ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි කියමින් සියදිවි නසාගත් හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර් ජයමාන්න ඝාතනය වූ දිනයේ කිලෝමීටර සියයක් ඈත ස්ථානයක සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බවත් අත්අඩංගුවේ සිටින පුද්ගලයා නිදහස් කරන ලෙසත් ඉල්ලා ලියුමක් ලියා තබා සාජන් මේජර්වරයා මියගොස් සිටියේය.
බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සමාජික වැඩසටහනකදී ඔහු එසේ කීවේය.
‘පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව දිගින් දිගටම හොරකම් එළිදරව් කරපු නිසා යුද්දේ කාලේ සුද්දේ දුන්නු හැටි සන්ඩේ ලීඩර් පත්තරේ අකුරක් නෑර සේරම ලේඛන සහිතව විශ්වාසවන්තව ඉදිරිපත් කරපු නිසා ඒ කේන්තියට ලසන්තව මැරුවා. ලසන්තව මරපු එක ගැන පරීක්ෂණ නොකළා විතරක් නෙමෙයි ඒ පිළිබදව විවිධ අසත්‍ය කතා පැතිරෙව්වා‘
‘දැන් ලසන්ත මරපු මිනී මරුවෝ ටික අපේ දක්ෂ පොලිස් නිලධාරීන් විසින් බොහොම දක්ෂ විදිහට පරීක්ෂණ පවත්වලා අල්ලගෙන අවසාන කටයුතු ටික කරන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ හමුදාවේ ඔත්තු සේවයේ ඉදලා විශ්‍රාම ගිය පුද්ගලයෙක් මිය යනවා. ඔය හිරේ ඉන්න කෙනා නිදහස් කරන්න එයා නෙමෙයි ලසන්තව මැරුවේ මමයි මැරැවේ කියලා සටහනක් ලියලා‘
‘ ඒක ටිකක් අද්භුත කතාවක් සාමාන්‍යයෙන් මිනිස්සු වැරදිකරලා හිතේ අමාරුවට මැරෙන්න පුළුවන් අත්අඩංගුවට පත්වෙන්න කලින් මැරෙන්න පුළුවන් හැබැයි ඒ වගේ වෙලාවක ලිපියකුත් ලියලා මම තමයි එයා නෙමෙයි කියලා මැරෙන එක බොහොම සැකසංකා සහිත බව කාගෙත් හිත්වල ඇති වුණා. ඒ නිසා මිනිස්සු ඇහුවා ඇත්තටම එල්ලිලා මැරිලද නැත්නම් මරලා එල්ලලද කියලා‘
‘අද වෙනකොට ඔප්පුවෙලා තියෙනවා පොලිස් පරීක්ෂණ අනුව ලසන්ත මරපු දවසේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලානේ ඔය කියන පුද්ගලයා ඉඳලා තියෙන්නේ එතුමගේ ගමේ කිලෝමීටර සියයක් විතර ඈත. ඔහුගේ දුරකතන ඇමතුම් විස්තර අනුව අද ඒවා සොයාගන්න පුළුවන්‘
‘දැං හරි පුදුම වැඩක් මමයි ලසන්තව මැරුවේ කියන කෙනා මිනීමැරුම වෙච්ච තැන ඉඳලා කිලෝමීටර සියයක් ඇතින්. දැන් අපිට සැක සංකා ඇතිවෙනවා. එදා මිනී මරපු මිනිස්සු අද ඒ මිනී මැරුම් අනාවරණය කරන්න තවත් මිනීමැරුම් කරනවද කියන සාධාරණ සැකය. මේ පොලිස් පරීක්ෂණ නිසා අපි ඒගමන කිව්වේ නැහැ මේක සැකයි කියලා. මේ දැන් මතුවන කරුණු අනුව අපිට පේනවා එදා මිනී මරපු මිනිස්සු අද බලය නැතිව ඉදලත් ඒ ම්නී මැරුම් වලින් මිදෙන්න ඒ මිනී මැරුම් පරීක්ෂණ නොමග යවන්න ජනතාව නොමග යවන්න තවත් මිනී මරනවද කියන සැකය සාධාරණව අපිට ඇතිවෙන්න පුළුවන්‘ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ටිකක් විහිළු කතා කියන කෙනෙක් (බ)
බැඳුම්කර සිද්ධිය යට ගහන්නත් මෙයා සෑහෙන්න කතා කරනවා .ගොරක දඩමස් කරන්න හදන අමාරු කාරයෙක් (බ)
