
(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින් හිඟවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු එංජින් 50 ක් පමණ තිබෙන බවත් ප්‍රමාද කිරීම් සහ අවලංගු කිරීම් වලින් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් හොඳ තත්වයේ දුම්රිය එංජින් 70 ක් අවම වශයෙන් තිබිය යුතු බවත් එම නිලධාරියා කීය.
අවලංගුවීම් හෝ ප්‍රමාදයන්ගෙන් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් අවම වශයෙන් හොඳ තත්වයේ දුම්රිය එංජින් 60 ක් අවශ්‍ය බවත් දැනට ධාවන තත්වයේ ඇති දුම්රිය එංජින් 50 කට ආසන්න ප්‍රමාණයෙන් වැඩි සංඛ්‍යාවක විවිධ කාර්මික දෝෂ ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස් නොමැතිවීමෙන් කාර්මික දෝෂයන්ට ලක්වන ඇතැම් එන්ජින් යථා තත්වයට පත් කිරීමට මාස ගණන් කාලය ගතවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණනාවකට පෙර ගෙන්වූ ඉන්දියානු එන්ජින් සහ මැදිරි පාවිච්චියට නොගෙන අයින් කරල තියෙනවා නේද? ලඟදිත් එන්ජින් විස්සක් තෑගි දුන්න. කෝ ඒවට මොකද වුනේ
දුම්රිය එනජින් හොද තත්වයේ නැතිනං ඒවා නිසි තත්වයේ තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ එහි වැඩ කරන නිලදාරින්ගේ වගකීමක්. රජයේ වගකීමක් ඒවාට ප්‍රතිපාදන ලබා දීම. දුම්රිය දෙපාර්තමේන්තුවට ලංකාවේ ඇති වැඩිම වටනාකමක් ඇති ඉඩම් සම්බාරයක් ඇති බවද අපි දනිමු.
ඕක කරන්න බැහැ... පාරවල් වල මිනිසුන් මියගිය පසු ඇවිත් සිග්නල් අලුත්වැඩියා කරනවා... සේවක සමාජයම බීමට ඇබ්බැහි වෙලා.. RDA එකත් එහෙමයි. මේවා පුද්ගලික අංශයට බාර දිය යුතුමය.
හැම ආණ්ඩුවක්ම පත් වුණාම දුම්රිය එන්ජින් ගෙන්නන එක තමයි ලොකුම විනෝදේ හැබැයි ගේන ගොඩක් ඒවා මෙහෙ ගෙනාවාම ප්‍රශ්න... දැන් ඉන්දියාවෙන් පරණ එන්ජින් 20 ක් නිකන් දෙනවාලු ඒවාඉතින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විතරයි නේ දුවන්න පුළුවන්
මහත්තයා දන්නේ නැතිවට අපි ටිකට් අරං තමයි කෝච්චියේ යන්නේ. ඉතින් ඒ එකතු වෙන සල්ලි කෝ?
රාජපක්ෂ මාෆියාව මේ තුළ ක්‍රියාත්මක වෙනවා .....
පසුගිය ආණ්ඩු කොමිස් වලට ඉන්දියාවෙන් අබලන් එන්ජින් ගෙන්නලා කළ විනාශය තරමයි.. ඔස්ට්‍රේලියාවට කතා කරලා ඔවුන් අයින් කරන්න එන්ජින් ඉල්ල ගන්න.ඒවා නියමෙට නඩත්තු කරලා තියෙන්නේ.