IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දෛවය අනුව මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වූවා

2016-07-18-ent-52

"බ්‍රයිඩ්ල් මොඩල්" කෙනෙකු ලෙස නිරූපණ ක්ෂේත්‍රයට එක්වූ කෞශල්‍යා ගමගේ මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය තුළ කාගෙත් කතාබහට ලක්ව ඇති නව පරපුරේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකි. වර්තමානය වන විට "බ්‍රයිඩ්ල් මොඩල්" ලේබලයෙන් මිදෙන්නට උත්සාහ දරමින් සිටින ඇය ඒ පිළිබඳ "සාරවිට" අපිට මෙසේ පවසා සිටියා.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා ඔබ දැන් කාලයක් වෙනවා නේද?

2016-07-18-ent-53ඔව්. නිරූපණ ක්ෂේත්‍රයට ආවේ 2012 අවුරුද්දේ. ඒ ෆ්‍රීලාන්ස් බ්‍රයිඩ්ල් මොඩල් කෙනෙක් විදිහට. "ෆේස්බුක්" සමාජ ජාල වෙබ් අඩවිය හරහා දැනහැඳින ගැනීම් මත තමයි නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්න මාර්ගය විවර වුණේ.

 

නිරූපිකාවක් වෙන්නද පුංචි කාලේ කැමැත්ත තිබුණේ?

පුංචි කාලේ ටිකක් විතර මොඩ්ලින් කරන්න කැමැත්ත තිබුණා. ඒත්, ලොකුවට තිබුණේ පරිගණක අංශයේ රැකියාවකට යොමු වෙන්න. නමුත්, දෛවය අනුව මා නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණා. අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පස්සේ මම නිරූපණය පැත්තට සම්බන්ධ වුණා.

 

නිරූපිකාවක් විදිහට මේ ගෙවුණු කාලට පිළිබඳව මොකද හිතෙන්නේ?

මම නිරූපණය ක්ෂේත්‍රයට ගොඩක් ආසයි. ඒ වගේම ලොකු ගෞරවයක් තියෙනවා මේ වෘත්තිය ගැනත්. මේ ගෙවුණ සිවුවසර තුළ මේ වෘත්තිය තුළින් මට මගේම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. ඉදිරියේදී මේ ක්ෂේත්‍රය තුළ දක්ෂ නමක් හදාගත්ත නිරූපිකාවක් වෙන්න මම කැමත්තෙන් ඉන්නවා.

 

මේ සිවුවසර තුළ ඔබ ඇයි "බ්‍රයිඩ්ල් මොඩල්" කෙනෙකුට පමණක් සීමා වුණේ?

මට හිතුණා ඒ අංශය හොඳයි කියලා. නමුත්, දැන් අදහසක් තියෙනවා එතැනින් එහාට යන්න. ඒ කිව්වේ විවිධ මට්ටමේ "මොඩ්ලින් ෂෝ" වලට දායක වෙන්නත් මගේ කැමැත්තක් තියෙනවා. ඒ වගේම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා, ටෙලි නාට්‍ය හා චිත්‍රපට වගේ දේවල්වලටත් යොමු වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

අනාගත ඉලක්ක පිළිබඳව සඳහන් කළොත්?

ඔව්, නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළ හැකි තරම් පුළුවන් උපරිම දුර යෑමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ජනතාව අතර නමක් හදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

කවුද උදව් කළ අය?

කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනා අම්මා, තාත්ත, නංගි, අයියා වගේම ස්ටුඩියෝ වෙඩින් ආයතනයේ උදේෂ් කුරුප්පු මහතා. ඒ වගේම මට රූපලාවණ්‍ය කටයුතු සිදු කළ හැමදෙනාටම මේ වෙලාවෙදි මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

2016-07-18-ent-50 2016-07-18-ent-51



අදහස් (0)

දෛවය අනුව මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වූවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site