සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවට අයත් දෙවනගල රජමහ විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්තී‍්‍රක්කයේ අරණායක ප‍්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයට අයත් පුදබිමකි.
මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් 4 ක් පමණ ඔබ්බෙන් පිහිට් දෙවනගල අක්කර 72 ක් පුරා පැතිරුණු පුදබිමකි.
දෙසැම්බර් 23 වැනි දින පොලිසීය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් එම ප‍්‍රදේශයේ උදෑසන සිට ආරක්ෂාව සඳහා යොදවා තිබුණේ සිංහල රාවය භික්ෂුන් හා එම සංවිධානයේ ගිහි පිරිස පැමිණෙන නිසාය. මෙම පුද බිම සතු පුරා විද්‍යා කාලාපය මැන පුද බිම රැක දෙන ලෙස එම සංවිධානය රජයට බල කරයි.
2005 මැයි මස 20 වැනි දින ගැසැට් පත‍්‍රයේ පුරා විද්‍යා පෙරණ කාලාපයක් ලෙස නම් කර මෙම පුද බිම 2008 වසරේදීද මැනුම් කටයුතු කර පෙරණ කාලපය වෙන් කිරිමට පැමිණි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඉඩ නොදුන්නේ දේශපාලන අධිකාරිය විසින් වළක්වන ළදැයි සිංහල රාවය කියයි.
දෙවනගල සුරකිමේ සංවිධානයේ සභාපති බුද්ධික ඩයස් මහතා කියා සිටියේ මෙම මැනුම් කටයුතු නොකළ නිසා ප‍්‍රශ්නයක් ලෙස දුර දිග ඇදී ගොස් දෙවනගල ඉඩම් නිරවුල් කිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරා විද්‍යා කොමසාරිස් සමග සාකච්ජාවක් සිංහල රාවය භික්ෂුන් පැවැත්විය.
පෙරණ කාලාපය නිරවුල් කිරිමට ගල කියන කොටස ගැසැට් කළ යුතු බවත් මාසයක් ඇතුලත ඔහු ඒ සඳහා වැඩපිළිවෙලක් සකසන බව ද කියු බවත් ඩයස් මහතා පවසයි.
1876 ලංකා මැනුමට අනුව මෙම දෙවනගල පූජා භූමියට අක්කර 72 කි. එය දෙවනගල ගල් පර්වතයේ සිට රුවන්දෙනිය ගම දක්වා විහිදේ.මෙයින් බොහෝමයක් අක‍්‍රමණ වලට ලක් වි ඇතැයි ද ඔහු කියයි.
දෙවනලගල සෙල් ලිපි වලට ඇසිඩ් වත් කළ ඇති අකාරයක් ද මෙහි බොහෝ පුරා වස්තු සොරකම් කර ඇති බවටද ගල කඩා නිවාස ඉදි කර ඇති බවද ඔහු කියයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිංහල රාවය සභාපති අක්මීමන දයාරතන,දෙවනගල රජමහ විහාරය ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බවත් වරක් දන්ත ධාතුන් වහන්සේ පවා මෙම ස්ථානයේ ආරක්ෂා කැළ බවත් හිමියෝ කියති.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරික්කාර්ගේ කතාව සහතික ඇත්ත.(නදී)
පේනවනේ මුහුණු වල හැටි. (නදී)
නුවන්, කාන්ත සහෝදරවරුනි ඔබලාගේ අදහස මම අගය කරමි. පුරා වස්තු ආරක්ෂා කිරීම සම්බන්ද කිසිම ගැටළුවක් මටත් නැත. මෙම මහපොළවේ ඕනෙම තැනක ජීවත්වීමේ අයිතිය ඔනෙ කෙනෙකුට නිත්‍යානුකුලව ලබාගැනීමට පුළුවන. එය යම්කිසි ආකාරයකින් නැතිකරනවා නම් එය අසාදාරනයක්. කවදත් අපි ප්‍රමුකත්වය දිය යුත්තේ මානව අවශ්‍යතාවන්ටය. ආගම නාමයෙන් වෛරය සහ ක්‍රෝදය වපුරා ගැනීම තරම් තිරිසන් ක්‍රියාවක් නැත. (නදී)
