ගණේගම දේවමිත්ත හිමියෝ සියක් වසක් ආයු වළඳා අපවත් වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇස්කණ්නාඩි ව්‍යාපාරිකයකු වූ දේශබන්දු ඇල්බට් එදිරිසිංහ මහතා දේවමිත්ත නමින් වසර 2000 දී පැවිදි විය.
ගාල්ලේ බද්දේගම ඉපදී කොළඹ පැමිණ සුළුවෙන් සිය ව්‍යාපාරය අරඹා හිණිපෙත්තටම නැඟි පසුව ඔහු දේශබන්දු ගෞරවනාමයෙන්ද පිදුම් ලැබීය.
ඔහු ප්‍රකට දානපතියෙක් හා සමාජ සේවකයෙක් ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
සජිත්, ඒ වගේ ව්‍යාපාරිකයකුට ඒවා අතහැර මහන වෙන්න එතුමා කොයිතරම් ශ්‍රද්ධාවන්තයෙක් විය යුතුද? සමහර ව්‍යාපාරිකයෝ හිනිපෙත්තට නැගලත් මොනතරම් වංචා කරනවද මුදල් හොයන්න? (නි)
ඔබ වහන්සේට සගමොක් නිවන් සුව! (නි)
සජිත් ,මෝඩකම තිබුනට පෙන්වන්න එපා (නි)
සජිත්, ඔබ දන්නේ නැහැ. ලංකාවේ එකම භික්ෂු වයෝවෘදධාරාමය සදහා මෙතුමාගේ බද්දේගම නිවාසය කැපකර එයට අරමුදලක් සකස්කරලා තිබෙනවා (නි)
මෙම පුවත දැකීමෙන් මා අතිශය ලෙස කණගාටුවට පත් වුනෙමි. මා එදා උන්වහන්සේ පැවිදිවීමටත් පෙර පටන්ම ආශ්‍රය කලේ මගේ ඉතා හිතවත් කුළුපග මිත්‍රයෙක් ලෙසිනි. මගේ ධර්ම ප්‍රචාරය සදහා ඇෆ්රිකාවට වඩින ගමනේදී මාගේ ප්‍රථම ගුවන් ගමන් බලපත්‍රය පවා සකස් කිරීමට උදවු කළේ උන්වහන්සේයි. මුදල් පසුපසම මරණය තෙක් ගමන් කරන අන්ධ සමාජයක් තුල උන්වහන්සේ විසින් කෙනෙකුගේ ජීවිතය කෙසේ පවත්වාගෙන යා යුතුද යන්න පිලිබදව ප්‍රායෝගිකවම විශාල ආදර්ශයක් ලෝකයට ලබාදුනි. තමන් ගිහි කාලයේ ඉදිකළ භික්ෂු වයෝවෘදධාරාමය තුලම මුන් වහන්සේ පැවිදි වී සිටීම කෙතරම් ප්‍රායෝගික සිදුවීමක්ද. ලෝක ධර්ම දුත සංගමයේ සභාපති ලෙසින් කල කාර්ය භාරයද මිල කළ නොහැක. ඇෆ්රිකාවේ ධර්ම ප්‍රචාරය සදහා මුල් අවස්ථාවේදී මුදලින් සහ කාලයෙන් කළ මෙහෙවරද අති විශිෂ්ටය. මෙවන් කාර්ය රාශියක් සිදුකළ උන්වන්සේ එම කටයුතු සිදුකරගෙන යාමට සුදුසු දරු පිරිසක් ඇති කර තිබීමද අමතක කළ නොහැක. පෙර පින් බලයෙන් ලැබුනු මනුස්ස ජිවිතයෙන් උපරිම ප්‍රයෝජන ගෙන, තමන්ටත්, ලෝකයටත් වැදගත් අර්ථාන්විත ජිවිතයක් ගතකර අපවත්වී වදාළ උන්වහන්සේට උතුම් වූ නිවන් සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු ! (නි)
කවුද මේ සජිත්? (නි)
මගේ බලවත් කණගාටුව! (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේගේ පාද පද්මයට හිස තබා සග ගුණය සිහියට නැගෙන කදුලෙන් පාද දෝවනය කර වන්දනා කරමි. ඔබ වහන්සේගේ ජීවිතය ඉතාම සුන්දර වගේම ආදර්ශයක්. නිවන් සුවයම ලැබේවා! (නි)
ගිහි ජීවිතයේදී වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම බෞද්ධයෙකි.පැවිදි ජීවිතයේදී සිල්වත් භික්ෂුන් වහන්සේ නමකි.ශ්‍රී ලංකික බෞද්ධයන්ට අගනා ආදර්ශයකි.ඔබවහන්සේ නිවන් පසක් කර ඇති බවක් අප හට වැටහේ. (නි)
කවුද මේ සජිත්? කොහොම කෙනෙක්ද මන්දා? (නි)
