රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට බව කියමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා විසින් අද (24) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට පැය එක හමාරක් ප‍්‍රමාද වී පැමිණීම නිසා මාධ්‍යවේදීන්ගේ විරෝධය එල්ල විය.
මෙම මාධ්‍ය හමුව ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති කාර්යාලයේ දී පෙරවරු 10 ට පැවැත්වෙන බව මාධ්‍ය ආයතනවලට දැනුම් දී තිබිණි.
මහ ඇමැති දේවප්‍රිය මහතා පැය එකහමාරක් ප්‍රමාද වී පෙරවරු 11.30ට එහි පිවිසියේ සම්බන්ධාකාරක චමුදිත සමරවික්‍රම මහතාද සමඟය.
‘මට තවත් ජාතික උත්සවයක් තිබුණා. ඒකට ගිය නිසයි පරක්කු වුණේ. උඹලා මට ඔහොම කරන එක හොඳ ද? මාධ්‍ය හමුව තියමු. ප‍්‍රමාදය ගැන සමාව ඉල්ලනවා’ කියමින් මහ ඇමැති එහි පැමිණ මාධ්‍ය හමුව ආරම්භ කළේය.
එවිට මාධ්‍යවේදීන් ඇසුවේ ‘‘උත්සවයකට යන්න තිබුණා නම් එය අවසන් වන වේලාව ගැන සිතා මාධ්‍ය හමුව පවත්වන වේලාව තීරණය කරන්න තිබුණා නේද?’’ යනුවෙනි.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ යාම සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට පිළිතුරු දෙමින් මහ ඇමැති පැවැත්වූ මාධ්‍ය හමුව විනාඩි 10කට පමණ සීමා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවටත් වැඩි ප්‍රියක් තිබුන කෙනෙක් නොවෙයි නේද? බොහොම සුළු ඡන්ද ගණනකින් පළාත් සබාවට ගිය කෙනෙක්නේ! (නි)
මොකුත් කියන්න එපා අනේ. ඒ අය කාර්යබහුල නිසා මොනවටද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කියල හිතාගන්න අමාරුනේ. ඉතින් මාධ්‍යවේදීන් ඔය ඇත්තන්ට සමාව දෙන්න අකමැතිද? ඒ ගොල්ලෝ දැන් ඉන්නේ කරකවලා අතහැරියා වගෙයි. (නි)
රුපවාහිනියේ පෙන්වන බොහෝ මාධ්‍ය වේදීන් සමහර දේශපාලනඥයන්ගෙන් අසන ප්‍රශ්න දෙස විමසිල්ලෙන් බැලුවහම මට හොඳට තේරෙන දෙයක් තමයි පරණ කාපු බීපු ඒවාට හිලව් වෙන විදියට හිත රිදෙන්නේ නැති විදියට බොහොම ශේප් එකෙන් ප්‍රශ්න අහන බවක්. කිසිම එඩිතර, හෝ මධ්‍යස්ත බවක් දකින්ට නැහැ. ඒ වගේම එවැනි ප්‍රශ්න අහල මිනිස්සුන්ව ගොනාට අන්දන්ට පුළුවන් කියල එම පිරිස හිතනවානම් එක ලොකුම මෝඩ කමක්. මම මෙහෙම කියන්නේ සමහර මාධ්‍යවේදීන් පිරිසකටයි. (බ)
ඡන්ද 20000ක්වත් නැහැ එහෙත් මගේ වැඩ කොහොමද? (බ)
හැමදාම එකම දේවල් තමයි කියන්න තියෙන්නේ (නි)
මේ ඔක්කොම දැන් වැඩකි කරන්නේ හොඳ සිහියෙන් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
විනාඩි 10ක සාකච්ඡාවකට පැය එකහමාරක් බලාඉඳලා (නි)