IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙවැනි දිනටත් මත්තලට වී

මත්තල  ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා සංකිර්ණයේ වී ගබඩා කිරීම අද (03) ද සිදුවූ  බව ගුවන්තොටුපළ සේවකයෝ කියති.

වී අලෙවි මණ්ඩලයේ  වීරවිල, පන්නේගමුව , අම්බලන්තොට යන ගබඩාවල ගබඩා කර තිබූ වී තොග මෙසේ  ලොරි රථවලින් මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන යෑම සිදු කෙරිණි.

පස්වරුව වන විට වී ලොරි විස්සකට ආසන්න සංඛ්‍යාවක් ගුවන්තොටුපළට පැමිණ තිබේ.

මත්තල ගුවන්තොටේ ගබඩා වල වී ගබඩා කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ.

 

 



අදහස් (0)

දෙවැනි දිනටත් මත්තලට වී

මුරුගන් Thursday, 03 September 2015 02:18 PM

අනේ මන්දා අපේ සල්ලි නේද මේ නාස්ති වෙන්නේ? (නි)

:       0       0

අමන්දා Thursday, 03 September 2015 02:26 PM

අපි දැන් මේකට අලුත් නමක් දාමු (නි)

:       0       0

ආශා Friday, 04 September 2015 04:49 AM

ආදායම් මාර්ග දෙකක්! අහස් යානා උඩින් යද්දිත් සල්ලි වී ගබඩා කරලා එකෙනුත් සල්ලි (අ)

:       0       0

මාල් Thursday, 03 September 2015 03:00 PM

ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපල මේ වගේ ගොවි ජනතාවටවත් යහපතක් වන දෙයකට යොමුකිරීම වැදගත්. මොනතරම් පාරිසරික ව්නාශයක් මේ ගුවන්තොටුපලෙන් සිදුවුණාද ? ඉදිරියට පොලොන්නරුව ගැනත් කල්පනාවෙන් සිටිය යුතුයි කියල අපි හිතනවා ! (බ)

:       0       0

ස්මිත් Friday, 04 September 2015 05:27 AM

අඩු ගානේ ගුවන් යාන එන්නෙ නැති එකයි, සේවකයන්ගේ පඩි නඩි ගෙවන්න කීයක් හරි හම්බ වෙන එකට ඉස්තුති වන්න...නැත්නම් ඕක කටු ගෙයකට යනවා වගෙයි වැඩක් නෑ දැන් (අ)

:       0       0

දිනේෂ් Friday, 04 September 2015 05:29 AM

මම නම් මේ වැඩේ මහ ලොකු වැරැද්දක් දකින්නේ නැහැ. මත්තල ගුවන් තොටුපලේ තියන ගබඩා සංකීර්ණ භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. මේකට හේතුව මත්තල ගුවන් තොටුපලට බහුල වශයෙන් ගුවන් යනා එන්නේ නැති එක. ඉතින් අර දුප්පත් මිනිසුන්ගේ වී ටික ඉක්මනින් ගබඩා කරලා ඒ මිනිස්සුන්ට අතට ඉක්මනින් සල්ලි ටිකක් ලැබෙනව නම් කොයි තරම් හොඳයිද?(අ)

:       0       0

විජිත් Thursday, 03 September 2015 03:21 PM

වරද තියෙන්නේ අනවශ්‍ය අයෝග්‍ය තැනක මේ කෝටිගානක් වියදම් කරලා ගුවන් තොටුපොල හදපු තක්කඩි හොරු රැල අතෙයි.බ්ය්යන්ට පුලුවනිද හරියට වැඩක් කරන්න. (බ) .

