බ්‍රහස්පතින්දා සිට බස්නාහිර පළාතේ යතුරුපැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන දහවල් කාලයේ ධාවනය කළ යුතු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එසේ කිරීමෙන් අනතුරු අවම වී ඇති බව පිටරට සමීක්ෂණ වලින් සොයාගෙන ඇතැයිද ඔහු කියයි.මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය නීතීගත කරන බවද රෝහණ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාර්ජ් කරගෙන දුවන අය නම් අමාරුවේ.(නදී)
මොන නීති දාල හරි කමක් නැහැ අහිංසක බයික් කාරයන්ට හොදක් වෙනවා නම්. මොකද බයික් වලින් ගමන් පහසුව සලසා ගන්නේ දුප්පත් මිනිස්සු. ලොකු සල්ලි කාරයෝ නෙවෙයි.(නදී)
පිටරටවල් වල දවල්ටත් හෙඩ් ලයිට් දාන්නේ ඒ රටවල් වල දවල්ටත් අඳුර නිසා.(නදී)
ඕනෑම දියුණු රටක දහවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන යාම අනිවාර්යයි. මේක හෙඩ් ලයිට් නොවෙයි , ඩේ ටයිම් රනින් ලයිට් කියන්නේ තරමක් අඩුවෙන් යන්තමින් දැල්වෙන මට්ටමක්. එය නවීන රථවල ඩී.ආර්.එල් ලෙස විකල්පයක් එනවා හෙඩ් ලයිට් වලට කලින්. එය තමන්ගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව සදහා එන්නක්. (නදී)
මේකෙනුත් හොඳට ජරාව කයි.(නදී)
මේක මීදුම තියෙන දවසට හොඳයි. නැත්නම් මේ අපේ රටේ අව්ව හොඳට තියෙන නිසා මේවා බොරු වැඩ. නිකම් දඩ එකතු කරන තවත් වැඩක් විතරයි.(නදී)
රටවල් වල තියෙන දේශගුණය අනුව තමා එවැනි මාර්ග නීති වෙනස් වෙන්නේ. ඒත් ලංකාවේ අව්රුද්දෙ වැඩි හරියක්ම සූර්ය බැබලෙනවා. සමහරවිට මෙය නුවරඑළිය වැනි පළාත්වලට සුදුසු ඇති. නමුත් යම් නීතියක් නීතිගත කරනවානම් මුළු රටටම සරිලන ආකාරයට සැකසිය යුතු වෙනවා. මෙය හුදෙක් පොලිසියේ කව්රුහරි ලොක්කෙක් ලකුණු දමා ගැනීමක් හැටියට මම දකින්නේ. (නදී)
දඩ මුදල් වැඩි කර ගන්නද,නැත්තම් පොලිස් රාළහාමිලට වැටුප් වර්ධකයක් වශයෙන්ද ? (අ)
අපේ රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ප්‍රශ්න අමතක කරන්න අලුතින් අවධානයට යොමු කරපු අලුත්ම ගොන් පාර්ට් එක මේකද (අ)
ඉස්සරහට අනතුරු අඩු කර ගන්න වාහනේ හෝන් එකත් ගහගෙනම යන්න කියයිද දන්නේ නැහැ.(නදී)
දැන් එතින් දෙවියනේ කියල බැටරි වලට ගහන බදු මුදල් 500% කින් වැඩි කරාවි.හරියට නැවෙන් බානකොට රුපියල් 140 යේ කිරි පිටි පැකට්ටුව අපි අපේ දරුවන්ට බොන්න දෙන්න ගන්න යනකොට රුපියල් 395 ක් වෙලා වගේ.(අ)
තිලිණ.අදික මිදුමක් සහිත රට වලනම් මේක ක්‍රියාත්මක වෙනවා ඒක අනිවාර්යයි. ඒත් ලංකාවේ මෙච්චර පට්ට අවුවේ කොහොමද හෙඩ්ලයිට් එකෙන් අනතුරු අඩුකරගන්නේ.?ඔබ හරි. (අ)
