IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දවල් කෑම වෙලේ අපි කාටත් හොරෙන් කසාද බැන්දා

2016-03-03-ent-43

2016-03-03-ent-46 ශ්‍රී ලාංකිය කලා ක්ෂේත‍්‍රයේ නොමැකෙන සටහනක් තබමින් සිංහල සිනමාව එළිය කළ රිදී තිරයට පෑයූ තරුවක් තමයි සුමනා අමරසිංහ. චිත‍්‍රපට 75 කට අධික සංඛ්‍යාවකට දායක වී ඇති ඇයට සුවහසක් රසික ප‍්‍රජාවගේ ආකර්ශණය නොමදව ලබාගැනීමට හැකිවුයේ ඇය සතු රංග ප‍්‍රතිභාවන් සහ ප‍්‍රියමනාප බව නිසා. මෙවර ‘‘ජීවිතේ මල්’’ වෙන්වන්නේ ඒ සොඳුරු කලා ශිල්පිනිය වෙනුවෙන්

 

01. මගේ අම්මා කලාවට ගොඩක් කැමතියි. ඒ කියන්නේ චිත‍්‍රපටි බලන්න යන්න වගේ ගොඩක්ම කැමතියි. ඉතින් මමත් අම්මත් එක්ක ඒ දවස්වල චිත‍්‍රපටි බලන්න යනවා. අලූත් චිත‍්‍රපටියක් ඇවිල්ලා තිබුණා සිනෙස්ටාර් එකට. අපි එක බලන්න ගියාම එහිදී කම්පිටිෂන් එකක් පැවැත්වුවා. ඒ චිත‍්‍රපටිය බලන්න එන ලස්සන ගෑනු ළමයින්ගෙන් මිස් මෙරිලාල් කියලා කම්පිටිෂන් එකක්. ඉතින් මටත් ඒ සඳහා කතා කළා. අම්මත් කිව්වා ඒ සඳහා සහභාගී වෙන්න කියලා. ඒ නිසා මමත් සහභාගී වුණා. මාසයක් තිස්සෙම ඒ චිත‍්‍රපටිය බලන්න ආපු ගෑනු ළමයි ගොඩක් ඒ සඳහා සහභාගි කරවගෙන තිබුණා. අවසානයේ ඉන් ජයග‍්‍රහණය කරන්න හැකි වුණේ මට. මිස් මෙරිලාල් වුණේ මම. ඒ මොහොතේ මට ගොඩක් සතුටු හිතුනා. කියන්න බැරි තරම්. මගෙ අම්මා තමයි ඒ සඳහා උරදීපු පළමු කෙනා.

 

02. අම්මත් එක්ක මම තවත් දවසක චිත‍්‍රපටියක් බලන්න ගියා. ‘‘සැනසිලි සුවය’’ කියලා. ඒ ගිහින් ඉද්දි මම ළඟටම දැක්කා ගාමිණී ෆොන්සේකා, ජීවරානි, සන්ධ්‍යා කුමාරි, එඞී. ජයමාන්න වැනි රංගන ශිල්පීන්. ඒ අතරෙ අලූත් කලාකරුවෙක් එතන හිටියා. ඒ තමයි රෝයි ද සිල්වා. මට ඒ මොහොතෙ හිතුනා හරිම ලස්සන නළුවෙක් නේද කියලා. ඒ චිත‍්‍රපටියත් හරිම ලස්සනයි. ඒ වගේම එහි රඟපෑ කලාකරුවොත් දැකගන්න ලැබුණා. හරිම සතුටක් දැනුනා වචනවලින් කියන්න බැරි තරම්.

 

