
(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින් හිඟවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු එංජින් 50 ක් පමණ තිබෙන බවත් ප්‍රමාද කිරීම් සහ අවලංගු කිරීම් වලින් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් හොඳ තත්වයේ දුම්රිය එංජින් 70 ක් අවම වශයෙන් තිබිය යුතු බවත් එම නිලධාරියා කීය.
අවලංගුවීම් හෝ ප්‍රමාදයන්ගෙන් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් අවම වශයෙන් හොඳ තත්වයේ දුම්රිය එංජින් 60 ක් අවශ්‍ය බවත් දැනට ධාවන තත්වයේ ඇති දුම්රිය එංජින් 50 කට ආසන්න ප්‍රමාණයෙන් වැඩි සංඛ්‍යාවක විවිධ කාර්මික දෝෂ ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස් නොමැතිවීමෙන් කාර්මික දෝෂයන්ට ලක්වන ඇතැම් එන්ජින් යථා තත්වයට පත් කිරීමට මාස ගණන් කාලය ගතවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුවන දුම්රිය එන්ජින් 50 ත් දෝෂයන්ට ලක්වීම ගැටලුවක්
Lalla Sunday, 29 December 2024 02:43 PM
අවුරුදු ගණනාවකට පෙර ගෙන්වූ ඉන්දියානු එන්ජින් සහ මැදිරි පාවිච්චියට නොගෙන අයින් කරල තියෙනවා නේද? ලඟදිත් එන්ජින් විස්සක් තෑගි දුන්න. කෝ ඒවට මොකද වුනේ
ජගත් ලියනගේ Sunday, 29 December 2024 03:01 PM
දුම්රිය එනජින් හොද තත්වයේ නැතිනං ඒවා නිසි තත්වයේ තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ එහි වැඩ කරන නිලදාරින්ගේ වගකීමක්. රජයේ වගකීමක් ඒවාට ප්‍රතිපාදන ලබා දීම. දුම්රිය දෙපාර්තමේන්තුවට ලංකාවේ ඇති වැඩිම වටනාකමක් ඇති ඉඩම් සම්බාරයක් ඇති බවද අපි දනිමු.
janahitha Sunday, 29 December 2024 03:48 PM
ඕක කරන්න බැහැ... පාරවල් වල මිනිසුන් මියගිය පසු ඇවිත් සිග්නල් අලුත්වැඩියා කරනවා... සේවක සමාජයම බීමට ඇබ්බැහි වෙලා.. RDA එකත් එහෙමයි. මේවා පුද්ගලික අංශයට බාර දිය යුතුමය.
sachith Sunday, 29 December 2024 06:59 PM
හැම ආණ්ඩුවක්ම පත් වුණාම දුම්රිය එන්ජින් ගෙන්නන එක තමයි ලොකුම විනෝදේ හැබැයි ගේන ගොඩක් ඒවා මෙහෙ ගෙනාවාම ප්‍රශ්න... දැන් ඉන්දියාවෙන් පරණ එන්ජින් 20 ක් නිකන් දෙනවාලු ඒවාඉතින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විතරයි නේ දුවන්න පුළුවන්
ගුණරත්න Sunday, 29 December 2024 07:55 PM
මහත්තයා දන්නේ නැතිවට අපි ටිකට් අරං තමයි කෝච්චියේ යන්නේ. ඉතින් ඒ එකතු වෙන සල්ලි කෝ?
Rho Sunday, 29 December 2024 08:04 PM
රාජපක්ෂ මාෆියාව මේ තුළ ක්‍රියාත්මක වෙනවා .....
sam Monday, 30 December 2024 07:53 AM
පසුගිය ආණ්ඩු කොමිස් වලට ඉන්දියාවෙන් අබලන් එන්ජින් ගෙන්නලා කළ විනාශය තරමයි.. ඔස්ට්‍රේලියාවට කතා කරලා ඔවුන් අයින් කරන්න එන්ජින් ඉල්ල ගන්න.ඒවා නියමෙට නඩත්තු කරලා තියෙන්නේ.