පෝලියෝ රෝගය වළක්වා ගැනීම සඳහා දරුවන්ට මෙතෙක් ලබාදුන් ත‍්‍රිත්ව පෝලියෝ එන්නත ඉවත් කර නව ද්විත්ව පෝලියෝ එන්නතක් 30 වැනි දා සිට ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
පෝලියෝ රෝගය ඇතිවීමට හේතුවන වෛරස තුනක් ඇති අතර එම වෛරස තුනෙන් ආරක්‍ෂාවීමට අවශ්‍ය ප‍්‍රතිශක්තිකරණය සහිත ත‍්‍රිත්ව පෝලියෝ එන්නත මුඛ එන්නතක් ලෙස මෙතෙක් කල් ලබාදුන් අතර මේ වන විට එක් පෝලියෝ වෛරස කාණ්ඩයක් ලෝකයෙන් තුරන් කර ඇති බවත්, ඒ නිසා අනෙක් වෛරස දෙකට පමණක් අවශ්‍ය ප‍්‍රතිශක්තිය ලබාදීම ප‍්‍රමාණවත් ඇය සඳහන් කළාය.
ලෝකයේ සියලූම රටවල් මෙම දෙසතිය තුළ ත‍්‍රිත්ව පෝලියෝ එන්නත ඉවත් කර ද්විත්ව පෝලියෝ එන්නත භාවිතය ආරම්භ කරන බව ද ඇය පැවසුවාය.
දරුවන්ට වයස මාස 2,4,6,18 සහ අවුරුදු 5 යන වයස්වලදී වේල් 5ක් ලෙස පෝලියෝ මුඛ එන්නත ලබාදීම සිදුවන අතර මේ වන විට ඉන් එන්නත් ලබා ඇති දරුවන්ට ද ඉදිරි අවස්ථාවල ලබාදෙන්නේ නව ද්විත්ව පෝලියෝ එන්නත බව ඇය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ද්විත්ව පෝලියෝ එන්නතක් එයි
මංජු Monday, 25 April 2016 07:52 AM
සල්ලි ඉතිරි කර ගන්න කරපු වැඩක් වගේ.(හේ)
සෑම් Monday, 25 April 2016 08:27 AM
ලෝකයෙන් ඉවත් කළා යැයි කියන මේ වයිරස් එක, මේවාට එන්නත් හදන බහුජාතික සමාගම් වල ආරක්ෂාකාරී ලැබ් වල දිගින් දිගටම ජීවත් වෙනවා . අහඹු සිදුවීමක් ලෙස මේවා ලෝකයේ කොහෙන් හරි නැවත මතු වෙනවා .එතකොට නැවතත් පැරණි එන්නත නිෂ්පාදනය කිරීමේ හැකියාව එම සමාගම් වලට ලැබෙනවා . (ර)
නුමා Monday, 25 April 2016 10:16 AM
කොහොමත් දැන් පෝලියෝ මුඛ එන්නත බොහෝ රටවල සමට එන්නත් කරන ආකාරයටයි ලබා දෙන්නේ. කොහොමටත් ලංකාවෙත් අවුරුදු ගණනකින් පෝලියෝ රෝගියෙක් වාර්ථා වී නැහැ. එන්නත යාවත්කාලීන කරන එක හොඳයි.(අ)