සජිත්, නම් මොන විදියේ කෙනෙක්ද කියලා හිතාගන්න බැහැ (නි)
මම, මෛත්‍රී ගුනරත්නගෙයි, ශිරල්ගෙයි, හොදම යාළුවා.(නදී)
ආදර්ශයට ගන්න ඕනෑ චරිතයක්. ඔබට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
සදා නිවනින් සැනසේවා! (නි)
ඔබ වහන්සේ උතුම් මිනිසෙක්, සිල්වත් හිමි නමක්. අමාමහ නිවන්සුව පතනවා... හුගාක් දුගී ජනතාවට නොමිලයේ පෙනීම ලබාදුන් කෙනෙක්. (අ)
කන්නාඩි හදාගන්න නැති බැරි කෙනෙක් සාප්පුවට ආ විට නොමිලේ හදලා දුන්න දානපතියෙක්...එපින් බලෙන් ඔබ වහන්සේට නිවනම ලැබෙවයි ප්‍රාර්ථනය කරමි (අ)
සසර කෙලවර අමා මහා නිවන් සුවම වේවා !(අ)
දස දහස් ගණනක් නෙත් ආලෝක කළ ඔබ වහන්සේ ජීවිතයේ අවසාන කාලය බුද්ධ පුත්‍රයකු ලෙසින් සසුනට කළ මෙහෙවරෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (අ)
සජිත් සහෝදරයා, ධර්මය ගැන තවම ඔයාට අවබෝදයක් නැතෙයි? (නි)
ගිහි ජීවිතේදීත් හිත පුරා පින්කම් කල උතුම් මනුස්සයෙක්. ජිවියාගේ අන්තිම කාලේ නිස්සාර බව තේරුම් අරන් සියලුම ලෞකික දේවල් අවලින් ඈත් වෙලා මහණදම් පුරලා බලා පොරොත්තු උන උතුම් නිර්වානයම ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු.(දී)
දෙනෝ දාහක්ගේ ඇස්පෙනීම ලබා දුන් පිනෙන් නිවන් සුව අත්වේවා.... (දී)
නිවන අරමුණු කරමින් සසර පුරුදු කරන මෙවන් උතුමන් වචනයෙන් කි පලියටම නොව සැබෑ ලෙසම නිවන් දකින්නෝ වෙති.(අ)
බුද්ධාගම රැක ගන්න නම් වාරියපොළ හාමදුරුවෝ වගේ ස්වාමින් වහන්සේල වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕන. දැන් කලේ ඉන්න හාමදුරුගොල්ලන් ගැන මට එච්චර පැහැදීමක් නැ. (දී)
නිවන් සැප ලැබේවා!(නදී)
ගිහි ජීවිතේදීත් උතුම් මනුස්සයෙක් වූ ඔබ වහන්සේ ට නිවන් සුව අත්වේවා.(නදී)
ගිහි හා පැවිදි ජීවිත අර්ථවත්ව ගතකොට මුළු මහත් සමාජයටම ආදර්ශයක් වූ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(නදී)
නිහඩ සේවයක් කල යතිවරයණනි , ඔබවහන්සේට නිවන් සුව ,,,,, (දී)
වරුණ ඒවා නිකම් දුන්නේ නැහැනේ ඒ වගේම ඒ දේපොළ ඔක්කොම පුත්තුන්ට දීල තමයි මහන වෙන්න ඇත්තේ නැතුව ඔක්කොම දේපොළ දන් දීල නම් නෙමෙයි (දී)
අවරුදු 100ක කොපමණ අත්දැකීම් ඇත්ද? අනේ අපි? (දී)
!!!!!!!!!!!!!!!!!!!! නිවන් සැප ලැබේවා,,,,,,,,,,,...............සාදු සාදු .... (දී)
උන්වහන්සේගේ ගිහි ජීවිතයේදී කරන ලද සේවය ඉතා නිහඬව කරන ලද්දකි. එහෙත් ඒවා දන්නෝ දනිති, කාටවත් පෙනෙන්න කරපු දෙයක් නෙමෙයි. උන්වහන්සේ අපවත් වීමට පෙර මරණය ගැන හොඳින් අවබෝධ වුන පින්වත් හිමි නමකි. උන්වහන්සේගේ ඉල්ලීම වුයේ සියලුම කටයුතු එක දිනකින් අවසන් කිරීම හා දැන්වීම් නොදැමිය යුතු බවත්, සියලුම කටයුතු ඉතා සරලව චාම්ව කලයුතු බවත්ය. උන්වහන්සේට නිවන් සුව ලැබේවා. (නි)
ඔබවහන්සේට අමා සුව නියතයි. සාදු! සාදු! සාදු! (නි)