තම දෙහැවිරිදි දරුවා ඉතාලියේ පලෙර්මෝහිදී තුන්වැනි තට්ටුවේ බැල්කනියෙන් එළියට දැමූ ශ්‍රී ලාංකික මවක ආතතියෙන් පෙළෙතියි ඉතාලි වෛද්‍යවරු කියති.
වහළක් මතට දරුවා වැටීම නිසා දරුවාගේ පණ බේරී ඇත.
මව ද (37)තුන්වැනි තට්ටුවෙන් බිමට පැණ ඇතත් ඇය ද වහළක් මතට වැටීමෙන් සුළු තුවාල ලැබීය. දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
තම දියණිය මරා දැමීමට තැත් කළැයි මවට එරෙහිව පලෙර්මෝ උසාවියේ නඩුවක් පවරා ඇත.
තම දියණිය බැලීමට අවශ්‍ය බව ඇය නිතරම කියතියි ඇගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ. දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සිදුවීම් වලට හොදම විසදුම ආකල්පමය වෙනසක් ඔවුන් තුල ඇති කිරීමයි. මෙය වේදිකා නාට්‍යක ආකාරයට එක්දින වැඩමුළුවක් ලෙස සිදුකර ආශ්චර්යමත් ප්‍රතිපලයක් පෙන්වීමට මට අවස්ථාවක් ලබාදෙන්න. (නි)
සිත, කය, වචනය සංවර කර ගන්න බැරි උනොත් එතන විනාශය හෙවත් නැතිවීම හටගන්නවා. අඩුම ගානේ පාසල් යන වයසේදිවත් දරුවන් ධර්මයට යොමු කල යුතුයි. ධර්මය නොදැන යන ගමන භයානක ප්‍රතිඵල ගෙන දීමට තිබෙන ඉඩ කඩ වැඩියි. වයසට ගියහම පමණක් ධර්මය දෙසට හැරිලා සිත හදා ගැනීමට නොහැකි බව සියලු දෙනාම තේරුම් ගත යුතුයි. ගසකට පොත්ත මෙන් ධර්මය තම ජීවිතයට ලගා කරගත් උත්තමයෝ තමනුත් රැකිලා දරුවොත් රැක ගෙන ජීවිත ගමනේ නොසැලී ගමන් කරති. සියලු දෙනාටම තේරෙන විදිහට ඔය ලිව්වේ බොහොම සරල බසින්.(නදී)
සුන්දර ජිවිතයක් බලා පොරොත්තුවක් පැමිණි සියල්ලන් යුරෝපයේ ධනවාදී ආර්ථික කඩාවැටීමට මුනදීමට සිදුවී තිබේ . මෙයත් එක පැති කඩකි.(නදී)
මේ අම්මට අසනීපයක් කියනවනේ ඉතින් අපි අනුකම්පා කරන්න ඕන. කබලෙන් ලිපට පොඩි එකා හොදින්නේ. අනේ මට දෙනවනම්. හොද පින් කාර දරුවෙක්.(නදී)
දෙදෙනාගේම ජීවිත බේරීම ගැන සතුටු වෙමි. යුරෝ නෙලීමේ තරඟයට අනුයුක්ත වුන බොහෝ දෙනෙක්ට මෙම ආතතිය නමැති 'තණ්හාධික බව' නමැති රෝගය වැළදී තිබෙනවා.(නදී)
වැඩියෙන්ම දරුවෝ මරණ අම්මලා, වැඩියෙන්ම දරුවෝ දුෂනය කරණ තාත්තලා ඉන්නේ ලංකාවේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලිකාවයි සිරි ලංකාවයි.(නදී)
කෝටිපතියන් වීමේ අරමුණින් සමහරුන් ඉතා දුෂ්කර ගමනක යෙදී ඉතාලි පැමිණ අරමුණ සම්පූර්ණවී යහමින් මුදල් ලැබෙන විට 'අහෝ මෙච්ච්රද' කියා තවත් දුකට පත්වී පවුල් අවුල් ද ඇති කරගනිමින් මේ ආකාරයට ජීවිත පවා නැති කර ගනී.(නදී)
එතන ඇත්තේ තාත්තලගේ ප්‍රශ්ණයක්ද? දන්නේ මව විතරයි.(නදී)