දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද පස්වරු 1.00 ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

මධ්‍යම,සබරගමු සහ ඌව පළාත්පල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති විය හැකියි. 

බස්නාහිර,දකුණ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දි ද වැසි ඇති විය හැකියි. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථාවවලට උදෑසන කාලයේ දී මිදුම් තත්ත්වයක් පවතී.