දැඩි පොහොර හිගයක් පවතින බවත්, ගොවීනට පොහොර නොලැබෙන බවත් කියමින් අමුඩ ගසාගෙන දේවහූව ව්‍යාපාරයේ කුඹුරක දී එහි ගොවියෝ අද පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ද ඊට එක් විය.
දැඩි පොහොර හිගයක් පවතින බවත්, ගොවීනට පොහොර නොලැබෙන බවත් කියමින් අමුඩ ගසාගෙන දේවහූව ව්‍යාපාරයේ කුඹුරක දී එහි ගොවියෝ අද පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ද ඊට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවකට හිටිය පාලකයන්ට තමයි ගොවියන්ගේ දුක තෙරුනේ (දී)
නියමම ගොවියෝ ..... (නි)
මං හුඟක් වෙලා බලාගෙන හිටියේ මේ පින්තුර දිහා මොකක්දෝ අඩුවක් දැනුන හින්දා. මෙතන මීහරක් නැහැ නොවැ බොලේ. (නි)
බතික් අමුඩයක් ගහලා තියෙන්නේ (නි)
අවුරුදු 1200 ප්‍රමානවත් ඇපටයිට් නිධියක් තියෙන අපිට, තවම පොහොර ටික හදාගන්න බැහැ (අ).
මාමේ, ඉතින් උදැල්ල බිම තියල මෙතනට වරෙන්කො. උදැල්ල පිටින් ඔතන ඉන්නකොට ඕනෑ කෙනෙකුට තේරෙනවා මේක බොරුවක් කියලා. කරේ උදැල්ල තිබ්බට මඩ නැහැනේ...කඩෙන් ගත්ත අලුත්ම උදැල්ලක් වගේ මේක (නි)
සරත් කියනවා වගේ මේක නම් දේශපාලන අමුඩ කතාවක් වගේ. (නි)
මාර දේවල් තමයි ලංකාවේ වෙන්නේ (නි)
ඇයි වස පොලවට දාන්නේ? ඉස්සර අපි කල විදියට පිදුරු සහ කොළ වර්ග පොරට යොදාගන වී වගාව හොඳට කළා. ආයිම ඒ ක්‍රම පටන් ගත්තොත්, වැඩි මිලක් ගන්නත් පුළුවන් . මිනිස්සු අකාලේ විස කාලා මැරෙන එක නවත්තන්නත් පුළුවන් නේද ? මොළේ තියෙන අයවත් මේවා පටන් ගන්න. (ස)
දෙන්නෙක් තුන්දෙනෙක් අඹුඩ ගැහුවට මදි. (නදී)
දුප්පහතාට තමයි හැම කරදරයක්ම.(නදී)
පොහොර බාවිතය වහාම අඩු කලයුතුයි. පොහොර යනු විෂය. මේ බව ගොවින් දැන ගග යුතුය.(නදී)
හැම දෙයක් පිටිපස්සෙම දේශපාලකයෝ ඉන්නවා මෙය සැබෑ ගොවියන්ගේ වැඩක් නම් ගොවියෝ ගොඩක් ඉන්න ඔනනේ. (අ)
එප්පාවල ඇපටයිට් නිධිය නිසි ලෙස භාවිතා කර ලංකාවේදීම පොහොර නිෂ්පාදනය කිරීමට මෙතෙක් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම ගොවීන්ගේ අවාසනාව. මා කළ සමීක්ෂණයකදී කුරුණෑගල කවිසිගමුවේත් කුඩා ඇපටයිට් නිධියක් හමුවුනා. ඊට අමතරව බොහෝවිට ඉවතදමන පිදුරු නැවත කුඹුරට දැමීම හා වෙනත් කාබනික පොහොර භාවිතයටත් ගොවීන් මීට වඩා නැඹුරුවීම අවශ්‍යයි. (නි)
වඩා උන්නන්දු වෙලා තියෙන්නේ අඹුඩෙ ගැනනේ " අඹ යනු වතුරට කියනු ලබන වචනයක්, වුඩෙ යනු ඇඳුමට කියන වචනයක් ඒ නිසා වතුරට අදිනු ලබන ඇඳුම අමුඩේ නොව ‘අඹුඩේ‘ විය යුතුයි. (ස)
අපි නොදන්නා අමුඩේ? අපේ තාත්ලා ඒ දවස්වල අමුඩේ ගහලා වෙල්වල වැඩ කෙරුවා. (නි)
තවත් ඡන්දෙ දෙන්නකෝ (නි)
මේකේ කොහෙද වෙලක් තියෙන්නේ. හරියට හේනක් වගේ. (අ)
අමුඩය සහ උද්ඝෝෂණය අතර තියෙන සම්භන්ධතාවය මොකක්ද? (අ)
ඇදගෙන ඉදපු සරමද මන්දා අමුඩයක් කරන්න හදලා තියෙන්නේ. පොහොර නැත්නම් අදාල ආයතන වලට කතා කරලා පොහොර ගෙනත් දෙනවා මිසක් මාධ්‍ය සාකච්චා පවත්වලා මක්ක කොරන්නද? ටීවී බලන මිනිස්සු පොහොර ගෙනත් දෙනවද. (නි)
අසරණ මිනිස්සු (දී)
මිනිස්සුන්ට සහනයක් ඉෂ්ට කරන්න (දී)
කාලෝචිත මාධ්‍ය සාකච්චාවක්
කෝ එතකොට අපේ මහත්තයගේ අමුඩේ? (නි)
මෙචර කල් පොහොර දුන්නේ විපක්ෂයෙන්ද (දී)
උපුල්, ඔයා පශ්චාත් භාගයයි, අමුඩයයි අතර තියන සම්බන්ධතාවය ගැන දන්නවද? (නි)