03. එල්.එම්. පෙරේරා මහත්මයා මාව චිත‍්‍රපටියකට ගත්තා. ඒ මම පාරෙ යද්දි ඔහු කාරෙකත් නවත්තලා ඇවිත් අපේ අම්මගෙන් ඇහුවෙ මාව චිත‍්‍රපටියකට දෙන්න පුළුවන්ද කියලා. අම්මත් ඒ මොහොතෙ චිත‍්‍රපටියෙ සහ චරිතෙ විස්තර අහලා ඒ සඳහා කැමති වුණා. ඉතින් එහි විශේෂත්වය තමයි "සැනසිලි සුවය" චිත‍්‍රපටයෙ මම දැකපු ලස්සන නළුවා රෝයි ද සිල්වා ඒ සඳහා දායක වුණා. "සතර පෙරළිය" තමයි ඒ චිත‍්‍රපටිය. ගීතමය චිත‍්‍රපටියක්. පේ‍්‍රමසිරි කේමදාසයන් තමයි සංගීතය කරලා තිබුණෙ. ඒවට අනුව තමයි අපි රඟපාන්න ඕන එහිදී තමයි මට රෝයි මුලින්ම මුණ ගැහුණෙ. ඒ සඳහා ගැනු ළමයි 10 ක් වගේ හිටියා. මුලින්ම චිත‍්‍රපටය සඳහා රෝයි එනවා කියලා කිව්වම ඒ ගෑනු ළමයි එයාව බලන්න දිව්වා. එයා ඒ දවස්වල ගොඩක් ජනප‍්‍රියයි. අලූතින් ආපු නළුවෙක් වශයෙන් හරිම ආකර්ශනීයයි. ඉතින් එයාව බලන්න ඔක්කොමලා දුවද්දි මම පැත්කකට වෙලා බලන් හිටියා. එයා ඇවිල්ලා අපිත් එක්ක කතා කළා. හරිම සතුටුයි. ඒ දවස් මගෙ ජීවිතේට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. හරිම සුන්දරයි.

 

2016-03-03-ent-4404. ටික කාලයකට පස්සේ මට නැවතත් රෝයි එක්ක චිත‍්‍රපටියක් රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ විමලදාස පෙරේරාගේ "සමණල කුමරියෝ" චිත‍්‍රපටියෙ. ඒ කාලෙ තමයි අපි දෙන්නා අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණෙ. මුලින්ම මම ඔහුත් එක්ක කතා කරන්න ගියෙ නෑ ලැජ්ජාවට. ඒත් මම හොරෙන් බැලූවා. ඒ බලන හැම අවස්ථාවකම ඔහුත් මගෙ දිහා හොරෙන් බැලූවා. ඒ බැල්මෙන් තමයි අපේ ආදරේ පටන්ගත්තෙ.

එයා ඉස්සර ගොඩක් විහිළු කරනවා. සාස්තර බලනවා රූගත කිරීම් අතරතුර ගෑනු ළමයිගෙ. ඒ බලද්දි මගෙ අත බලලා කිව්වා ඔයා කවදාහරි බදින්නේ කලාකාරයෙක් එයා ගොඩක් කඩවසම් කොල්ලෙක් කියලා. ඒත් මට තේරුණේ නෑ. ඒ එයා ගැන කියන්නේ කියලා. ඒ නොකියා කියලා තියෙන්නෙ එයාගෙ හිතේ මං ගැන ආදරයක් තියෙනවා කියලා. ඒ මොහොතෙ නොතේරුණාට පස්සෙ තමයි තේරුණෙ ඒ ගැන. ඒ මගෙ ජීවිතේ සොඳුරුම කාල සීමාවක්. ඒ කාලෙ අපි නිතරම යනවා විමලදාස පෙරේරාගෙ ගෙදර. ඒ ගිහින් කාලා, බීලා තමයි එන්නෙ. ඔහු අපි දෙන්නට ගොඩක් ආදරෙයි. අපේ සම්බන්ධෙ ගොඩක් කට්ටිය නොදැන හිටියට ඔහු දැනගෙන හිටියා. පසුව අපි දෙන්නව මංගල මධු මදිරා, උතුරා ගලනා තුරා කියන චිත‍්‍රපටි ගීතයටත් සම්බන්ධ කර ගත්තා.

