තම දෙහැවිරිදි දරුවා ඉතාලියේ පලෙර්මෝහිදී තුන්වැනි තට්ටුවේ බැල්කනියෙන් එළියට දැමූ ශ්‍රී ලාංකික මවක ආතතියෙන් පෙළෙතියි ඉතාලි වෛද්‍යවරු කියති.
වහළක් මතට දරුවා වැටීම නිසා දරුවාගේ පණ බේරී ඇත.
මව ද (37)තුන්වැනි තට්ටුවෙන් බිමට පැණ ඇතත් ඇය ද වහළක් මතට වැටීමෙන් සුළු තුවාල ලැබීය. දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
තම දියණිය මරා දැමීමට තැත් කළැයි මවට එරෙහිව පලෙර්මෝ උසාවියේ නඩුවක් පවරා ඇත.
තම දියණිය බැලීමට අවශ්‍ය බව ඇය නිතරම කියතියි ඇගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ. දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල කියයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුව බිමට විසි කර අම්මාත් පනියි
බණ්ඩාර Monday, 20 May 2013 05:50 AM
මෙවැනි සිදුවීම් වලට හොදම විසදුම ආකල්පමය වෙනසක් ඔවුන් තුල ඇති කිරීමයි. මෙය වේදිකා නාට්‍යක ආකාරයට එක්දින වැඩමුළුවක් ලෙස සිදුකර ආශ්චර්යමත් ප්‍රතිපලයක් පෙන්වීමට මට අවස්ථාවක් ලබාදෙන්න. (නි)
දිසානායක Sunday, 19 May 2013 07:39 PM
සිත, කය, වචනය සංවර කර ගන්න බැරි උනොත් එතන විනාශය හෙවත් නැතිවීම හටගන්නවා. අඩුම ගානේ පාසල් යන වයසේදිවත් දරුවන් ධර්මයට යොමු කල යුතුයි. ධර්මය නොදැන යන ගමන භයානක ප්‍රතිඵල ගෙන දීමට තිබෙන ඉඩ කඩ වැඩියි. වයසට ගියහම පමණක් ධර්මය දෙසට හැරිලා සිත හදා ගැනීමට නොහැකි බව සියලු දෙනාම තේරුම් ගත යුතුයි. ගසකට පොත්ත මෙන් ධර්මය තම ජීවිතයට ලගා කරගත් උත්තමයෝ තමනුත් රැකිලා දරුවොත් රැක ගෙන ජීවිත ගමනේ නොසැලී ගමන් කරති. සියලු දෙනාටම තේරෙන විදිහට ඔය ලිව්වේ බොහොම සරල බසින්.(නදී)
සත්‍යා Sunday, 19 May 2013 08:06 PM
සුන්දර ජිවිතයක් බලා පොරොත්තුවක් පැමිණි සියල්ලන් යුරෝපයේ ධනවාදී ආර්ථික කඩාවැටීමට මුනදීමට සිදුවී තිබේ . මෙයත් එක පැති කඩකි.(නදී)
රංජනී Sunday, 19 May 2013 08:20 PM
මේ අම්මට අසනීපයක් කියනවනේ ඉතින් අපි අනුකම්පා කරන්න ඕන. කබලෙන් ලිපට පොඩි එකා හොදින්නේ. අනේ මට දෙනවනම්. හොද පින් කාර දරුවෙක්.(නදී)
පිටිගල මිලානෝ Sunday, 19 May 2013 04:11 PM
දෙදෙනාගේම ජීවිත බේරීම ගැන සතුටු වෙමි. යුරෝ නෙලීමේ තරඟයට අනුයුක්ත වුන බොහෝ දෙනෙක්ට මෙම ආතතිය නමැති 'තණ්හාධික බව' නමැති රෝගය වැළදී තිබෙනවා.(නදී)
තිසල් Sunday, 19 May 2013 10:25 PM
වැඩියෙන්ම දරුවෝ මරණ අම්මලා, වැඩියෙන්ම දරුවෝ දුෂනය කරණ තාත්තලා ඉන්නේ ලංකාවේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලිකාවයි සිරි ලංකාවයි.(නදී)
ලේක්කෝ ගලබඩ Sunday, 19 May 2013 04:24 PM
කෝටිපතියන් වීමේ අරමුණින් සමහරුන් ඉතා දුෂ්කර ගමනක යෙදී ඉතාලි පැමිණ අරමුණ සම්පූර්ණවී යහමින් මුදල් ලැබෙන විට 'අහෝ මෙච්ච්රද' කියා තවත් දුකට පත්වී පවුල් අවුල් ද ඇති කරගනිමින් මේ ආකාරයට ජීවිත පවා නැති කර ගනී.(නදී)
දයා අලහාකෝන් Sunday, 19 May 2013 04:56 PM
එතන ඇත්තේ තාත්තලගේ ප්‍රශ්ණයක්ද? දන්නේ මව විතරයි.(නදී)