2011 සැප්තැම්බර් 09 | ප.ව. 06:11
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
යුගල වග
පින් කළ අය කරා සැප එන සැටි
කුසල් අකුසල් නමැති දේ දහම්
සිතිනි ඉපැදේ සිත පෙරටු වේ
සුසිතෙකින් කීවහොත් කෙරුවොත්
සැපත නිති සියොළඟ ම වනු ඇත
සෙවණැල්ල පසු පස හඹන ලෙස
(මට කොඩොල් දෙවි පුතුන් වෙනුවෙනි)
ගී පබැඳුම - තිලක් නවරත්න
2. යමක වග්ගෝ
මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා වේ පසන්නේන භාසති වා කරෝති වා
තතො නං සුඛමන්චේති ඡායාව’ අනපායිනි
නිදාන කතාව
දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි
ඉතා දනවත් බමුණෙකි. වාසය කෙළේ සැවැත් නගරයේ. බමුණා හරිම ලෝබයා. මහා දනයක් තිබුණත් අනුනට හුණු විටකට තම් දෙයක් වත් දුන්නේ නෑ. ඒ නිසා ‘‘ අදින්න පුබ්බක’’ නම පට බැඳුණා. අදින්න පුබ්බක ගේ ගෙදර කෑවේත් x බීවේත් බෝහෝම නිසරු දේ. ඔවුනට පුතෙක් හිටියා. නම ‘‘මට්ටකුණ්ඩලී’’ රන්කරුවකුට කරාබු තැනීමේ දී ගෙවිය යුතු හෙයින් ඊට ලෝබ වූ අදින්න පුබ්බක පුතුට කරාබු තමන් විසින් ම තැනුවා. කැටයම් නැති මට කඩොල් දෙකක් තනා කන පැළැදුවුවා. පුතු පාසල් යැව්වේ වත් නෑ.මට කඩොල් පුතු උගත් නොවුණට ගුණවත්. පවු කෙළේය නෑ. හරි හැටි කෑමක් බීමක් නැතිව කටුක ව වැඩුණු පුතා ලෙඩ වුණා. වෙදුනට ගෙවීමෙහි පවා ලෝබ වූ පියා ලෙඩ වූ පුතුට වෙදකම් ද පැහැර හැරියා. ලෙඬේ වැඩි වුණා. පුතු මරණාසන්න වුණා.පුතු මළොත් මරණයට ගෙට එන අය සිය දනය දකිති යි බියෙන්, පුතු පිලෙහි නිදිකැරැු වුවා. මේ ලෙඩ පින්වත් දරුවා කෙරෙහි කරුණාවෙන් නිවෙස ළඟින් වැඩම කළ බුදුරදුන් දැක මටකොඩොල් පැහැදුණා. මේ ලොව ඔසු නොලත් දරුවා පරලොවට පිළියම් ලැබුවා. පසන් සිතින් කලූරිය කළා. ඒ පහන් සිත් වැඩූ කුසල් බලයෙන් දෙවි ලොව උපන්නා. ‘ මට්ටකුණ්ඩලී’ වෙනුවෙන් බුදුන් වදාළේ පහන් සිතින් කැරෙන කුසල් හේමලයකු සේ පසුපස අත් නොහැර පැමිණ සැප සදනවග‘යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කරන සෑම ක්‍රියාවකටම සිත මුල්වේ..එහි කුසලය හෝ අකුසලය අප පසුපසම පැමිණේ (ස)