එතකොට ලයිට් බිල ගෙවන්නෙ පොලීසියෙන්ද??? (අ)
දඩ ගහන්න වරම සොයනවා.බෙල්ලට දැලි පිහිය තියල කප්පන් කනවා වගේ වැඩක් දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ.මොලේ තියෙනවනම් තීරුම්ගන්න.(අ)
එක හොදයි. එහෙන් මෙහෙන් අස්සෙන් දානකොට අඩුම තරමේ පොඩි එලියක්වත් අනිත් වාහන දකියි නේ. (අ)
ඇත්තටම මේ රටට ගැලපෙන්නෙ නෑ..ඔකත් උගුලක් තමයි.තව දඩ කොල ටිකක් ලියන්න හදන්නෙ.......(අ)
ඔලුවෙන් හිටගෙන කිව්වත් ඉන්දියන් බයිසිකල් වලින් අනතුරු වෙනවා වැඩියි. එක අතකින් ඉතින් ජපන් කොරියන් වාහන වල මිල බැලුවම දුප්පත් මිනිස්සුන්ට වෙන ගන්න වාහන නෑනේ. මේවා පාලකයින්ගේ වැරදි. අනතුරක් වුනොත් එක්කෝ යතුරු පැදියක් ත්‍රී වීල් එකක්. ඇත්තටම දවල්ට හෙඩ් ලයිට් දාගෙන යනකොට ඕනෑම වාහනයක් කැපිලා පේනවා. (නදී)
මේකත් සම්පූර්ණ වැසූ හෙල්මෙට් වගේ ටික දවසකින් නීතිගත කරගන්න බැරුව අමතක කරලා දායි.පොලිසියට වෙන වැඩ නැද්ද.පාරක යන්න නැ පුදුම තදබදයක් තියෙන්නේ.තව ලයිට් ගහගෙන යන්නත් කියන්නේ පිස්සුද.(අ)
මෝටර් සයිකල් සහ ත්‍රීවීල් අනිවාර්යයෙන්ම වමෙන්ම පැදවිය යුතු බවත්. ගැරඩියන් මෙන් ධාවන තීරු කපමින් ධාවනය නොකළ යුතු බවත් නීති පැනෙව්වා නම් මිට වඩා පලදායකයි. (නදී)
මම කියන්නේ නැහැ ලයිට් එක දාන්න ඕන කොයි පැත්තේද කියලා. (නදී)
වෙනසක් නං දකින්නේ නෑ.... මං නං කෝමත් දවල්ට හෙඩ් ලයිට් දාගෙන යන්නේ. ඒකේ පොඩි ලස්සනක් තියනවා. ඒ හින්දා. දැනට ඔන් ලයිට් බයික් වලත් ඒමයි. අනික මට ඉස්සරලම දැනගන්න ලැබුණේ දිවා කාලයේ හෙඩ් ලයිට් තහනම් කරනවා කියලා. එතකොට මැති ඇමතිලාගේ වාහන වල හෙඩ් ලයිට් දාගෙන යන්න අවසර තියනවා. යකාගේ රටක්නේ මේක. උන් පත් වෙන්නේ අපේ ඡන්දෙන්. අන්තිමේදි අපේ බදු වලින් හදාපු තාර පාරේ යන්නත් තුප්පැහි නීති ගේනවා අපිටම. මේකේ හරිනං උඩ ඉඳන් පහළට සුද්ද කරන්න ඕනි. ඒක කරන්නනං රට කන දේශපාලුවෝ ඉන්න දියවන්නාව ඒ පිටිං මහපොළවේ කිඳා බස්සන්න ඕනි.(අ)
ඔය අදහස පලකළ කෙනාට හතලිස් ඇඳරියද දන්නේ නැහැ.(නදී)
මෙයාලත් දැන් හැම දෙයක්ම අනාගෙන ඉන්නේ.. ටිකකාලයකට කලින් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කළා, පස්සේ තහනම අයින්කළා, දැන් දවල්ට ලයිට් දමන් යන්නලු. තව ටික කාලයකින් කියාවිද දන්නේ නැහැ පදිකයන්ටත් දවල්ට විදුලි පන්දමක් දල්වාගෙන යන්න කියලා ... (අ)
හොද අදහසක්, මමත් දැකලා තියෙනවා වෙනත් රටවල මේක ක්‍රියාත්මක වෙනවා.(නදී)