නිධාන තියෙන තැන හරියටම හොයාගත්තාද ? (නදී)
ලංකාවේ තියන ප්‍රදානම ප්‍රශ්නය මේකද හාමුදුරුවනේ ? ඔබ වහන්සේලා එලියට බහිනවා නම් කුඩු කන්ටේනර් කාරයන්ට එරෙහිව මොනවා හරි කරන්නකෝ.(නදී)
නුවන්, ඔයා අරි මරික්කාර් වගේ අය මේ කිසිම දෙයක් නොදන්නා අය වගේ කතා කරන්නේ. අපේ අය දැන්වත් මේ දේවල් වෙනුවෙන් ඉදිරිපත් වී සියලුම දේවල් රැක ගත යුතුයි.(නදී)
මේවා අපේ පරම් පරා ඉඩම්. කාටවත් ඉතිහාසය වෙනස් කරන්න බැහැ.(නදී)
මෙ පුවත අපි දැන ගත් මොහොතේ සිට ගොඩාක් කණගාටු වුනා අපේ උරුමය රකින්නේ නැත්තේ ඇයි කියලා. (නදී)
තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ. දිළින්දා රජින්දා උපන්සේ නැසෙන්නේ ඔවුන්ගේ නාමය මේ ලොවෙහි රැදෙන්නේ උසස් කම් පහත්කම් සොයලා බැලීමෙන් වැඩක් නෑ පලක් නෑ. ඊර්ෂ්‍යා කිරීමෙන් හෙට හෝ අනිද්දා සියල්ලන් වියෝවී නවාතැන් පොලෙන් මේ පිටත් වන්න වේවි.(නදී) රාග කෝධ මොහේ මනේ වේලිලා බැදීලා සාපයක්ම වාසේවේවි පාපේ ගැලීලා මලද නිදන්නේ එකටය් කනත්තේ කුල මල ජතිබේදේ එදා නෑ නැගෙන්නේ කුමටද කාබී නිති සැරසෙන්නේ කොතනද මේ කය අරගෙන යන්නේ
රිස්වාන්, ඔයාගේ පරම්පරාව කොහෙද ඉන්නේ? (නදී)
මම ඇහැටම දැක්ක මේ හාමුදුරු වරුන්ගේ ආර්ථික අපහසුකම් .එක තරුණ හිමිනමක් රුපියල් පනහක් තවත් හිමිනමකගෙන් ඉල්ලා ගෙන තමයි බස් එකේ යන්න සල්ලි හදා ගත්තේ. කැපකිරීම් අනන්තයි .මම හාමුදුරුවන්ගෙන් ඇහුව රුපියල් පනහ මොකටද ඉල්ලගත්තේ කියල එතකොටයි මම දැනගත්තේ (සත්‍ය සිදුවීමක් කරුණාකර පලකරන්න ).(නදී)
ධම්ම ඔබ හරි..මම එකගයි.(නදී)
බොදු පුද බිම් බොදු ජනයාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර දීම ගැන කව්රුත් කලබල විය යුතු නැත. ක්‍රි. ව. 2032 දී ලංකාවේ මුස්ලිම් ජතාවගේ අනුපාතය සියයට 53 දක්වා ඉහල නගින බව දැනට ගණන් බල ඇති ඇතැම් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.(නදී)
මරික්කාර්, ඔබ හරි සෑම පන්සලක්ම ඉදිරියේ සත්‍යග්‍රහ කරන්න සිද්දවෙවී. වැඩි හරියක්ම පන්සල් ඉඩම් අල්ලන් ඉන්නේ අපේ අයයි.(නදී)
පමාවෙලා හරි පුදබිම් රැකගන්න හදන එක ගැව ගොඩක් සතුටුයි. කව්රු උනත් කැලෑ සහ පුදබිම් අල්ලන එක නීති විරෝදියි. සේරුවිල මුහුදු විහාරයත් මේ වගේ නිදහස් කරන්න . එතනත් මේකමයි වෙලා තියෙන්නේ. ගියාම දුකයි. බුදුන් වැඩි රටේ බෞද්ධයෝ ඉන්න හැටි දැක්කම. (නදී)
හරිම කණගාටුයි මේ ගැන. ඊට වඩා කණගාටු සෙල් ලිපි වලට ඇසිඩ් දාලා විනාශ කරලා තිබීම.(නදී)
අපේ සමගිය නැති කරන්න ඇවිත්. දැන්ද පෙනුනේ දෙවනගල? (නදී)
