න අහල තව ගල්ෆ් එකේ දුක් විඳින මනුස්සයෙක්ගෙන්. (දී)
කොහොමත් ලංකාවේ නිලියන් බහුතරය මැති ඇමති වරුන් සහ ඔවුන්ගේ පුතුන් සමග සමීප සම්බන්දතා පැවැත්වීම රහසක් නොවේ . තමාගේ පැවැත්ම සඳහා මුදල් සොයා ගෙනිමට සහ බොහෝ දේවල් ලෙහෙසියෙන් කර ගෙනිමට එය ඉවහල් වන නිලියන් දන්නවා. එය වෙනුවෙන් නිලියන් බොහෝ දේවල් ඔවුන් වෙනුවෙන් කැප කරනා බවත් රහසක් නොවේ. (ස)
ඕවා ඔහොම තමයි වැඩිය හිතන්න එපා (දී)
අපෙන් ඇත් වැරදීමක් උනත් දවස් ගණනක් හිරේ තමයි ඉන්න වෙන්නේ (දී)
මමත් කෝල් එකක් දෙන්න ඕනේ ගුවන් තොටුපලට වෙයිද බලන්න (දී)
දේශපාලනය ගැන කල කිරෙන අවස්තාවක් (දී)
සමානාත්මතාවය නැත්තේ මොකද (දී)
මමත් නම දන්නවා කියන්න බයයි. සුදු වෑන් එකක් ගෙදර එවයි. (නදී)
ඔබේ ඡන්දයෙන් දේශපාලන ව්‍යුහය වෙනස් කරන්න උත්සහ ගන්න. මෙවැනි සිදුවීම් අඩුකරන්න ජ.වී.පෙ ට ඡන්දය දෙන්න. වෙනසකට කාලය ඇවිත් (නදී)
. හෙට අනිද්දට මේ බොලිවුඩ් නෝනලා විසිල් එකක් ගහපු ගමන් ඔක්කොම පුරවැසියන් දොහොත් මුදුන් දීල කඹුරන්න ලැස්ති වෙලා ඉන්න. (දී)
එක කෝල් එකකින් ඔහොම කරන්න පුලුවන්ද (දී)
කවුද ඉතිං අරයා තමයි මෙයා. අපි දන්නවා මේවා අසාධාරණ වැඩ (නදී)
ඔවුව ඔහොම තමයි මෙයා (දී)
මෙවන්, බන්දුල පෙරේරාට මෙතන කඩේ යන්නේ එයාමයි. වෙන වෙන නම් වලින් පෙනී සිටිමින්, එයාගේ ගොන් කතා, එයාම අනුමත කර ගන්නවා.(නදී)
අපොන්සු මහතා කියපු කොට ගවුමක් ඇඳන් ලොක්කෙකුගේ පුතෙක් යාලු කර ගන්න වැඩේ මෙතන ඉන්න එක්කෙනෙක්ට නම් ලේසියෙන්ම කරන්න පුළුවන්. කඩේ ගෙනියන මල්ල කාන්තා අත් බෑග් එකකට මාරු කරන්න විතරයි තියෙන්නේ. (නදී)
ඔය කඩේ නම වෙනුවට ඔතනට ගැළපෙන්නේ වෙන නමක් (නි)
අපි දන්නවා කවුද කියලා (නි)
ලංකාවෙත් ඔබාමලා ඉන්නවානේ. (නි)
ඕව මොනවද ජපානයේ ගුවන්තොටුපලින් රට ඇතුලට යන්න අපු ආර්නෝල්ඩ් ගමන් බලපත අමතක වෙලා ඇවිල්ල තියෙන්නේ. අබේ අගමැති ගමන් බලපත් නැති අර්නෝල්ඩ් රට ඇතුලට ගත්තා (නදී)
ලෝකයේ උතුම්ම රට ලංකාවයි...ලංකාවයි, අපේ ශ්‍රී ලංකාවයි.. (නි)
කරුනාජිව බලාගෙන. ඔය ඉරිසියාව කුහකකම් ඔය ශරීර කුඩුවේ හිරකරන් හිටියට ඕක පීඩනය වැඩි වෙලා කොයි වෙලාවේ පුපුරලා යාවිද දන්නේ නැහැ. ඉස්පිරිතාලෙකටවත් ගෙනියන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ. මම මොනවද කියපු කුණුහරුප. වැස්සට කවුද මහත්තයෝ ඉස්කෝලේ යන්නේ. මෙතන අදහස් දාන වැඩි හරියකගේ තියෙන්නේ ඉරිසියාව. තමන්ට නැති කම. නැතුව මේ සිදුවීමේ වැරද්දක් දැකල දාන අදහස් නෙමෙයි. (නදී)
නම නම් මමත් දන්නවා (නි)
ලංකාවේ දේශපාලුවන්ට නීතිරීති නැහැ. (නි)