මරු! ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියල දන්වන්නත් ලේසියි.(නදී)
අදට ගැලපෙන්නෙ බල ශක්තිය අඩුවෙන් වැයවන ක්‍රම .නමුත් මෙසේ දවල්ට ලයිට දමාගෙන යෑමෙන් ඉන්ධන වැයවීම බ්ල්බ් බැටරි ආනයනය වෙනුවෙන් අධික විදෙශීය විනිමයක් වැය කිරීමට සිදුවේ .මේ තීන්දුව නිසා අනතුරු අඩුවේ යැයි සිතිය නොහැකියි .ඉදිරියේදි දිවා කාලයේදී පයින් යන අයටත් ලන්තෑරුමක් අරගෙන යා යුතු යැයි කියා පොලීසිය නීතියක් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා (දිල්)
මෙමගින් මෝටර් සයිකල් වල බැටරි වල ආයුකාලය අඩුවෙනවා. ඒකටත් විසදුමක් දුන්නොත් වැදගත්.(නදී)
මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් හැටියට දකින්න බැහැ. අපේ රටේ අනතුරු දෙස බැලුවම. වීශේෂයෙන් බස්නාහිර පළාතේ අනතුරුවලට මුලික හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි බස්නාහිර පළාතේ පාවිච්චි වෙන යතුරුපැදී ප්‍රමාණය ඉතා අදිකවීම. සතියේ දිනවල කොළඹ නගරයට ඉතා විශාල ගණනක් රැකියා සඳහා යතුරුපැදි වලින් එනවා. අනෙක් හේතුව තමා මේ අයගේ කිසිම හික්මීමක් නොමැතිකම. කොළඹ නගරයට උදේට ගමන්කරන අනෙකුත් රියදුරන්ට මේ යතුරුපැදි කරුවන් හරිම කරදරයක්. ඔව්න් මාර්ග නීති ගැන කිසිම තැකීමක් නැහැ. කොහෙන් හරි රිංගලා තමන්ගේ ගමන යන්න බලන්නේ. පොලිසිය කලයුත්තේ බස්නාහිර පළාතේ යතුරුපැදි කරුවන්ගේ හා ත්‍රීවීලර් කරුවන්ගේ මේ නොහික්මුණ හැසිරීම සම්බන්දයෙන් යම්කිසි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. (නදී)
මම දැකල තියෙනවා හොඳට වෙරි උන උදවිය මහ දවල් හෙඩ් ලයිට් දාගන යනවා.(අ)
අවබෝධයෙන් වැඩක් කරනවා නම් පොලිසිය කොයි තරම් නරක වැඩ කලත් හොඳ වැඩක් කළත් අපි ඒකට ගරු කරන්න ඕනේ. නමුත් මේ අදහස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කිරීමෙට ගත් තීරණයෙන්ම පේනවා, ලංකාවට මෝටර් සයිකල් බැටරි හා බල්බ් ගෙන්වන මිනිහෙකුගේ අවශ්‍යයතාවයක් වැනි දෙයකට මෙය ක්‍රියාත්මක වෙන බව. වසරේ මාස කිහිපයකට පමණක් හොඳ සූර්යාලෝකයක් ලැබෙන හා මීදුම් සහිත කාලගුණ ඇති රටවල මෙය ක්‍රියාත්මක වෙන බව වටහා ගෙන, ලංකාවේ හපුතලේ, නුවරඑලිය වැනි පළාත්වලට මෙය අනිවාර්ය කරන්න තිබුනා. (නදී)
පයින් යන අයත් හෙඩ් ලයිට් පෙන්න ගෙන ගියානම් තවත් අඩු වෙයි.(නදී)
මොන රටේද ඔය කියන සමීක්ෂණ කරලා තියෙන්නේ? දවල්ටත් අදුර මීදුම් වගේ තියන රටවලද? ලාම්පුව දල්වාගෙන දහවල් කාලයේ ධාවනය කිරීමෙන් අනතුරු වැළකෙන ආකාරය පහදා දෙන්න.(නදී)
