ජාතික විරුජන සම්මාන උළෙල පාකිස්තානු මහ කොමසාරිස් ජෙනරල් හුසේන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි. 2015 වසරේ අන් අයගේ දිවි රැකීම වෙනුවෙන් තම දිවි පරදුවට තැබූ 12 දෙනෙකුට මෙහිදී විරුජන සම්මාන පිරිනැමිණි.
මෙහිදී විරුජන ස්වර්ණ මුද්‍රිකාව හෙවත් බුදල්නා ස්වර්ණ සම්මානය හිමිවූයේ යෝධ ඇළට පෙරළුණු ත‍්‍රීරෝද රථයක සිටි කාන්තාවන් තිදෙනෙක්, දරුවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙකුගේ ජීවිත බේරාගත් අලූත්ගෙදර රංජිත් අමරජීව සහ රංකොත්ගෙදර ශානක ප‍්‍රසාද් කුමාර යන දෙදෙනාටය.
ගංවතුර සහනාධාර ලබාදීම ස`දහා පැමිණි කෘෂි පර්යේෂණ නිලධාරිනියක් ලෑලි පාලමකින් ලිස්සා කළුමඩ ඇළ නම් ඇළට වැටී ගසාගෙන යමින් සිටියදී දියට පැන ඇය බේරාගත් යක්කලමුල්ලේ පදිංචි ඩබ්ලිව්.එච්.ඩී වික‍්‍රමතිලක, කිඹුලන් ගහණ ගැඹුරු දියක ගිලෙමින් සිටි පුද්ගලයෙකු දැක දියට පැන ඔහු බේරාගත් මහ ඔය, උණුවතුරබුබල මහතලාවේ ඒ.එම් අජිත් නිශාන්ත, කලැවැවේ දිය නාමින් සිටි තම මව කිඹුලෙකුගේ ග්‍රහණයට නතු වූ අවස්ථාවක කිඹුලා සම`ග සටන් කර මව බේරාගත් සේනපුර දික්වැව පදිංචි රොමේෂ් මධුවන්ත අබේසේකර, කලාවැවේ ඔරුවක් පෙරලී දියේ ගිලෙමින් සිටි තිදෙනෙක් බේරාගත් නීති පීඨ ශිෂ්‍යයෙකු වන කන්තලේ පදිංචි සම්පත් දර්ශන ලක්‍ෂාන් සහ කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටියදී බැංකුවට පැමිණි කොල්ලකරුවෙක් සම`ග පොර බදා තවත් පිරිසකගේ ජීවිත බේරාගැනීමට ගත් උත්සාහයේදී කොල්ලකරු එල්ල කළ අත්බෝම්බ ප‍්‍රහාරයකින් මිය ගිය ඇසළ ජයසිංහ යන අය මෙහිදී විරුජන රජත මුද්‍රිකා සම්මානයෙන් පිදුම් ලැබීය.
තම නිවස උකස් කර ලබාගත් මුදලින් නිකවැරටිය රෝහලට දැඩි සත්කාර ඒකකයක් සහ නොමේරූ ළ`දරු ඒකකයට අත්‍යාවශ්‍ය ශ්වසන යන්ත‍්‍රයක් ලබාදුන් නිකවැරටියේ පදිංචි ඒ.එම් ගාමිණි මුණසිංහ මහතාටත්, අම්පාර අම්බලන්ඔය ජලාශයේ ගිලී සිටි අලියෙක්ගේ ජීවිතය බේරාගත් එච්.ජී නුවන් කුමාර, කේ. සුජීවන්, යූ.ආර්.එස් නයනප‍්‍රිය සම්පත් සහ ජේ.ආර්.යූ කීර්තිසේන යන සිව්දෙනා විරුජන ශාක හා සත්ව සම්මානයත් මෙහිදී හිමිවිය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ජයවේව.(අ)
මේ අකුරු ටික ලියන්නේ දෑසේ කදුළු ගෙඩි අතරින්.. සැමෝම හදවතින් අගයන අතර මා ගොඩාක්ම සංවේදී වුණේ නිකවැරටියේ තම නිවාස උගස් කර ස්වසන යන්ත්‍රයක් අරන් දෙන්න තරමට ඒ පුද්ගලයා නිහතමානී වූ ක්‍රියාව මාව ගොඩාක්ම සංවේදී කළා ඒ ලිපිය ...ඔහු මුළු ජීවිතකාලේ නිරෝගී මිනිසෙකු වේවා ..! වැදු මෑණියන් වහන්සේ නිවන් දකිත්වා අවසානයේ මේ උතුම් ක්‍රියාවන්ට දායක වූ සියලුම දෙනා නිර්වාන සැපසම්පත් ලබා නිවන් සුවයට පැමිණේවා ...!!!!! (අ)
ඇසට කඳුලු එනවා. මේවා මේ රටේ වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්න. (නි)
මේ සම්මාන උළෙල සඳහා ජනපති හා අගමැති සිටියා නම් තවත් වටිනවා. (නි)
මෙන්න සුපිරි තරු. සැබෑ සුපර් ස්ටාර්ලා (නි)