හොඳ ප්‍රසිද්ධ ලස්සන නිළියක් දැක්කහම අපේ අයගෙත් කොන්ද නැමෙනවානේ! (නි)
බන්දුල පෙරේරා මහත්තයාගේ කතාව සහතික ඇත්ත. අපි අපේ නුගුණ අවබෝධ කරගත යුතුයි (දී)
ශ්‍රී ලාංකික කාන්තාවක් වශයෙන් තම මව්බිමට ඇතුළුවීමට විදේශ ගමන් බලපත්‍රය ගැන තැකීම අවශ්‍ය නොවන්නේ ඇය විදේශයකින් පිටවී පැමිණි නිසාය. බොලිවූඩ්,හිල්වූඩ්, ප්ලයිවූඩ් හෝ වේවා ඇය ආපසු හරවා හැරීම යුතුකමක් නොවේ. (නි)
බලය කියන්නේ ඔන්න ඕකට (දී)
අපි චන්දේ දීලා පත්කරලා තියෙන්නේ මේවගේ වැඩ කරන්න කියන එක අපි හොදින් මතක තියාගතයුතයි. මේක පොඩි දෙයක් මේ දේශපාලකයෝ හා එයාලගේ පුතාලා මීට වැඩ දේවල්නේ කරන්නේ (දී)
ඕකට එම නිළියට බැනලම හරියන්නේ නැහැ. අපේ සාමාන්‍ය ජනතාවත් දරුවාව පාසලට දාගන්න එකේ ඉඳලම පුරුදුවෙලා ඉන්නේ ඔය විදියට දේශපාලකයන්ගේ පස්සේ යන්නනේ. (නි)
මම නම් අර කඩේ යන භවතා බවලතියකට කඩේ යනවා දැක්කමයි. වෙනදාට මෙතන ඉන්නේ තුන් ලෝකෙම ස්ත්‍රී සංහතියට බැන ගත්ත ගමන්නේ. සුත්‍රයක් නිසා මිනිස්සු වෙනස් වෙන හැටි. (නදී)
නිළිය ප්‍රසිද්ධ නිසා තමා ඕවා අපිට අහන්න වෙන්නේ. දේශපාලකයන්ගේ නම ගෑවුනු අයට පවා වරප්‍රසාද ලබන කාලයක් මේක. (නදී)
ඔයාලම නේද ඡන්දය දුන්නෙත් (නදී)
දුප්පතාට තමා හැම තැනදීම උපහාසේ සල්ලි ඇති වුන් හැමදා නිදහසේ (නදී)
බන්දුල පෙරේරා මහතාණෙනි, ඔබ ඇත්ත ඇති සැටියෙන්ම කිවූ නිසා මෙහෙ උපාසක මහතුන් බොහොමයක් ඔබ සම උරණ වී ඇති බව පෙනේ. කොට ගවුමට "හිත උණු වන" මනුස්සකමින් අපි කාටවත් දෙවැනි නැහැ.(නදී)
මේ නාට්‍යයේ නිළිය හා නළුවා කවුද (දී)
දැන් මේ වැඩෙන් රටට උන පාඩුව මොකක්ද? (නදී)
මේ ලගකදී එංගලන්තයේ ඔරලන්ඩෝ බ්ලූම් කියන නළුවා කිසියම් ගමනක් යන බලාපොරුත්තුවෙන් ගුවන්තොටුපලට ආවා. හැබැයි එයා එනකොට හොදටම පරක්කු වැඩියි යානය පිටත්වෙලා ගිහිල්ලා. ඉතින් ආපහු හැරිලා ගිහින් පහුවදා එම ගමන ගියාලු. අපේ රටේ තත්වය ගැන මොකට කියනවද (නදී)
දේශපාලන බලය තියෙන තැන ඔහොම තමයි, මට තිබුනානම් මමත් එහෙම තමයි (දී)
බන්දුල පෙරේරා කියන එක හරි. අපි බලයට අවොත් ඕව හරිගස්සනවා කියන කෙනෙක් ඉන්නවද ඒත් නැහැනේ. (නදී)
ඉහළ ප්‍රභූ වරයකුගේ පුතා කියා කිව්වේ රජයට පක්ෂ කෙනෙක්ද විපක්ෂ කෙනෙක්ද? (නදී)
මේ පුතාගේ නම දාන්න (නදී)
කෑම සුත්‍රය මොන සුත්‍රය වේවිද දන්නේ නැහැ (නදී)