ඉස්සර එක්නැලිගොඩ ජීවතුන් අතර සිටින බව තමන් දැක්කය කියල මේ වගේම කියපු දේශපාලනඥයෙක් හිටිය නේ (බ)
පහුගිය කාලේ ලංකාවේ හොද හොද සෙල්ලම් සිද්ධ වුණා....(බ)
ඔයාල කියන කතා වලට මිනිස්සු පස්සෙනුත් හිනා වෙනවා. ජනතාව මෝඩයි කියල හිතන්න එපා. ඔයාල පව්..(බ)
මේ සියදිවි හානි කරගත් පුද්ගලයා උපක්‍රමයක් විදියට තමන්ගේ දුරකථනය මේකට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකු අතට පත්කළා වෙන්න බැරිද? එ් පුද්ගලයා ඔය කියන දුර සිට එය භාවිතාකළා වෙන්න බැරිද. මේ පුද්ගලයා එ් අවස්ථාවේ වෙනත් දුරකඵනයක් භාවිතාකළා වෙන්න බැරිද? (නි)
ඇමතිතුමා හොඳ නීතිඥයෙක්. ඔහු කියන දේවල් තේරුම් ගන්න බැරි කට්ටියක් තමයි විරුද්ධව ලියන්නේ (නි)
ටෙලිෆෝන් එක එදා කිලෝමීටර් 100 ක් දුරන් පාවිච්චි කරලා තිබුනත් මේ තැනැත්තා එදා එම ස්ථානයේම සිටියා කියලා ඔප්පුකළ හැකිද? (නි)
දැන් මේ යන හැටියට, මිනීමරන්න යන අය තමන්ගේ මොබයිල් එක අනිවාර්යෙන්ම අරන් යනවා. මට මතක් වෙන්නේ, 1988-90 කාලේ සියලුම එල්ටිටිඊ මරාගෙන මැරෙන්නන් ළඟ තිබී ජාතික හැඳුනුම්පතක් හම්බවුණා. හැබැයි හොයලා බලනකොට මරලා තියෙන්නේ ඒ කෙනා නෙමෙයි. පොලිසිය ඒක පස්සේ යනකොට ඇත්ත අපරාධකාරයා පැනලා ගිහිල්ලා. (නි)
ඒ කාලේ වෙච්ච හොඳ හොඳ සෙල්ලම් බලද්දී දැන් වෙන්නේ නියම සෙල්ලම්නේ (නි)
දුරකථනය තමන්ගේ අතේම තියාගන්න කියලා දෙයක් නැහැනේ (නි)
තමන්ට අයිති දේ ගැන විතරක් හෙව්වොත් නරකද? (නි)
උසාවියෙයි පොලිසියෙයි වැඩ ඒගොල්ලන්ට කරගන්ඩ ඉඩ දීලා, රටේ විදුලි බලයට වෙලා තියෙන දේ හෙව්වොත් නරකද? මාසෙකට ලක්ෂ ගානක් වියදම් කරනවා නේද මේගොල්ලන්ව නඩත්තු කරන්න. (නි)
ඔහො ගිහින් කියයිද දන්නෙ නැහැ, ලසන්තව මැරුවේ, ඔය කියන කෙනාගේ ජංගම දුරකථනය මිනීමැරුම වෙච්ච තැන ඉඳලා කිලෝමීටර සියයක් ඈතින් බව සොයාගෙන ඇත කියලා (නි)
තමන්ගේ දුරකථනය අරගෙනමද හැමතැනම යන්න ඕනෑ? (නි)
ලසන්ත ඉපදෙන්න තිබුනේ ඇමෙරිකාවේ. (නි)
පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තියෙද්දී ඇයි මේ දේශපාලකයෝ එ්කට ඇඟිල්ල දාන්නේ. අපිට සැක ඇතිවෙන්නේ මේ අය ගැන. ඔක්කොම අවුල් කරලා තමන්ගේ ඉලක්කයට යන්න හදනවා නේද කියලා. (නි)
අැයි? පරීක්ෂණ නොමඟ යවන්න මේක කළා වෙන්න බැරිද ? (නි)
සමහර ලොක්කන් කළ අපරාධ, වංචා, මිනීමැරුම්, මගඩි ආදිය පොළොව යට සදාකාලිකවම හංගා තැබීම සඳහා කරන කුමන්ත්‍රණයක තවත් පුරුකක් වගෙයි, එහෙනම් මේ කතාවත්! සුක්ෂම අන්දමින් මෙම කතාව ගොතපු අයට, දිවිනසාගත් සැරයන් හිටපු තැන අමතක වීමෙන්ම පේනවා බොහෝ දේවල් (නි)
ඝාතනය කරලා ගමේ යන්න ඇති එහෙනම් සියදිවි නසාගන්න. පව් අනේ, මේ අවාසනාවන්ත මරණය ....! (නි)
මේකට නම ගෑවිලා තියෙන්නේ පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් රිංගලා දැන් ඇමති ධූරයක් දරන්නෙකුටලු නේද. (නි)