මහේෂ් වෙත, බැටරිය වගේද ජීවිතය.... බැටරිය බැස්සොත් අලුත් එකක් දා ගන්න. මම දන්න විදියට නම් ලයිට් දාගෙන ගියා කියලා බැටරියේ ආයු කාලයේ වෙනසක් වෙන්නේ නැ. ඒත් ලයිට් දාගෙන තල්ලු කරගෙන ගියොත් නම් කියපු කතාව හරි යයි.(නදී)
මෙයා හොඳ විහිළු කාරයෙක්. රටේ අනිත් ඔක්කොම අපරාද දැන් නවතාල ඉවරද ???(අ)
ලොක්කෙක් ඇටෙරි නැවක් ගේනවද දන්නේ නැහැ (අ)
ලයිට්නම් දාගෙන ගියාට කමක් නැහැ. අදහස හොඳයි. නමුත් සමරක් හෙඩ් එක නැතුවම යනවනේ. එතකොට තමයි අනතුරු වෙන්නේ.(නදී)
ශ්‍රී ලංකා පොලීසියේ නවතම සොයා ගැනීම. අනෙකුත් සියළුම අපරාධ නැවත්වූ පොලීසියට අපගේ උත්තමාචාරය. පයින් යන අයටත් විදුලි පන්දමක් අරන් යන්න කියමු. (නදී)
දවල්ටත් හෙඩ් ලයිට් නැහැ කියලා දඩ ගහන්න පුලුවන්නේ.(නදී)
බොහොම හොදෙයි , හැම රටකම තියෙනව දියුනු ,මම ලංකාවේදී දැකල තියෙනවා ,යතුරු පදෙය පෙන්නේ නැහැ (අ)
කාලෙකට පස්සේ පොලිසියෙන් ධනාත්මක චින්තනයක්.(නදී)
මේක හොද අදහසක් මේකෙන් අනතුරු අඩුවෙනවා....(අ)
පයින් යන අය කෑලි තුනේ ටෝච් එකක් අරගෙන යන්න. මොකද, කහ ඉර පනින කොටවත් ගහන්න.(නදී)
ගොඩක් හොද වැඩක්. ඕන වහනයකට පෙන්වා මෝටර් බයික් එක.නිතිය හරියට කරන.ජය පතනවා. (අ)
මේකෙන් ඇක්සිඩන්ට් වැඩි වෙනවා. (නදී)
පාරේ තියන ලයිට් කණු වල ලයිටුත් දාල තිබ්බනම් තවත් හොඳයි.(නදී)
ජපන් හොන්ඩා බයික් ගොඩක් අවා ඔන් ලයිට්. ඒ රටවල ඒක අනිවාර්යයි. අපේ අයට කිවාම ලෝකේ නැති දේවල් කියනවා මහේෂ් වගේ. (නදී)
අදහස හොඳයි. බැටරි වල ආයුකාලය ගැන කව්ද බලන්නේ.(නදී)
ඒක නම් නියම වැඩක්. ලංකාවේ පොලිසියටත් පොඩ්ඩක් මොලේ තියෙනවා නේද? (නදී)
මෝඩ යෝජනාවක් . ස්කැන්ඩිනේවියානු රටවල තමා මුලින්ම මෙම නීතිය ගෙනාවේ ,එම රටවල වැඩ වැඩි කාලයක් මීදුම සහිත අඳුරු ස්වභාවයක් තියෙන නිසා. ජර්මනියෙවත් මෙම නීතිය පසුගිය අවුරුද්ද දක්වාත් තිබුන බවක් මට පෙනුනේ නැහැ. සූර්ය ආලොකයෙන් බබලන ශ්‍රී ලංකාවට මෙය ගැලපෙන්නේ නැහැ. බල්බ් වලටත් බටරිවලටත් ආයුෂ කාලයක් තියෙනවා. මේක නිසා රටේ තියන විදේශ විනිමය තව තවත් පිට රටවලට ඇදී යනවා. මේක කොමිස් කාක්කෙකුගේ හෝ කපටි දේසපලුවෙකුගේ මාෆියා යෝජනාවක්. මගේ රට යන විදිය ගැන මට හරි කනගාටුයි මිතුරනේ ! මේ ආලෝකයද ආශ්චර්ය.? (අ)
මෙමගින් මෝටර් සයිකල් වල පෙටිටල් පරිභොජනය ඉහල යනවා ඒ මුදල ගෙවන්‍නේ පොලීසියෙන්ද ? (නදී)
රෑටත් ලයිට් ඩිම් නොකරන අය දවල්ට ඇහැ කනවෙන්නම ගහගෙන යයි. (නදී)