අනේ මන්දා මේක ඔය තරම් උඩ පනින්න ඕන දෙයක්ද කියලා. ප්‍රසිද්ධ කාන්තාවක්. හොර වැඩකට යන එන ගමනකුත් නෙමෙයි. මේ විදියේ දේවල් වලට පොඩ්ඩක් බලේ පාවිච්චි කරන්න බැරිනම් මේ බලේ මොකටද? කට්ටිය ඔය ඔක්කොම හීන දකින්නේ ඔය බලේ ගන්න තමයි. ගත්ත දවසට මෙයිට වඩා බලවත් විදියට බලවත් සිදුවීම් වලට බලය පාවිච්චි කරාවී. මම ඔතනට ගියානම් මම ඔය පුතා උනානම් මාත් එහෙමයි. අනේ මොකටද බොරු කියන්නේ. මේක බොහොම සුළු බලය යෙදවීමක් පමණයි. ඔන්න මේ රටට එන්න බැරි අල්ලන්න ලිස්ට් එකේ ඉන්න එකෙක් ගුවන්තොටේදී අල්ලා ගත්තා නම්, එහෙම නැත්නම් කුඩු හරි වෙන ජාවාරමක් කරන එකෙක් අල්ල ගත්තා නම් එහෙම එකෙක්ව නිදහස් කරන්න කිව්වා නම් වැඩේ වැරදියි. මේක ගණන් ගන්න දෙයක්ද? මේ කට්ටියගේ ඉරිසියාව. වෙන මොකුත් නෙමෙයි. (නදී)
මෙතන මේ බිමල් ගේ නමින් අදහස් දමන්නේත් බන්දුල පෙරේරා තමයි. ඔරිජිනල් බිමල්ට මම කියන්නේ ඔබේ නම වාසගමත් එක්ක හෝ කැමති ආකාරයට වෙනස් කරගන්න. බන්දුල අන්තේවාසික බිමල් ගේ අදහස් වලින්ම පේනවා එයා බන්දුලගේ ගෙදර ඉන්න කෙනෙක් කියලා. (නදී)
බන්දුල පෙරේරා කියපු කතාව හරියට හරි. (නදී)
මාර පුත්‍රයෙක් තමයි. (නි)
කුමාරි පාඩුවක් නැහැ ඔයාල වගේ ඔටුවොත් ඉන්නවා කියලා දැනගන්න ලැබුනා (නදී)
කවුරු වුණත් කාන්තාවන්ට කැමති කෙනෙක් (නි)
මෙම සිද්ධිය අනාගතයට ඉතා නරක පුර්වාදර්ශයක් විය හැකි මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය සහ ජිනීවා සම්මුතියද හෑල්ලුවට ලක් කර ඇත. (නි)
මෙයා එහෙන් ආවේ කොහොමද ? (නදී)
"කෑම සූත්‍ර" මොකක්ද මේ නමේ තේරුම? (නි)
අහිංසක තරුණියකගේ දුක නොතේරෙන බමුණන්ට කියන්නට මට පරණ පැල් කවියක් මතක් උනා. වෙල් යායක ගොන් දෙදෙනෙක් කකා උනි ඉන් එක ගොනෙක් රුව අඩුවී පැකිලෙන්නි රුව ඇති ගොනා මැස්සන්ගෙන් වැඩ ගන්නී දුප්පත් කමත් හැඩ රුව නැති ගොනා වැනි (නදී)
මීට වැඩිය වැරදි වැඩ තියෙනවා කතාකරන්න. මේ මනුස්සයා දන්නා බලවතෙකුට කතා කරලා වැඩේ කරගත්තා (නදී)
දැන් මෙතන වැරද්දක් කර ඇතිනම් එය කර ඇත්තේ බොලිවුඩ් නිලියද, ඇමති පුතාද නැතිනම් බන්දුල පෙරේරාද? (නදී)
ඔය පුතාගේ නම කිය කියා මිනිස්සු වැඩ කරගන්නවා. මේකත් එහෙම වැඩක් වෙන්න බැරිද? (නි)
අනේ බන්දුල පෙරේරා මහත්මයා කටින්ද කතා කරන්නේ කියල හිතෙනවා වෙලාවකට.දුකයි ඉතින් මෙයා වගේ තව ගොඩ දෙනෙක් මය වගේම කඩේ යන්න සැදී පැහැදී ඉන්නවා කියල හිතෙනකොට. (දී)
තවත් දේශපාලන හපන්කමක් (නි)
අනේ ඇත්තද කාශ්‍යප ? අපිට නුගුණ නෙවෙයි මේ විගඩම් දැකල දැන් නුහුගුන වෙලා තියෙන්නේ . (දී)
දේශපාලනය කියන එක කවුරුවත් තවම හරියට ඉගෙන ගෙන නැහැ (දී)
මේවා සුළු දේවල් මේ රටේ වෙන දේවල් එක්ක බලද්දී (දී)
නිතිය සැමටම පොදු නැහැ කියන එකට හොඳ උදාහරණයක් (දී)
මට මොකුත් කියන්න දෙයක් නැහැ (දී)
මොකද ඔයවගේ කැත නමක් දැම්මේ ඒ හෝටලයට (දී)
මටත් දෙන්නකෝ ඒ නොම්මරය හදිස්සියට කතා කරන්න (නි)