IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙවියන්ගේ ඇස් ගලවා සැඟවෙන්න බැරි වේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

උඩප්පුව කාලි කෝවිලේ කාලි ප්‍රතිමාවට රත්තරනින් නිමවා සවිකර තිබූ ඇස් දෙක ඇතුළු එම  ප්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභරණ සොරාගෙන ගිය බව කියන කුම්ෆු සටන් කරුවා අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලීසිය කියයි.

එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ එම සංවිධානයේ සාමාජිකයන් සමඟ  සැකකරු සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් ගෙන් කුම්ෆු සටන් කලාව පිළිබඳව ප්‍රගුණ කර ඇති අයකු  බවත් පොලිසිය සඳහන් කරයි.

එවකට එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්‍රදේශයකට ගොස් මොහු මෙම සටන් කලාව පිළිබඳව ප්‍රගුණ කර ඇතැයි ද දැන ගැනීමට ඇත.

අඩංගුවට ගත් සැකකරු වෘත්තියෙන් පොල් කැඩීම සිදුකරගෙන යන අතර වාරයේ කෝවිල්වල බෙර වැයීම සහ කෝවිල්වල පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවල දී සිරුරේ කටු ගසා ගෙන වේල් කරත්තවල ලණුවලින් එල්ලී පෙරහැරේ ගමන් කරන අයකු බවදපොලිසිය පවසයි.

 



අදහස් (4)

දෙවියන්ගේ ඇස් ගලවා සැඟවෙන්න බැරි වේ

Is o Saturday, 22 July 2023 09:08 AM

දෙවියනි ඔබ කොහෙද?

:       2       6

Nihal Saturday, 22 July 2023 12:00 PM

අපිනේ තිස්තුන් කෝටියක්ම මැව්වේ, දැන් බින්දුවට බස්සලා තියෙන්නේ...!

:       2       3

Lalla Sunday, 23 July 2023 07:57 AM

මිත්‍යාව පසුපස යාම දැන්වත් නවතා දමමු...

:       0       0

Roshan Sunday, 23 July 2023 10:57 AM

අපොයි.... කාලි කොහේද හිටියේ...? ඕක ගලවාගෙන යනකම්... ඒකත් හොයාගත්තේ පොලිසියෙන් නේද? අපේ මිථ්‍යා දෘෂ්ටිකයින්ගේ මොලේ පෑදුණොත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site