:       0       0

අනුර Friday, 04 September 2015 05:41 AM

පැරණි අනුවනයන් අටුව කඩලා පුටුව සෑදුවා. නූතන අනුවනයන් මත්තල කඩලා අටුව සාදනවා. තවත් කල් ගියහම එයත් ප්‍රස්තාපිරුළක් බවට පත්වේ. (අ)

:       0       0

නිලාන් - කටාර් සිට Friday, 04 September 2015 05:44 AM

මේවා කරන්නද ඔය ගොල්ලෝ යහපාලනයට ඡන්ද දුන්නේ,, ගුවන්තතොටුපලක් වී ගබඩාවක් ලෙසට යොදාගත් ලෝකයේ පලවෙනි අවස්ථාව. මේක ලෝක වාර්තාවක් ..අනේ මෙහෙමත් මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ.අපිට ලැජ්ජයි අපේ රටේ පාලකයෝ ගැන. (අ)

:       0       0

කමල් Friday, 04 September 2015 05:44 AM

ඇයි අපිට බැරි මේ ගුවන් තොටුපොල ස්පයිස් ජෙට් , එයාර් ඒසියා වගේ පෞද්ගලික ගුවන් යානා සමාගමකට කුලියට දෙන්න. ඔවුනට මේක හබ් එකක් විදිහට දියුණු කරලා ගන්න පුළුවන්. වී ගබඩා කිරීම මාත් අනුමත කරන්නේ නැහැ. රනිල් කියන්නේ ඇති විශිෂ්ට නායකයෙක්. ඔහුගෙන් අපි මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා. (අ)

:       0       0

කරුණාරත්න Thursday, 03 September 2015 04:30 PM

විජිත්, කියන්නකෝ එහෙනම් ගුවන් තොටුපොළ හදන්න සුදුසු තැනක්. (නි)

:       0       0

කවින්ද Thursday, 03 September 2015 04:33 PM

ලස්සන නමකුත් දාමුකෝ (නි)

:       0       0

සිල්වා Thursday, 03 September 2015 04:48 PM

මොකද වෙන්නේ නිකන් තිබෙන තැන් වලින් වැඩක් ගත්තාට? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 06:07 PM

ගුවන් යානයෙන් නිරුපද්‍රිතව බැසගත්තා කියමුකෝ.ඉන්පසු බස් එකේ එනකොට අලියෙක් ගැහුවොත් කම්මුතුයි.කැලයක මොකට හැදුවද මන්දා? (නි)

:       0       0

විද්‍යා Thursday, 03 September 2015 06:19 PM

ඡන්දෙට කලින් දුන් පොරොන්දුවක් මේක. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 03 September 2015 06:25 PM

අනේ ලොකු දෙයක් ගුවන් යානා එන්නේ නැති එකේ ගබඩා වල වී පුරවන එක.අනික ජනතාවද කිවුවේ බොරු වැඩ කරන්න කියලා? (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 03 September 2015 07:17 PM

දැන්නම් ඉතින් ‍මේ රජය ගැනත් මොන විශ්වාසයක්ද? දුප්පත් අපි කබලෙන් ළිපට වැටුනා වගෙයි (නි)

:       0       0

දීමන්ත Thursday, 03 September 2015 11:16 PM

ඔබ හරියටම හරි විජිත් සහ මාල්.මත්තල ගුවන් තොටුපොළ සියැසින් දැකපු කෙනෙක් හැටියට මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා. මම ලංකාවට ආ එක ගුවන් ගමනක් මත්තල හරහා ආවා. පැයක් නවත්තලා ඉඳලා කිසිම මඟියෙකු නඟින්නේ හෝ බහින්නේ නැතුව නිකම්ම කටුනායකට ආවා. ඉහළ අහසේ ඉඳලා බලනකොට අමු කැලයක් තමා ගුවන්තොට වටේටම පෙනෙන්නේ. මහා මුදල් නාස්තියක්....... (නි)

:       0       0

ලක් Thursday, 03 September 2015 12:20 PM

වී ගබඩා කරන්න හරි ඒවා හැදුවේ රාජපක්ෂ ආණ්ඩුව. අපි බලන් ඉමුකො නටන නාඩගම.(ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 12:58 PM

රුපියල් කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා රටම ණය කරලා,අනාගත දරු පරම්පරා 100 ක් ණය කරලා මත්තලක් හැදුවේ මේකටද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 04 September 2015 02:30 AM

නිකම් තිබෙන ගබඩා වල වී ගබඩා කළාම මොකද? (නි)