 

05. මමත්, රෝයිත්, ජෝ, දේවානන්දගෙ චිත‍්‍රපට කිහිපයකම රඟපෑවා. නේත‍්‍රා, සුකිරි කෙල්ල, ඔබයි මමයි වගේ චිත‍්‍රපට ගණනාවකම ‘‘සුකිරි කෙල්ල’’ චිත‍්‍රපටයෙ රඟපාද්දි එහි තියෙනවා ගීතයක් කියන්න ගිටාර් එක වාදනය කරමින්. ඒකෙ ඇඳලා එන්න ඕන උඩරට මනාලියෙක් විදිහට. ඉතින් මම ඒ විදිහට උඩරට මනාලියක් විදිහට ඇඳලා මාල හත දාලා එද්දි ගොඩක් කට්ටිය පහළ ඉන්නවා. ඒ මොහොතෙ ආ.... මේ ඉන්නේ මගේ දුව කියලා රුක්මනී දේවි කියනවා. රෝයි තමයි ඉන්නේ මනමාලයා විදිහට. ඉතින් ඒ දවසෙ රෝයිට හිතිලා තියෙනවා අද නම් හොඳ දවසක් අපි. දෙන්නට කසාද බඳින්න කියලා. ඉතින් එදා අපි දෙන්නා දිවා ආහාරය වෙලාවෙ කාටත් හොරෙන් ගිහින් කසාද බැඳලා ආවා. ඒ චිත‍්‍රපටිය අපේ ජීවිතේ ලොකු සංදිස්ථානයක් වුණා. හරිම සතුටු දවසක් මගෙ ජීවිතේ පස්සේ අපි දෙමව්පියන්ට ඒ ගැන කිව්වා. කාගෙවත් විරුද්ධත්වයක් තිබුණෙත් නෑ. රඟපෑමෙන් පටන් අරන් විවාහය සැබෑම සිද්ධියක් බවට පත්වුණා.

 

2016-03-03-ent-45

06. අපි දෙන්නා විවාහ වුණා කියලා දැනගෙන රෝයිගෙ කැනඩාවේ ඉන්න මල්ලි කෙනෙක් අපිට ටිකට් දෙකක් එව්වා කැනඩාවට යන්න. ඉතින් ගෙදර අයගෙ අවසරයත් අරගෙන අපි කැනඩාවෙ ගියා. ඒ යනකම්ම අපි දෙන්නා පසුගිය දවස්වල වුණු දේවල් කතා කර කර ගියේ. මොකද ගොඩක්ම දුරයිනෙ ගමනත්. ඒ ගිහින් අපි නයගරා ෆෝල්ස් ඇතුළු ගොඩක් තැන්වල ඇවිදින්න ගියා. එයත් මගෙ ජීවිතේට අමතක නොවනම දින කිහිපයක්. හරිම සතුටක් තමයි හිතට දැනුණෙ.

 

07. අපි ජීවිතේ ගොඩක් චිත‍්‍රපටි කරලා තියෙනවනෙ ඒ වෙනුවෙන් අපිට ඇ‍මෙරිකාවෙ උපහාර උළෙලක් තිබුණා. ඒ ගීත් රංග කියන කලා ශිල්පියා විසින්. ඔහු ලංකාවෙදි "ගෙදර බුදුන් අම්මා", "ඔක්කොම කණපිට" වැනි රෝයිගෙ චිත‍්‍රපටි කිහිපයකම රඟපාලා තියෙනවා. ඉතින් ඔහුට ඇමරිකාවෙ අපි දෙන්නා වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්න හිතිලා තියෙනවා. මොකද ලංකාවෙ හැමෝටම උපහාර උළෙලවල් තිබුණට අපි දෙන්න වෙනුවෙන් කව්රුත් එහෙම දෙයක් කරලා නැති නිසා ඒ පිළිබඳව ඔහුට කනගාටුවක් ඇතිවෙලා. ඉතින් ඔහු අපිට ටිකට් එවලා තිබුණා එහෙ එන්න කියලා. ඒ යද්දි රෝයි කරපු චිත‍්‍රපටියකුත් ඔහු වෙනුවෙන් අරගෙන ගියෙ එහෙ පෙන්වන්න. පසුව ඔහු චිත‍්‍රපටියත් පෙන්වලා අපිට උපහාර උළෙලකුත් තියලා සම්මාන දෙකකුත් දීලා උපහාර උළෙලෙන් පස්සෙ ලොකු සාදයකුත් පැවැත්වුවා. ඇත්තටම ඒ දවස මගෙ ජීවිතේ හිතාගන්නවත් බැරි ඉතාමත් හොඳ අවස්ථාවක්. ලොකු සතුටක් හිතට දැනුණා.

 

 ධනු විජේරත්න

sandalla

 



අදහස් (0)

දවල් කෑම වෙලේ අපි කාටත් හොරෙන් කසාද බැන්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site