වෙන රටවල මේ දේ කරන්නේ ඒ ඒ රටවල තියෙන භූගෝල පසුබිම මත හිරු එලිය මදි කම හා මීදුම් සහිත කාලගුණ තත්වයන් නිතර ඇතිවන නිසා. මේක කව්රු හරි ලගදී රට ගිය පොලිස් නිලදරයෙක්ගේ ලංකාවට වටින්නේ නැති වැඩක්.(නදී)
අනිත් රටවල් වල විදියටම මෙවැනි අත්හදා බැලීම් ද කරලා බලන එක ගොඩක් වටිනවා. මේක අනුකරනය කිරිමක් වුනත් .... බලනකොට හැමදේම අනුකරනය කිරිමක්ම තමයි අපි හැමෝම කරන්නේ... (අ)
ජයට තවත් අදායම් මාර්ගයක්.(නදී)
දවල්ටත් හොඳට පෙනෙයි නේද? (නදී)
මේක මහ වැඩක් නැති වැඩක්. පොලිසියට හොඳයි දඩගහන්න. (නදී)
මම හිතන්නේ පොලිසියට වාසි වෙන විදියේ නීතියක් මිස අනතුරු අඩු කර ගන්න ඉවහල් වෙන දෙයක් විදියට සාර්ථක නැහැ, පොලිසියට නඩු හොයන්න දඩ ගහන්න ජරාව කන්න ක්‍රමයක් හොයනවා වෙන්න ඕන, මේ නිතිය අපේ රටට ගැලපෙන්නේ නැහැ කියලයි මගේ විශ්වාසය, (අ)
අදහස නම් හොදයි... ඒත් නරකද.? වේග සීමාවක් පැනව්වා නම් පැයට කිලෝම්ටර් 40 වැඩි අයට අදාල වෙන විදියට.(නදී)
මමත් දැකලා තියෙනවා සමහර රටවල්වල දවල්ටත් ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන යනවා. මම අහපුවම ඒ අය කිව්වෙ ඒක නීතියක් කියලා.. හැබැයි අනතුරු අවම වෙන්නෙ කොහොමද කියලනම් මටත් අවබෝධයක් නෑ..(නදී)
වැස්ස ,හිම,අඳුර ඇති අයහාපත් කාලගුණයක් ඇති දිනවල නම් සැම වාහනයකම දහවල් කාලයේ හෙඩ් ලයිට් දල්වාගෙන අනිවාර්ය කල යුතුයි. (නදී)
සුද්දටම බැන බැන උන්වම කොපි කරනවා. කොහොමත් අදික මිදුමක් සහිත රට වලනම් මේක ක්‍රියාත්මක වෙනවා ඒක අනිවාර්යයි. ඒත් ලංකාවේ මෙච්චර පට්ට අවුවේ කොහොමද හෙඩ්ලයිට් එකෙන් අනතුරු අඩුකරගන්නේ.? (නදී)
වැඩේ නම් හොදයි, ඔය නිසා තමයි සමහර බයිසිකල් වලඔන් ලයිට් ක්‍රමය ආවේ. හැබැයි ඉතින් සාමාන්‍ය බයිසිකලයක ඔය වැඩේ කරන්ට ගියාම බැට්රි ලයිෆ් එක නම් අඩුවෙනවා ෂුවර්.(නදී)
ඒ කියන්නේ රැට යතුරුපැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන යන්න එපා කියලද? මේක අන්‍යාගමික කුමන්ත්‍රණයක්ද කොහෙද. පොල්තෙල් පහනක් හරි ඉටිපන්දමක් හරි ලන්තෑරුමක් හරි දල්වාගෙන ගියොත් කමක් නැද්ද? (නදී)
වෙන රටවල් වලින් තව මොන තරම් නම් ආදර්ශ ගන්න තියෙනවද? අපේ රටේ පොඩි අවුලකට තියෙන්නේ, අන්තිමේට කරන්න ඕන දේ මුලින්ම කරන එකනේ. කැමති උනත්, අකමැති උනත් වැඩක් නෑ, හරි උනත්,වැරදි උනත් කමක් නෑ. ලයිට් ගෙන යන්න හිත හදා ගන්න (අ)
ඒ වැඩේ ගොඩාක් හොඳයි (අ)
හුටා බලු මගුල් ඉවරවුනා විතරයි මේ මොකද අමු කැවිලද? (නදී)
මලා, මෙච්චර කල් පැද්දෙ දවල්ට විතරයි ලයිට් වැඩකරන්නෙ නැති නිසා. දැන් ඒකත් හමාරයි. (අ)
