මාතලේ කුරීවෙල, උකුවෙල, බෙන්වියුලාවත්තේ පදිංචි ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රශ්මී නිමේෂා වීරසේකර (16) දැරියට මොළයේ පටක ඝන වීමේ රෝගයක් වැළදී ඇති බවත් ඇය සුවපත් කීරීම සඳහා සැත්කමක් කළ යුතු බවත් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා හා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය කියතියි ඇගේ පියා වන ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් ප්‍රියන්ත වීරසේකර මහතා පවසයි.
සිය දියණිය වසර නවයක සිට මෙම රෝගයෙන් පෙළෙන බව ද සැත්කමට රුපියල් ලක්ෂ දහයක් හා වෙනත් හදිසි පරීක්ෂණ,ඖෂධ මිලදී ගැනීම සදහා වැය වන ලක්ෂ හතරක් පමණ සොයා ගැනීමට නොහැකි බව ඔහු පවසයි.
බිරිය ද කිසිදු රැකියාවක් නොකරන නිසා පොලිස් සැරයන්වරයකු වන තමාට ලැබෙන වැටුපෙන් පමණක් සැත්කමට අවශ්‍ය මුදල් සොයාගැනීම අසීරූ බවද ඔහු කියයි.
උකුවෙල මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ 10 වැනි වසරේ සිටින සිය දියණිය ඉගෙන ගැනීමට ද ඉතා දක්ෂ බවද මෙම රෝගී තත්වය නිසා ඇය දැන් වසර දෙකක් තිස්සේ පාසල් නොයන බවද ඇගේ මව වන මංජුලා දිසානායක මහත්මිය කියන්නීය.
සිය දියණියගේ ප්‍රතිකාර කටයුතු සදහා සියලු සේසතම වියදම් වී ඇතැයි පවසන ඇය දියණියණියගේ සැත්කමට උපකාර කළ හැකි අය වෙතොත් පියා වන ප්‍රියන්ත වීරසේකර හා මව මංජුලා දිසානායක නමින් මාතලේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමට හෝ පියා වන ප්‍රියන්ත වීරසේකර නමින් මාතලේ කොමර්ෂල් බැංකුවේ අරඹා ඇති ගිණුමට හෝ ආධාර කරන්නැයි ඉල්ලා සිටින්නීය. 071-6140220 දුරකතන අංකයෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව -100-160-60-98-54
swift code –NSBALKLX
Branch code-0016
කොමර්ෂල් බැංකුව 80-800-47-265
swift code –CCEYLKLK
Branch code-008
රශ්මී නිමේෂා අද
රශ්මී නිමේෂා එදා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි විදියට කව්රුත් උපකාර වෙන්න (නදී)
බයවෙන්න එපා පුතේ හැමදේම හරියයි. (ස)
තිසරණ සරණින් ඉක්මන් හා ස්තිර සුවයට පැතුම් ! (නදී)
පව් අහිංසක දරු පැටියෙක්, අපිට හැකි අයුරින් අපි හැමෝම එකතුවෙලා මේ දරුවාගේ ජීවිතය ගොඩ දමන්න උදව් වෙමු. ඒ අපි කරන උපකාරයේ බලයෙන් අපේ දරුවන් නිරෝගී සුවෙන් ජීවත් වේවි. (නදී)
ඔබට සුවය ලැබෙනවා ස්ථිරයි. ඉක්මන් සුව පතමි (නි)
දුවේ, ඔබට ත්‍රිවිධ රත්නයේ ආධාරයෙන් නිරෝගී සුව ලැබේව! මම ඔයාට උදව්වක් කරනවා. (දී)
හැකි අයුරින් උපකාර කරන්න (නි)