මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා සංකිර්ණයේ වී ගබඩා කිරීම අද (03) ද සිදුවූ බව ගුවන්තොටුපළ සේවකයෝ කියති.
වී අලෙවි මණ්ඩලයේ වීරවිල, පන්නේගමුව , අම්බලන්තොට යන ගබඩාවල ගබඩා කර තිබූ වී තොග මෙසේ ලොරි රථවලින් මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන යෑම සිදු කෙරිණි.
පස්වරුව වන විට වී ලොරි විස්සකට ආසන්න සංඛ්‍යාවක් ගුවන්තොටුපළට පැමිණ තිබේ.
මත්තල ගුවන්තොටේ ගබඩා වල වී ගබඩා කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපේ සල්ලි නේද මේ නාස්ති වෙන්නේ? (නි)
අපි දැන් මේකට අලුත් නමක් දාමු (නි)
ආදායම් මාර්ග දෙකක්! අහස් යානා උඩින් යද්දිත් සල්ලි වී ගබඩා කරලා එකෙනුත් සල්ලි (අ)
ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපල මේ වගේ ගොවි ජනතාවටවත් යහපතක් වන දෙයකට යොමුකිරීම වැදගත්. මොනතරම් පාරිසරික ව්නාශයක් මේ ගුවන්තොටුපලෙන් සිදුවුණාද ? ඉදිරියට පොලොන්නරුව ගැනත් කල්පනාවෙන් සිටිය යුතුයි කියල අපි හිතනවා ! (බ)
අඩු ගානේ ගුවන් යාන එන්නෙ නැති එකයි, සේවකයන්ගේ පඩි නඩි ගෙවන්න කීයක් හරි හම්බ වෙන එකට ඉස්තුති වන්න...නැත්නම් ඕක කටු ගෙයකට යනවා වගෙයි වැඩක් නෑ දැන් (අ)
මම නම් මේ වැඩේ මහ ලොකු වැරැද්දක් දකින්නේ නැහැ. මත්තල ගුවන් තොටුපලේ තියන ගබඩා සංකීර්ණ භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. මේකට හේතුව මත්තල ගුවන් තොටුපලට බහුල වශයෙන් ගුවන් යනා එන්නේ නැති එක. ඉතින් අර දුප්පත් මිනිසුන්ගේ වී ටික ඉක්මනින් ගබඩා කරලා ඒ මිනිස්සුන්ට අතට ඉක්මනින් සල්ලි ටිකක් ලැබෙනව නම් කොයි තරම් හොඳයිද?(අ)
වරද තියෙන්නේ අනවශ්‍ය අයෝග්‍ය තැනක මේ කෝටිගානක් වියදම් කරලා ගුවන් තොටුපොල හදපු තක්කඩි හොරු රැල අතෙයි.බ්ය්යන්ට පුලුවනිද හරියට වැඩක් කරන්න. (බ) .
පැරණි අනුවනයන් අටුව කඩලා පුටුව සෑදුවා. නූතන අනුවනයන් මත්තල කඩලා අටුව සාදනවා. තවත් කල් ගියහම එයත් ප්‍රස්තාපිරුළක් බවට පත්වේ. (අ)
මේවා කරන්නද ඔය ගොල්ලෝ යහපාලනයට ඡන්ද දුන්නේ,, ගුවන්තතොටුපලක් වී ගබඩාවක් ලෙසට යොදාගත් ලෝකයේ පලවෙනි අවස්ථාව. මේක ලෝක වාර්තාවක් ..අනේ මෙහෙමත් මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ.අපිට ලැජ්ජයි අපේ රටේ පාලකයෝ ගැන. (අ)
ඇයි අපිට බැරි මේ ගුවන් තොටුපොල ස්පයිස් ජෙට් , එයාර් ඒසියා වගේ පෞද්ගලික ගුවන් යානා සමාගමකට කුලියට දෙන්න. ඔවුනට මේක හබ් එකක් විදිහට දියුණු කරලා ගන්න පුළුවන්. වී ගබඩා කිරීම මාත් අනුමත කරන්නේ නැහැ. රනිල් කියන්නේ ඇති විශිෂ්ට නායකයෙක්. ඔහුගෙන් අපි මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා. (අ)
විජිත්, කියන්නකෝ එහෙනම් ගුවන් තොටුපොළ හදන්න සුදුසු තැනක්. (නි)
ලස්සන නමකුත් දාමුකෝ (නි)
මොකද වෙන්නේ නිකන් තිබෙන තැන් වලින් වැඩක් ගත්තාට? (නි)
ගුවන් යානයෙන් නිරුපද්‍රිතව බැසගත්තා කියමුකෝ.ඉන්පසු බස් එකේ එනකොට අලියෙක් ගැහුවොත් කම්මුතුයි.කැලයක මොකට හැදුවද මන්දා? (නි)