තව ටික කලකින් කියයි හෝන් එක ගහගෙනම යන්න කියලා. ඊට පස්සේ කියයි බ්රේක් එක ගහාගෙන යන්න කියල ඊට පස්සේ කියයි සිග්නල් 4 ම ගෙන යන්න කියලා. නිකම් ඉන්න බැරි නිසා නීති හදනවා. මේ නීති සියල්ල ඔය යක්ෂයෝ වගේ වාහන එලවන දේශපලකයෝන් සහ සනුහරේටත් බලපානවද? නැහැ නේද ? (නදී)
මහ මෝඩ වැඩක්. (දිල්)
මේක අනතුරු අඩු වෙන්න බලපාන්නේ නැහැ. කරන්න ඕනේ රියදුරු බලපත්‍රය දෙනකොට අ.පො.ස ස.පෙළ සමත් සියලු දෙනාට විතරක් ලබාදීමට කටයුතු කිරීම.(නදී)
අදහස නම් ගොඩක් හොදයි. බස්නාහිර පළාතේ විතරක් නෙවෙයි අනෙක් පළාත් වලත් ක්‍රියාත්මක කරන්න ඕනා.(නදී)
මට දවසක් වැරදිලා මහා දවාලේ යතුරුපැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන ගියා. හැම තැනදීම ස්ලෝව් කරාම " ඕයි තමුසේ ලයිට් දාගෙන යන්නේ තමුසෙට පිස්සුද ? කියල මිනිස්සු කැ ගහල තියෙනවා. මම හෙල්මට් දාගෙන හිටපු නිසා ඇහුනේ නැහැ. සමහරු බස්වලින් ඔලුව එලියට දාල අතිනුත් මිරිකනවා වගේ සඥාවක් දුන්නා. අන්තිමේදී පැලියගොඩ පොලිසිය ළඟ පොලිස් කාරයෙක් නවත්තල කිව තමුසේ මහා මෝඩයෙක්නේ ඕයි දවල් ලයිට් දාගෙන යන්න. මේ නිසා අනතුරු වෙන්න පුළුවන් කියල දඩ කොලයක් දෙනවා කියලා. යන්තම් ඇග බේරගෙන ෂේප් වුනා.(නදී)
නියමයි! මේකෙන් යතුරු පැදි කරුවන් ගැන තියෙන අවධානය වැඩිවෙනවා. ජපානය,ඉතාලිය, වගේ බයික් නිෂ්පාදනය කරන රටවල්වල 1997 අවුරුද්දෙ ඉඳන් වගේ යතුරු පැදි නිෂ්පාදනය කරන්නේ ලයිට් නිවන්න බැරි විදිහටග ඒකට හේතුව තමයි යතුරු පැදි කරුවන් පිළිබඳව අනෙක් රියදුරන්ගේ වැඩි අවධානයක් ලබා ගැනීම. ජයවේවා !!! (අ)
ඔය කියන විදියට මේ රටේ අනතුරු වෙන්නෙ යතුරුපැදි වලින් විතරද? අනිත් වාහන වලට ඒ නීතිය නැද්ද? ඒවා වලින් අනතරු වෙන්නෙ නැද්ද? (නදී)
බොහෝ විට මහා මාර්ගයේදී වැරදි නොකර පොලිස් නිලධාරීන් දඩ කොල නිකුත් කල හුගක් රියදුරු මහතුන් කරන වැඩක් තමා ඉදිරියෙන් එන සියලුම වාහන වලට ඉදිරියේ පොලිස් නිලධාරීන් සිටින බවහෙඩ් ලයියි පත්තු කර දැන්වීම. එය කරන්නෙ ඇත්තටම පොලිසියත් එක්ක තියන කේන්තියට. ඒ නිසා දැම්ම නීතියක්ද මේක ? (නදී)
ලයිට් එකට ඇහැ ගියාම අවදානේ වෙන පැත්තකට යන බව මේ නූගත් අයට කියල දෙන්න පුළුවන් කෙනෙක් පහල වේවා.(නදී)
ඒ මදිවට දුම් පරීක්ෂාව කරපු වාර්තාවත් ඕනලු. මොලයක් තියෙනවා නම් ඕන මෝඩයෙකුට උනත් තේරෙනවා ඒක නැතුව ආදායම් බලපත්‍ර දෙන්නෙ නෑ කියලා. ඒත් පුදුමෙ කියන්නෙ ඒකවත් තේරෙන්නෙ නැති අයයි තනතුරේ ඉන්න එකනෙ.(නදී)