මේක ඉතාමත්ම හොඳ වැදගත් වැඩක්. පමා වෙලා හරි ඉදිරිපත් වීම ගැන සිංහල රාවයට ස්තුතියි. එත් ගැටුම් ඇතිකරගන්නේ නැතිව සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්න. නිලධාරීන්ට සහ දේශපාලුවන්ට නිවැරදි දේ කරන්න උපදෙස් දෙන්න. පුජා භුමියේ අනවසරයෙන් ඉන්නවා නම් ඒ අය ඉවත්කර වෙනත් තැනකින් ජිවත් වෙන්න ඉඩම් කැල්ලක් දෙන්න. බෞද්ධ උරුමය විනාශ වෙන්න දිය යුතු නැහැ කවුරු උඩු බිරුවත්.(නදී)
මෝරලා, බොහෝ විට වෙන්නේ ඉඩම් බලෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ කොහොම හරි ඇමතියෙක් අල්ල ගෙන ඕවට ඔප්පු හදා ගන්නවා.(නදී)
මහා සංඝරත්නය ඉදිරිපත්වෙලා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රැකගන්න ක්‍රියාකිරීම ගැන අපගේ ගෞරවය. එඞිතරව ක්‍රියා කරන්න ඔබ වහන්සේලාට ශක්තිය හා ධෛර්ය ලැබේවා! (නදී)
මරික්කාර්ට පිළිතුරු ලැබිල තිබුනා. මටත් කලණ වගේම අහන්න තියෙන්නේ හෙළ උරුමය මොකද කරන්නේ කියන එක විතරයි.(නදී)
මෙම ප්‍රශ්නයට නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීම වඩාත් සුදුසුයි. (ස)
ඇති වෙන හැම දේම නැති වෙන සුළු බව බුදු දහමයි.ඕවා ආරක්ෂා කරනවා වගේම අපේ හාමුදුරුවනේ ධර්මයත් ආරක්ෂා කරන්න. (ස)
ගොඩාක් දෙමළ පත්තර වල මේ ගැන ගොඩාක් දේවල් ලියලා තිබුණා. නමුත් සිංහල කිසිම පුවත් පතක මෙ ගැන කිසිම අවධානයක් නම් යොමු කරලා තිබුණේ නැහැ. ලාංකීක ජනතාවට මෙ ගැන තියෙන්නේ අඩු වැටහිමක්. ඒ නිසා මේ පිළිබඳ විස්තර ලංකාදීප පුවත් පත අපිට ලබා දෙන්න. මේක සඳහා ගැටුමක් රණ්ඩුවක් වෙනකම් බලා ඉන්න එපා. මොකද එතකොට හැමෝම මේ ගැන ලියනවා හැමදාම දෙයක් වෙන්න කලින් ඉදිරිපත් කරපාපුවාහම තමයි හැමෝම අවධානයක් යොමු කරලා මේවා කොහොම හරි විසඳන්න හරි නොවිසඳා හරි දේ තීරණය කරන්නේ.(නදී)
ඔබ වහන්සේලාට යෝධ බල යෝධ වීරිය ලැබේවා. පුද බිම් බේරා ගැනීමට දරන උත්සාහයට.(නදී).
ඕක ආක්‍රමණයකින් ඉඩම් අල්ලා ගත්තා නම් ඒ අයට ඔප්පු නැතුව ඇති නේද බුද්දික ඩයස් මහත්තයෝ. ඕකට නීති ආදාර ලබාගන්ඩ නැතුව සමගිය නැතිකරන්ඩ එක එක සංවිදානවල පස්සේ යන්ට එපා. පළාතේ සමගිය රකින විදිහට වැඩ කරන්ඩ.(නදී)
කෑගල්ලේ ලංකාදීප ප්‍රවෘත්තයක් පිළිවළට දැක්කාමයි.. ජයවේවා අපේ සමන් මහත්තයෝ ... (අ)
මේවා බලහත්කාරයෙන් හෝ අයුක්ති ලෙස අල්ලාගත් ඉඩම් කියා පැවසීම අසාදරනයි. මොවුන් කෙසේ හෝ මෙම ඉඩම් මිලදී අරගෙන ඇත්තේ සිංහල මිනිස්සුන්ගෙන් විය හැක. අද මෙම ප්‍රදේශයේ අවට සිංහල මිනිස්සු පදිංචිවී සිටියා නම් මෙම පූජ්‍ය පක්ෂය මෙවෙනි මෙහෙයුමකට ඉදිරිපත්වෙන්නේ නැත. අද බොහෝ පන්සල්වල ඉඩකඩම් අයුක්ති ලෙස ආක්‍රමණය කරමින් බුක්ති විදින පිරිස ගැන සොයා බැලුවොත් සෑම පන්සලක්ම ඉදිරියේ සත්‍යග්‍රහ කරන්න සිද්දවෙවී. මෙම ප්‍රාදේශයේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට පවරාගැනීමට පෙර වර්තමාන ඉඩම් හිමියන්ට සුදුසු ඉඩකඩ පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කල යුතුයි.(නදී)
