(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සතියක් ඇතුළත ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඊට අමතරව ලංකාව දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන ආකාරය හා ඒවා කළමනාකරණය කිරීමට අදාල නිති රීති සකස් කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස ආවරණය කිරීමේ පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා කීවේය.
ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය නිමකර මෙරටට පැමිණිමෙන් පසුව මෙම කාර්යයන් කරන බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබිච්ච තනතුරට මොනවාහරි කියන්න දෙයක් තිබෙන්න එපාය නේද? කොහොමද දේශගුණික ඇමතිකමක් ලැබුනොත්?
රට ගොඩගන්න දේශපාලන විපර්යාස ගැසට්ටුවක් ගහන්න.