හොද වැයමක්. ඉදිරියෙන් එන විට පේනවා සාර්ථක වේවා මගේ පැතුම්.(නදී)
මෙච්චර අව්ව තියෙන රටේ සයිකලයක් පේන්නේ නැත්නම් පුදුමයි.(නධී)
එතකොට කොහොමද බැටරි චාර්ජ් වෙන්නේ(දිල්)
මානසිකව වැටෙනවා එක අතකින්. අසාධාරණ ලෙස පාලනය කිරීමක් මේක (අ)
මේ කියන ක්‍රියාව කළාය කියල කිසිම කෙනෙකුට බරපතල හානියක් වෙන්නෙත් නැහැනේ. අනතුරු අඩුවෙනවා නම් එය ක්‍රියාත්මක කිරීමට හරින්න. ලෝකය පැතලි වස්තුවක්ය කියපු ඉස්සර කාලේ ලෝකය ගෝලාකාරයි කියපු බුද්ධිමතුන්ට මරණ දඬුවම ලබාදුන්නා. නුතනය එහෙම නොවුනත් අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න ගියාම පණ්ඩිතයෝ නොයෙක් බාධක එල්ල කරන එක හොඳ නැහැ. එය ක්‍රියාත්මක උනාවේ. අපි බලා හිඳිමු.(නදී)
මේක ඕස්ට්‍රේලියාවේ මම දන්නා කාලේ ඉඳලා (වසර 22 ට වඩා) තිබුන නීතියක්. මෙහෙ බයිසිකලය පන ගන්වනකොට ලාම්පු දැල්වී තිබෙන ආකාරයට තිබිය යුතුයි. නමුත් දැන් වසරකට හෝ දෙකකට කලින් ඉහත නීතියෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බව ඔප්පු වී ඇති බව පවසා අනිවාර්යයෙන්ම ලාම්පු දල්වා බයිසිකල් පැදවීමේ නීතිය ඉවත් කළා. කැමතිනම් තවමත් ලයිට් ගෙන ගියහැකියි. නමුත් ඉස්සර වගේ දවල්ට ලයිට් නැතිව ගියාට දඩ ගහන්නේ නැහැ. (අ)
කව්ද දන්නේ නෑ මේ අදහස දුන්න මොඩය (අ)
මුන්ට පිස්සු.(නදී)
දැන් පොලිසිය කාලෙන් කාලෙට මේ වගේ අනුවණ වැඩ කරයි නේද? . (නදී)
ෆුල් ෆේස් හෙල්මට් දාන්න එපා කීවෙත් අනතුරු අඩුකරන්නනේ නේද ?(නදී)
මෙසේ ප්‍රධාන ලාම්පුව දල්වාගෙන යන්නේ සෑම අතුරු පාරකින්ම ප්‍රදාන පාරට දානවිට රවුම් කන්කාඩි සවිකර තියනවා. ඒ කන්නාඩිය හරහා අනික් වාහන වලට හොඳට පේනවා. ඒ නිසයි ජපානය ඒ නීතිය පනවලා තියෙන්නේ. (නදී)
ඉර එලිය හෙඩ් ලයිටය මට පරාවර්තනය වුනාම එය කාර් රථයේ කන්නාඩිය මත පරාවර්තනය වන්නේ ඇසට දරා ගැනීමට නොහැකි තරම් එළියක් සහිතවයි. මෙය අනතුරු වැඩි වීමට හේතු විය හැකිය. (නදී)
චන්දනගේ කතාව හරියටම හරි. උදේට පාගොඩ වැලි පාරේ ඉඳන් පිටකෝට්ටේ ට ගියොත් බලන්න පුළුවන් නුගේගොඩ පැත්තට එන බයික් ත්‍රී වීල් පාරේ කොයි පැත්තෙන්ද යන්නේ කියල.(දිල්)
දවාලේ යතුරු පැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන යන්නේ සෑම අතුරු පරකින්න්ම ප්‍රදාන පාරට දමද්දී රවුම් කන්නාඩි සවි කර තිබෙනවා. .ඒ කන්නාඩිය හරහා අනික් වාහනවලට හොදට පේනවා. ඒ නිසයි ඒ නීතිය ජපානයේ තියෙන්නේ. .කොහොමද ලංකාවේ වදුරු මොලේ ? (නදී)