මෙම පූජනීය බිම ආරක්ෂා කර ගැනීමට මහා සංඝරත්නය මැදිහත් විය යුතුව තිබුනේ මීට කලකට පෙරය. එසේම ඉඩම් අනිසි ලෙස අල්ලා ගෙන සිටින පුද්ගලයන්ව වහා ඉවත් කල යුතුයි.(නදී)
අන්න පටන් ගත්තා මේ රටේ මිනිස්සු ජීවත්වනවාට වඩා පුද බූමි තියන් ඉන්න තමයි ආශා කරන්නේ.(නදී)
සිංහල රාවයේ ස්වාමීන් වහන්සේලාට මේ ගැන සොයා බල කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා.(දිල්)
උඩුව....උඩුව ...උඩුවේරිය..යටන්තලේ . රුකුල..පොල්වත්ත ..මැදගල .. දෙවනගලේ... මෙයින් කියවෙන්නේ පුරාණයේ රජවරුන් විසින් ,සොර , සතුරන්ගෙන් වටිනා තම ධනය , හා පුජනිය වස්තුන් ආරක්ෂා කර ගැනීමට නිධන් කර ඇති බව කියන සතර කෝරලේ ගම් කීපයක් අතරින් දෙවනගල පුජනිය ස්ථානයද ප්‍රමිඛ ස්ථානයක් ගන්නා බවයි. (නදී)
දෙවනගල සංරක්ෂණ කට යුතු පමාවෙලා හරි කරනඑක හොඳයි. ඒත් මෙහි තිබුන පුරා වස්තු විනාශ වුන දවස්වල ඒවා ගැන හොයන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. දැන් තියෙන්නේ ගල විතරයි.(නදී)
පෙර මහ රජුන් අබිමන් රැකි සවිය බල මහ යති වරුන් සිටි මොක් මග එළිය කළ මිහි මව සොබා අරුමය සිරි තිලිණ කළ දැක ගනු මිතුර උරුමය දෙවන ගල ගිරා සංදේශය (අ)
සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රැක ගැනීමට ඔබ වන්සේලාට තව තවත් ශක්තිය ලැබේවා.(නදී)
ආගමික පුද බිම් මිට වැඩිය උනන්දුවෙන් සංරක්ෂණය කරන්න ඕනා.(නදී)
සජිත්, මිනිස්සු ජීවත් වෙන්න ඕනා. අපේ ආගම ජාතියත් අපි රැකගන්න ඕනේ.(නදී)
මරික්කාර්, පොඩි බබෙක් වගේ කතා කරන්න එපා. මුළු ලංකාවේ කොහේ හාරලා බැලුවත් මතු වෙන්නේ සිංහල බෞද්ධ වෙහෙර විහාර වල නටඹුන්. දෙමල ත්‍රස්තවාදියෝ සමග එකතු වු පිරිස් මේවා විනාශ කරන්න කටුයුතු කලා. දැම්ම මේවට නිසි පියවර අරගෙන මේවා ආරක්ෂා කරන්න ඕනා.(නදී)
මේවා මිලදී ගත ඉඩම් නොව අනවසරයෙන් අල්ල ගත්ත ඉඩම්.(නදී)
මෙවන් පුරාණ ඉතිහාසයක් සහිත පුජා භුමි ආරක්ෂා කිරීමට අපගේ සගරුවනට ශක්තිය හා ධෛර්ය ලැබේවා. මොවුන් පුජා භුමි විතරක් නෙවෙයි දැන් හැමතැනම ආක්‍රමණය කරන්න පටන් අරන්.(නදී)
කුරගල, දෙවනගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය ඇතුළු මේ සම තැනකම වැඩ අවුල් කරන්නේ ඒ පළාත් වල දේශපාලුවන්. මේ අය ඡන්ද වලට බෞද්ධ උරුමය පාවා දෙනවා. සිංහල රාවයට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. අක්මීමන දයාරත්න නායක හිමිටත්, මඩිල්ලේ පඤ්ඤාලෝක හිමිටත් එංගලන්තයේ අපගේ ප්‍රණාමය. සාමකාමිව, ඉවසිලිමත්ව, සහයෝගයෙන් කටයුතු කරන්න. කාටවත් විවේචනය කරන්න ඉඩක් තියන්න එපා. සිංහල ජාතියත්, සම්බුද්ධ සාසනයත් රැකගැනීමට ශක්තිය ධෛර්යය ලැබේව. (අ)