සමහරු බොරුව ඇත්ත කරන්නත්, ඇත්ත බොරුව කරන්නත් උපන් හපන්නු (නි)
අපිටත් ඕක නම් හිතුනා (නි)
අපිට මෙහෙ විදුලිය නැහැ. අපිට ඕවායින් වැඩක් නැහැ (නි)
දුරකථනය කියන්නේ ශරීරයේ කොටසක්ද, යන යන තැන අරගෙන යන්න? (නි)
හරියට ඇහින් දැක්කා වගේනේ කියන්නේ. දුරකථනය යාළුවෙකුට දීලා යන්න බැරිද? (නි)
මැරුණු එක්කෙනා මැරෙන්නේ නැතුව ඉතිරි වුනානම් හොඳටම දොස් කියන්න තිබුණා මිනිස්සු මේ විදිහට නොමග යවනවට. (බ)
මෙහෙම නුගත් දේශපාලකයින් නිසා රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ විශාල හානියක් .කවදා හෝ අධිකරණයක මේ නඩුව ජුරි සභාවක් ඉදිරියේ විභාග කරන්න සිදු වුනොත් මෙවැනි අඥාන ප්‍රකාශ නිසා නඩුව අහක දාන්න සිදු නොවුනොත් තමා පුදුමේ (බ)
මේ ඇමති තුමා පතෝල වගේ කිසිම ගුණක් සහ රසක් නැති දේවල් කතා කරන්නේ කැපිල පේන්න. (බ)
මෙයා මාර පොරක්නේ දිග පළල මනින්නත් හරියටම දන්නවානේ (බ)
සෑම්, ලෝකෙන් උතුම් රට වූ අපේ මවු බිමේ අධිකරණයේ වැඩ කටයුතු ගැන ඔබ අහල නැතිද? (බ)
පොලිස් පරීක්ෂණ තොරතුරු විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය තුමා දන්නේ කොහොමද? (බ)
පරීක්ෂණයට අදාළ නැති අය මේවා ගැන කතා කිරීමයි ප්‍රශ්නය අපිට. (නි)
නොදන්නා දේ ගැන කතාකරන්න හොඳ නැහැ. අජිත් පෙරේරා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් නේද? (නි)
කොහොමත් කෝසල මේ ආණ්ඩුවේ ඉන්නේ ගොඩක් "මල්ටි ස්කිල්ස්" ඇමතිලානේ. එතුමන්ලාට බැරි එතුමන්ලාගේ අමාත්‍යංශ වැඩ ටික විතරයි! (නි)
මේක පරීක්ෂණ නොමඟ යවන්න කළ දෙයක් ලෙසයි අපි නම් දකින්නේ (නි)
මට නම් මෙයාලගේ මේ කතා පෙන්නන්න බැහැ (නි)
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේකටයි. පොලිසිය සහ රහස් පොලිසිය උසාවියට කියන්නත් කලින් ආණ්ඩුවේ ඇමතිලා දන්නවා කතන්දරේ. ඉතින් හිතාගන්න පුළුවන්නේ මේ කතා පොලිසියේ පරීක්ෂණ වලින් එළිවෙන ඒවාද එහෙම නැත්නම් වෙන තැනකින් පොලිසියට දෙන ඒවාද කියලා. (නි)
රටේ විදුලිය ගැන මොකුත් කියන්නේ එහෙම නැද්ද? 2009න් විතර පස්සේ කිසිදා නොකැපුව විදුලිය දැන් කපනවා. ඒ ගැන හොයාබලා කටයුතු කරන්න (නි)
අනේ මන්දා මේවට හිනාවෙන්නද අඬන්නද කියලා (නි)
ඉතින් අනේ එදා එයා වෙන දුරකථනයක් අරන්ගියාද කවුද දන්නේ? (නි)
රාජපක්ෂ ආරක්ෂා නොකර ඇත්ත අදහස් දාන්න මිනිසුනේ. මේක අධිකරණය නොමඟ යවන්න කළ උප්පරවැට්ටියක් බව ඕනෑ කෙනෙකුට තේරෙනවා. ලසන්තව අහිමි වුණේ බිරිඳට, දරුවන්ට. ඒ අයට සාධාරණක් ඉෂ්ට කරන්න වචනයකින් හර (නි)
මේ වගේ අයට ඡන්දෙ දෙන මහජනයාට මඩුවලිගෙන් තලන්න ඕනෑ. (නි)
කැකිල්ලේ රජ්ජුරුවන්නේ ක්‍රමයට මේකත් වෙන්න බැරි නැහැ. (නි)
මැරුණු කෙනාගේ ෆෝන් එක තිබුණු තැන තහවුරු වුණාම, මැරුණු පුද්ගලයා එතන හිටියා කියන එකත් තහවුරු වෙනවද? හිතාමතාම, නොමඟ යවන්න දුරකථනය තියලා ගියාද දන්නේ නැහැනේ (නි)