නව වසර උදා වීමෙන් පසු ඉකුත් පැය 48ක කාලයේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාර්ග අනතුරුවලින් 13 දෙනකු මියගොස් 23 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මොරටුව, දඹුල්ල, රත්නපුර අංගම්මන, අම්පාර මංගලගම, තංගල්ල, කරගම්පිටිය, මහරගම, කෙරලවැල්ල, බුත්තල, කොළඹ පංචිකාවත්ත සහ වැලිකඩ ප්‍රදේශවල මෙම අනතුරු සිදු වී ඇත. යතුරු පැදි ත්‍රිරෝද රථ අනතුරු සහ බස් රථ අනතුරු මෙම මරණ සහ තුවාල හේතුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඟමරුවන්ට මරණ දඬුවම දක්වා දඬුවම් පැමිණවිය හැකි නීති සහ යම් අනතුරක සිදුවුවහොත් එහි වන්දි වාහන හිමිකරුවා සහ රියදුරු විසින් ගෙවිය යුතු බවටත් එසේ ඔවුන්ට වන්දි නොගෙවිය හැකි නම් පමණක් රක්ෂණයෙන් වන්දි ගෙවීම සිදු කළයුතු බවටත්, වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් නීති සැකසුවහොත් මඟමරුවා මෙල්ල කළහැකිය. (නි)
අනේ දෙවියනේ! (නි)
මේවාට මූලිකම හේතුව නොසැළකිලිමත්කම (නි)
ප්‍රධාන හේතුව මාර්ග නීති අනුගමනය නොකිරීම. හැමදාම කියවනවා විතරයි. පත්වෙන කිසිම රජයකට ඕනෑකමක් නැහැ මේ ජීවිත ආරක්ෂා කරන්න යමක් කරන්න. මේ සියල්ල බේරාගන්න තිබුණු ජීවිත. (නි)
මඟමරුවා නොවේ අරක්කු මරුවා වෙලා දැන් මෙය.... බීමත් රියදුරන්ට දැඩි දඬුවම් දෙමු (නි)