IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


'දිවියේ ආශා' ගෙනඑන 'Professor' සංගීත කණ්ඩායම

2016-10-19-ent-87

කණ්ඩායම් සංගීතයේ නව වෙනසක් එක්කිරීමට බලාපොරොත්තුවන "Professor" සංගීත කණ්ඩායම සිය පළමු ගීතය වන %දිවියේ ආශා^ ගීතය සමගින් කරළියට පැමිණියේය. මේ එම සංගීත කණ්ඩායම පිළිබඳවය.

 

"Professor" සංගීත කණ්ඩායමේ සමාජිකයන් හඳුන්වා දුන්නොත්?

අපේ බෑන්ඩ් එකේ හය දෙනෙක් ඉන්නවා. කණ්ඩායම් නායකයා තමයි රිදම් සහ ගායනය දෙකම කරන්නේ. ඔහු දිවුලන් රොසයිරෝ වාස්, කීබෝඩ් වාදනයෙන් ඩිල්ෂාන් දසරත්, ලීඩ් ගිටාර් වාදනයෙන් අශාන් පෙරේරා, ඩ්‍රම්ස් වාදනයෙන් නිසල් විතානගේ, පර්කෂන් වාදනයෙන් හර්ෂ පෙරේරා, බේස් ගිටාර් වාදනයෙන් ප්‍රියාන් කාරියවසම් සහභාගි වෙනවා.

 

පළමු ගීතය ගැන කිව්වොත්?

ගීතයේ නම තමයි "දිවියේ ආශා", මෙම ගීතයෙන් කියැවෙන්නෙ සමාජයේ වෙන දෙයක් ගැන. වයසින් වැඩිමල් හෝ බාල ලස්සන ගෑනු ළමයෙක් දැක්කාම කොල්ලෙක් එක එක විදියට හිතනවා. මෙහෙම හිතමු, රැප් පැත්තට බර අය ඉන්නවා, ඩීසන් විදිහට ඉන්න අය ඉන්නවා, ආගම දහමට ළැඳි අය ඉන්නවා. අපි මෙවැනි චරිත තුනක් අරගෙන ඒ තුන්දෙනාට එකම ගෑනු ළමයාව ඒ තුන්දෙනාගේ කොණයෙන බලද්දි කොහොමද පෙන්නේ කියන දේ සංකල්පයට තමයි මේ ගීතය නිර්මාණය වුණේ.

 

ගීතයක් එක්කද සංගීත කණ්ඩායම හඳුන්වා දෙන්නේ?

අපි කලින් වෙඩින්, උත්සව, ඩිනර් ඩාන්ස් වගේ දේවල්වලට සංගීතය සැපයුවා. අපි සංගීත කණ්ඩායමක් එක්ක එළියට එන්නේ %දිවියේ ආශා^ ගීතය එක්ක.

 

සංගීත කණ්ඩායමේ ආරම්භය?

අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ තමයි සංගීත කණ්ඩායම ආරම්භ කළේ. ඒ කියන්නේ 2007 අවුරුද්දේ. අපි තව සිංදු කිහිපයක්ම කළා.

 

අද බිහිවෙන සංගීත කණ්ඩායම් අතරින් "Professor" සංගීත කණ්ඩායම කොහොමද තම අනන්‍යතාව ගොඩනගා ගන්නේ?

ලංකාවෙ බොහෝ සංගීත කණ්ඩායම් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඉලෙක්ට්‍රික් බෑන්ඩ් පැත්තට යන්නෙ නැහැ. පොපෝ එකෝස්ටික් පැත්ත තමයි බලන්නෙ. ලංකාවෙ ජනප්‍රිය වුණු සංගීත කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ අය එහෙම වෙන්න හේතු වුණේ ඒ අයගේ දෙයක් දුන්නු නිසයි. "Professor" නම දැම්මෙත් ප්‍රධාන සංගීත කණ්ඩායමක එක් කෙනෙක්. එයාගෙ නමත් එක්ක මේ වගේ වෙනසකට යන්න.

 

ඉදිරි කටයුතු?

අපි තව ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ලබන අවුරුද්දේ මුල වගේ ඒ ගීත එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

උදව් කරපු පිරිසක් ඇත?

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට මේදේ කරගෙන යාමට පසුබිම සකසලා දුන්න මීගමුවෙ උපනගරාධිපති දයාන් ලන්සා මහතාට. ඒ වගේම සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගෙ පවුලේ සාමාජිකයෝ සහ අපිත් එක්ක හැමදාම හිටපු අයටත්, සංගීත නිර්මාණයේදී අපිට ලොකු ශක්තියක් වුණ දෙනුවන් පෙරේරාටත් ස්තුති කළ යුතුයි. මෙම ගීතයෙ පද රචනය සහ ගී තනුව ඔහුගෙයි. ඒ වගේම මියුසික් සහ මාස්ටරින් කරපු දුලිප් මිරැන්ඩෝටත් විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි. මොකද සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වගේම ඒ දෙදෙනත් ලොකු කැපවීමක් කළා.

 

2016-10-19-ent-90
2016-10-19-ent-89
2016-10-19-ent-88



අදහස් (0)

'දිවියේ ආශා' ගෙනඑන 'Professor' සංගීත කණ්ඩායම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site