මම දන්නා තරමට මෙම ඉඩම් බදු ඔප්පුවකින් තමයි මුලින් දීලා තියෙන්නේ. දැන් නම් මොවුන් හොර ඔප්පු හදාගෙන ඇති. මෙහි අනිසි ලෙස පදිංචිව ඇති සියල්ලන්වම ඉවත් කර ඔවුන්ගෙන් විහාර සංවර්ධනයට බදු මුදලක් ලබාගෙන ඉඩම් වල අයිතිය දෙවනගල රජමහා විහාරය සතුවීම මෙයට සුදුසුම විසදුමයි.(නදී)
මාවනැල්ල හෙම්මාතගම පාරත් දෙවනගල ගලත් අතර පාර අයිනේ කාලාන්තරයක් තිස්සේ මුස්ලිම් ජනයා පදිංචිව සිටියා කිසිදු අතුරු ආන්තරාවක් නොමැතිව. ඔවුන් කිසි දිනෙක දෙවනගල ගලට හානියක් සිදුකලේ නැහැ. අතීතයේ මෙහි සිටි වැදගත් මුස්ලිම් වැඩිහිටියන් දැන සිටියා මෙහි නියම ඉඩම් හිමිකරු කවුදැයි යන්න. නමුත් දැන් එහි යන එන කෙනෙකුට දැකිය හැකියි ඔවුන් ගල කඩමින් තම ඉඩම පුළුල් කර ගැනීමට කටයුතු කරන වග. දෙවනගල ගල වටේම සිංහල මුස්ලිම් බේදයක් නොමැතිව මේ වැරදි ක්‍රියාව කරගෙන යනවා. (නදී)
මෙ ගැන ලංකාදීප පුවත්පත යොමු විම ඉතාම හොඳයි. මොකද හැමදාම දේශපාලන පුවත් සිරස්තලම ඉස්සරහට එන කාලයක මෙවන් වටිනා දෙයක් ගැන අවදානයට ලක් විම වැදගත්. ඒ වාගේම ජාතික ප‍්‍රශ්නයක් කාගෙත් අවධානයට ලක් කිරිමට ඉක්මන් තීරණ වලට දේශපාලඥයින් යොමු කිරිමට මෙම පුවත ඉතාම වැදගත්.(නදී)
ලංකාදීප පුවත් පතට සමන් විජය මාධ්‍යවේදියා එක් විම ඉතාම වැදගත්. අනාගතයේදි අපිට මෙයාගෙන් ගොඩාක් දේවල් දකින්න පුළුවන් වෙයි. ඔහු හොඳ ජායාරූප ශිල්පයෙක් නිසා. (නදී)
මරික්කාර් කාගෙන් සල්ලි දීල ගත්තත් පුරා විද්‍යා වටිනාකමක් තියන ඉඩම් අයිති රජයට.(නදී)
අපේදේ රැක ගන්න එක අපේ වැඩක් (දී)
මොකද හෙළ උරුමය කරන්නේ?(නදී)
ලංකාවට ගිය කලක් (දී)
මෙවන් පුද බිම් තුළ පවතින තත්වය හරියාකාරයෙන් නොවිමසා කටයුතු කිරිම මගින් අනාගතයේ දී ජනතාව අතර විවිධ ප‍්‍රශ්නකාරි තත්වයන් ගොඩ නැගෙනවා. මෙ පිළිබඳව ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතුයි. නැතිනම් වෙන්නේ ලොකු විනාශයක්. දෙවනගල පුද බිම වටිනා වස්තුවක් එය කෙසේ හෝ රකින්න ඕනෑ. ඔය කියන විදියේ දේවල් මේකට වෙලා තියනවා නම් බොහෝම කණගාටුයි.(නදී)
දේශපාලනඥයන් අල්ලාගෙන ඉන්න ඉඩම් ටිකත් නිදහස් කරලා දෙන්න අපේ හාමුදුරුවනේ පුලුවන්නම්. මෙම ලිපිය ව්‍යකරණ හා භාෂා භාවිතය බොහෝ දුරට නිවැරදිව ඇති සටහනක්. සමන් විජය, භාෂාව රුක ගැනීමේ මාධ්‍ය සතු යුතුකම හොදින් ඉටුකරන්න ඔබට හැකි වේ යයි සිතමි. (නදී)
සබරගමුවටම තියන සම්පතක් මේක. රකින්න හැමෝම පෙරට එන්න ඔනෑ.. අතාවුද මහත්තයෝ මාවනැල්ලේ සංවිධායක වුන දවසේ ඉදලා කිසිම දෙයක් හරියට කලේ නැහැනේ. මෙ වාගේ දේවල් වලටත් හරි තිරණ නොගැනිම හේතුවෙන් කවදා හරි දුක් විදින්න වෙයි. (නදී)