පෝලියෝ රෝගය වළක්වා ගැනීම සඳහා දරුවන්ට මෙතෙක් ලබාදුන් ත‍්‍රිත්ව පෝලියෝ එන්නත ඉවත් කර නව ද්විත්ව පෝලියෝ එන්නතක් 30 වැනි දා සිට ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
පෝලියෝ රෝගය ඇතිවීමට හේතුවන වෛරස තුනක් ඇති අතර එම වෛරස තුනෙන් ආරක්‍ෂාවීමට අවශ්‍ය ප‍්‍රතිශක්තිකරණය සහිත ත‍්‍රිත්ව පෝලියෝ එන්නත මුඛ එන්නතක් ලෙස මෙතෙක් කල් ලබාදුන් අතර මේ වන විට එක් පෝලියෝ වෛරස කාණ්ඩයක් ලෝකයෙන් තුරන් කර ඇති බවත්, ඒ නිසා අනෙක් වෛරස දෙකට පමණක් අවශ්‍ය ප‍්‍රතිශක්තිය ලබාදීම ප‍්‍රමාණවත් ඇය සඳහන් කළාය.
ලෝකයේ සියලූම රටවල් මෙම දෙසතිය තුළ ත‍්‍රිත්ව පෝලියෝ එන්නත ඉවත් කර ද්විත්ව පෝලියෝ එන්නත භාවිතය ආරම්භ කරන බව ද ඇය පැවසුවාය.
දරුවන්ට වයස මාස 2,4,6,18 සහ අවුරුදු 5 යන වයස්වලදී වේල් 5ක් ලෙස පෝලියෝ මුඛ එන්නත ලබාදීම සිදුවන අතර මේ වන විට ඉන් එන්නත් ලබා ඇති දරුවන්ට ද ඉදිරි අවස්ථාවල ලබාදෙන්නේ නව ද්විත්ව පෝලියෝ එන්නත බව ඇය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ඉතිරි කර ගන්න කරපු වැඩක් වගේ.(හේ)
ලෝකයෙන් ඉවත් කළා යැයි කියන මේ වයිරස් එක, මේවාට එන්නත් හදන බහුජාතික සමාගම් වල ආරක්ෂාකාරී ලැබ් වල දිගින් දිගටම ජීවත් වෙනවා . අහඹු සිදුවීමක් ලෙස මේවා ලෝකයේ කොහෙන් හරි නැවත මතු වෙනවා .එතකොට නැවතත් පැරණි එන්නත නිෂ්පාදනය කිරීමේ හැකියාව එම සමාගම් වලට ලැබෙනවා . (ර)
කොහොමත් දැන් පෝලියෝ මුඛ එන්නත බොහෝ රටවල සමට එන්නත් කරන ආකාරයටයි ලබා දෙන්නේ. කොහොමටත් ලංකාවෙත් අවුරුදු ගණනකින් පෝලියෝ රෝගියෙක් වාර්ථා වී නැහැ. එන්නත යාවත්කාලීන කරන එක හොඳයි.(අ)