:       0       0

අජිත් Thursday, 03 September 2015 01:20 PM

කවුරු මොනවා කිවුවත් මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නැහැ (නි)

:       0       0

සුනිල් Thursday, 03 September 2015 01:33 PM

අපි බලමු තව අවුරුදු කීයක් මේවා පවතීද කියලා.... (නි)

:       0       0

රිස්මි Thursday, 03 September 2015 01:40 PM

"මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර වී ගබඩා තොටුපොළ - හම්බන්තොට" (නි)

:       0       0

සිරි Friday, 04 September 2015 03:26 AM

විජිත්, ඒ දවස් වල රනිල් මහත්තය කිවුව වගේ වැල්ලවයේ හැදුවනම් හරිද? එහෙම කළා නම් ඒකටත් ඔය කියපු විදිහට "බයියන්ට හරියට වැඩක් කරන්න පුලුවනිද" කියල අහනවද? (අ)

:       0       0

වසන්ත Friday, 04 September 2015 03:31 AM

ගොඩාක් අය ගුවන්තොටට බැනලා තියෙනවා. අනේ මන්දා එ හැම කෙනෙක්ම 08වත් පාස් නැති නිකමෝ වෙන්න ඇති. රටක සංවර්ධනය කියන්න‍ෙ කොළඔ විතරක් දියුණුකරන එක නොවෙි. හැම තැනක්ම දියුනු කරන්න ඔනි. ඩුබායි තිලක් මත්තල දැකලත් නැතිව ණය ගැන කියනවා. තිලක් මහත්තයා ණයවලින් මාසික වාරිකය කීයක් ගෙවනවාද දන්නෑ නේද. අනේ මටනමි හිනායනවා මෙි වගේ දේවල් කියන මොඩයෝ ලංකාවෙි ඉන්නවනේ කියලා (අ)

:       0       0

අකලංක Thursday, 03 September 2015 01:56 PM

යමක් කිරීමට පෙර දෙවරක් සිතිය යුතුයි කියන්නේ නිකන් නෙමෙයිනේ (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 03 September 2015 01:57 PM

මටත් මෙහි වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 01:58 PM

රිස්මි,ඔබ හරියටම හරි. (නි)

:       0       0

ඉසුරු Thursday, 03 September 2015 02:00 PM

මත්තල ගුවන්තොට කල්යෑමේදී දියුණු වෙන්න තිබුණා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 02:02 PM

රුපියල් කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා කරපු සංවර්ධන? මේවා මහා ජාතික අපරාධ. (නි)

:       0       0

සනා Friday, 04 September 2015 03:45 AM

මගේ මතයනම් ගුවන් තොටුපොළක් හදන්න කලින් වී ගබඩා හදන්න තිබ්බ කියල. අවශ්‍ය දේ පළමුව (අ)

:       0       0

යමින්ත‍ Thursday, 03 September 2015 02:05 PM

වැඩක් ඇති දේකට යොදාගත්තා කියලා කිසිම වරදක් නැහැ (නි)

:       0       0

සිසිර Friday, 04 September 2015 03:48 AM

හරිම අපරාදයක් මේ ගොඩනැගිලි වෙනත් වැඩකට යොදාගැනීම සලකාබලන්න තිබුණා (අ)

:       0       0

පුබුදු Friday, 04 September 2015 03:49 AM

විශ්ව විද්‍යාලයක් අැරැබුවානම් හොද නැද්ද ? (අ)

:       0       0

රූපවති Friday, 04 September 2015 04:17 AM

මේවා ලෝකේ හිනස්වන බුරු වැඩ. මේ රජයට තුබුණා ඒ වටිනා තැන ලෝක ප්‍රබු නවාතැන් පලක් හා හොටෙල් සංකීර්ණයක් කිරීමට රටට ආදායමක් අනාගතයේ ඕන දේකට වෙනස් කරගත හැකියි ....ඒත් මේ මඩ ගෑම නවත්වා බුද්ධිමත් තීරණ ගත යුතුයි..මේවා මහජන මුදල් රටේ ජනතාවට ඇහුම් කන්දීම වග කිවයුත්තෝ කල යුතු දෙයක් ...? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site