විදුලි මීටරය ආපස්සට කරකවා වසරක් තිස්සේ හොරෙන් විදුලිය ගත් ආයුර්වේද වෛද්‍යවරයකු හා දෛවඥයකු වන බටහිර කුඹුක ගෝනාපොළ නාහල්ලගේ දොන් පූර්ණානන්දට හොරණ මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා රුපියල් 25000ක දඩ ද, හය මාසයක සිරදඬුවමක් ද පැනවීය.

සිරදඬුවම දස වසරකට අත්හිටැවිණි.

විදුලිබල මණ්ඩලයට සිදු කළ රුපියල් 551385ක මුදල වන්දි වශයෙන් ගෙවන ලෙස ද ඔහුට නියම කැරිණි.