මෙහි යම් ඇත්තක් තියෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. දවසක් පේරාදෙණිය - නුවර ප්‍රධාන පාරේ තිවිල් එකක් යු ටර්න් එකක් අරන් මගේ බයිසිකලය හැප්පුන වෙලාවේ ඔහු කිවේ ' ඔයාගේ බයිසිකලය නම් දැක්කේ නැහැ ඊට පිටි පස්සෙන් ආපු බස් එකනම් දැක්කා කියලා' බයිසිකල් වගේ පොඩි වාහන ඇහැට දර්ශනය වෙනවා අඩුයි ඒ නිසා ලයිට් දමන් ගියොත් එයට අවධානයක් යොමුවෙනවා . අනික බයිසිකලය ඉතාම අනාරක්ෂිත වහනයක් නිසා අන් අයගේ අවධානය යොමුවිය යුතුයි. (නදී)
මෙහෙමත් රටක්. අනේ අපේ රටේ අනාගතය... මේකත් අශ්චර්යේම එක කරුණක් වෙන්න එති . මොලේ කොහෙද දන්නේ න තියෙන්නේ ...(අ)
හොඳ අදහසක් තමයි. ඒත් මාර්ග නීති උල්ලංඝනය කිරීම රජය අදායම් මාර්ගයක් කරගෙන මේවා වලක්වන්න රජයට අවංක උවමනාවක් නැති බව පිටරටවල් හා සංසන්දනය කලවිට අපිට පේනවා. මම ජීවත් උන රටවල සිවිල් පොලිසිය නිතරම අපි අතර ඉන්නවා ඒක නිසා කවුරුවත් කොහෙදිවත් වැරදි කරන්නේ නෑ. (නදී)
මේක මහා විහිළුවක්. පාරේ යන මිනිස්සුන්ටත් දැන් ලාම්පු පත්තු කරගෙන යන්න කියයි. මේකෙන් සිදුවෙන්නේ යතුරුපැදියේ විදුලි පද්දතිය ඉතා ඉක්මනින් දුර්වල වෙන එක විතරයි. රටේ ජනතාවගේ සල්ලි හුරගෙන කන තවත් මගඩියක් මේක කරනවා නම් මීට වැඩිය දේවල් තියනවා කරන්න.(නධී)
අනේ මන්ද මේකේ තියන සමහර අදහස් බැලුවම කට්ටියගේ මොලේ ගැන හිතා ගන්න පුළුවන්. තමන් නොදන්නා දේවල් වලට දන්නවා වගේ අදහස් පල කරන්න එපා 1. හෙඩ් ලයිට් දැම්මට පෙට්ට්‍රල් වැඩිපුර දහනය වෙන්නේ නෑ.එහෙම වෙන්න නම් නැවතිලා හෙඩ් ලයිට් දාන්න ඕනේ. 2. බයිසිකලේ හෙඩ් ලයිට් දැම්මම වෙනත් වාහන වල රියදුරන්ට ඒ පිළිබද වැඩිපුර අවදානයක් යොමු වෙන නිසා බයිසිකල් යට කරගෙන යන එක අඩු වෙනවා (අ)
හොද වැඩක් සාර්ථක උනොත් හොදයි..රියදුරු බලපත්‍රය දෙනකොට ටිකක් හරි අධ්‍යාපන සුදුසු කමුත් බැලුවොත් හොදයි.(නදී)
මේ පිළිබඳව සොයාබලන්න ඇමති කෙනෙක් සහ උප ඇමති කෙනෙක් පත් කරන්න කියල මම යෝජනා කරනවා, කවුද මගේ යෝජනාව මේක ස්ථිර කරන්නේ? (w)
මෝඩ හරක් වගේ බොරුවට කෑ ගහන්න එපා. හෙඩ් ලයිට් දාගෙන ගියාම ඉස්සරහ ඉන්න ලොකු වාහන වලට බයික් එක විශේෂයෙන් පේනවා අවධානය ගිහින්. නැතිනම් බයික් කාරයොන්ව යට කරගෙන යනවනේ.(අ)
අවුරුදු 30කට පෙර පවා මෙය බොහෝ රටවල නීතියෙන් නොවුවත් පුරුද්දක් වශයෙන් යතුරු පැදිකරුවන් දවාලෙත් හෙඩ් ලයිට් දමාගෙන ධාවනය කලා. මෙය නීතියක් නොකර අවවාදයක් ලෙස යෝජනා කලානම් වඩා හොඳයි. නැත්නම් බල්බය පිච්චුන දාට අලුත් එකක් ගන්ඩ පංචිකාවත්තට යන්ඩ වෙන්නේ බස් එකේ.(අ)