ඡන්දෙට කලින් දුන් පොරොන්දුවක් මේක. (නි)
අනේ ලොකු දෙයක් ගුවන් යානා එන්නේ නැති එකේ ගබඩා වල වී පුරවන එක.අනික ජනතාවද කිවුවේ බොරු වැඩ කරන්න කියලා? (නි)
දැන්නම් ඉතින් මේ රජය ගැනත් මොන විශ්වාසයක්ද? දුප්පත් අපි කබලෙන් ළිපට වැටුනා වගෙයි (නි)
ඔබ හරියටම හරි විජිත් සහ මාල්.මත්තල ගුවන් තොටුපොළ සියැසින් දැකපු කෙනෙක් හැටියට මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා. මම ලංකාවට ආ එක ගුවන් ගමනක් මත්තල හරහා ආවා. පැයක් නවත්තලා ඉඳලා කිසිම මඟියෙකු නඟින්නේ හෝ බහින්නේ නැතුව නිකම්ම කටුනායකට ආවා. ඉහළ අහසේ ඉඳලා බලනකොට අමු කැලයක් තමා ගුවන්තොට වටේටම පෙනෙන්නේ. මහා මුදල් නාස්තියක්....... (නි)
වී ගබඩා කරන්න හරි ඒවා හැදුවේ රාජපක්ෂ ආණ්ඩුව. අපි බලන් ඉමුකො නටන නාඩගම.(ම)
රුපියල් කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා රටම ණය කරලා,අනාගත දරු පරම්පරා 100 ක් ණය කරලා මත්තලක් හැදුවේ මේකටද? (නි)
නිකම් තිබෙන ගබඩා වල වී ගබඩා කළාම මොකද? (නි)
කවුරු මොනවා කිවුවත් මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නැහැ (නි)
අපි බලමු තව අවුරුදු කීයක් මේවා පවතීද කියලා.... (නි)
"මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර වී ගබඩා තොටුපොළ - හම්බන්තොට" (නි)
විජිත්, ඒ දවස් වල රනිල් මහත්තය කිවුව වගේ වැල්ලවයේ හැදුවනම් හරිද? එහෙම කළා නම් ඒකටත් ඔය කියපු විදිහට "බයියන්ට හරියට වැඩක් කරන්න පුලුවනිද" කියල අහනවද? (අ)
ගොඩාක් අය ගුවන්තොටට බැනලා තියෙනවා. අනේ මන්දා එ හැම කෙනෙක්ම 08වත් පාස් නැති නිකමෝ වෙන්න ඇති. රටක සංවර්ධනය කියන්නෙ කොළඔ විතරක් දියුණුකරන එක නොවෙි. හැම තැනක්ම දියුනු කරන්න ඔනි. ඩුබායි තිලක් මත්තල දැකලත් නැතිව ණය ගැන කියනවා. තිලක් මහත්තයා ණයවලින් මාසික වාරිකය කීයක් ගෙවනවාද දන්නෑ නේද. අනේ මටනමි හිනායනවා මෙි වගේ දේවල් කියන මොඩයෝ ලංකාවෙි ඉන්නවනේ කියලා (අ)
යමක් කිරීමට පෙර දෙවරක් සිතිය යුතුයි කියන්නේ නිකන් නෙමෙයිනේ (නි)
මටත් මෙහි වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)
රිස්මි,ඔබ හරියටම හරි. (නි)
මත්තල ගුවන්තොට කල්යෑමේදී දියුණු වෙන්න තිබුණා (නි)
රුපියල් කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා කරපු සංවර්ධන? මේවා මහා ජාතික අපරාධ. (නි)
මගේ මතයනම් ගුවන් තොටුපොළක් හදන්න කලින් වී ගබඩා හදන්න තිබ්බ කියල. අවශ්‍ය දේ පළමුව (අ)
වැඩක් ඇති දේකට යොදාගත්තා කියලා කිසිම වරදක් නැහැ (නි)
හරිම අපරාදයක් මේ ගොඩනැගිලි වෙනත් වැඩකට යොදාගැනීම සලකාබලන්න තිබුණා (අ)
විශ්ව විද්‍යාලයක් අැරැබුවානම් හොද නැද්ද ? (අ)
මේවා ලෝකේ හිනස්වන බුරු වැඩ. මේ රජයට තුබුණා ඒ වටිනා තැන ලෝක ප්‍රබු නවාතැන් පලක් හා හොටෙල් සංකීර්ණයක් කිරීමට රටට ආදායමක් අනාගතයේ ඕන දේකට වෙනස් කරගත හැකියි ....ඒත් මේ මඩ ගෑම නවත්වා බුද්ධිමත් තීරණ ගත යුතුයි..මේවා මහජන මුදල් රටේ ජනතාවට ඇහුම් කන්දීම වග කිවයුත්තෝ කල යුතු දෙයක් ...? (අ)