තම දස හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ද ගෙන ඇය කළක් තිස්සේ කෙළෙසීයැයි කියන රියදුරු පියෙකුට බරපතල වැඩ සහිත වසර සියයක සිර දඩුවම් නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය රුපියල් අනූ දහසක දඩද, රුපියල් ලක්ෂයක වන්දි ද නියම කළාය.
චෝදනා දොළහටම ඔහු වැරදිකරු විය.
තම දියණියගේ ආරක්ෂකයා විය යුතු පියා ඇය කෙළෙසා ඇතැයි ද, එවැනි ක්‍රියා හැඳින්වීමට සිංහල භාෂාවේ වචන නැතැයි ද විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසේ දරුවෙක්ව සෝදලා, පිහලා, ඇදුම් අන්දවන්න තාත්තෙකුට පුළුවන්.දුවක් පිළිසරණක්, රැකවරණයක්, හුරතලයක් පතන්නේ තමන්ගේ තාත්තාගෙන්.මේ වගේ මිනිස්සු හදුන්වන්න "පිය" කියන වචනය සුදුසු නැහැ. පුදුම කම්පාවක්, වේදනාවක් දැනෙනවා. (නි)
හොරු, මංකොල්ල කාරයෝ ,,මිනීමරුවෝ ,බල අපරාද කාරයෝ හිරේ දන්නා කලින් මාසයක් ප්‍රසිද්ද තැනක ගැට ගසා මහජනයාට දැකගන්න සලස්සනවානම් ගොඩක් හොදයි .(අ)
හොද තීන්දුවක්. නමුත් මෙම පුද්ගලයාට කිසිදු අවස්ථාවකදී නිදහස ලැබීමට ඉඩ නොතැබිය යුතුයි (නි)
එල්ලුම් ගස සුදුසු වන්නේ මෙවැනි පුද්ගලයින් හට බව මාගේ හැගීමයි (නි)
මේ පුද්ගලයාට අපේ බදු මුදලින් හිරේ දමා කන්න දෙන්නට සුදුසු නැති බව මාගේ හැගිමයි (නි)
"තම දියණියගේ ආරක්ෂකයා විය යුතු පියා ඇය කෙළෙසා ඇතැයි......." මේ වාක්‍යම "තම රට වැසියා ආරක්ෂා කලයුතු පාලකයින් රටේ ජනතාව කෙලෙසා ඇතැයි...." කියා වෙනස් කළහොත් එහි තේරුම විශාල පරතරයක් තිබිය හැකිද? (අ)
මෙයාට හිරේදී ලැබේවි හොද පාඩම් අනෙක් හිරකාරයින්ගෙන් (නි)
කෝ හැමදාම දකින්න ලැබෙන්නෙ මෙවැනි ප්‍රවෘත්ති. ඔය නීති පොත තවම අලුත් වූයේ නැද්ද මොවුන්ට මීට වැඩිය හොද දඩුවමක් දෙන්න? (නි)
මෙලෙස කරන්නේ නම්, මෙවන් මිනිසුන් ඇයි දරුවන් හදන්නේ? (නි)
හොදම හොද තීන්දුවක් (නි)
මේවා අහන්න ලැබීමමත් අපේ අවාසනාවක් නොවේද? (නි)
රට කොයිබටද? (නි)
විනිසුරුවරියට මගේ ආචාරය. (නි)
එක දවසට කස පහර දෙක ගානේ ලබා දෙන්නත් නියම කළා නම් මම සතුටුයි. එතකොට තමයි මේ පුද්ගලයාට මතක් කර කර විඳවන්නත් ඉඩක් ලැබෙන්නේ (නි)
අනේ මෙහෙමත් පියවරු? අනේ! තාත්තා නේද දරුවෝ ආරක්ෂා කරන්න ඕනෑ? නිකන් නොවෙයි ලංකාවට සුනාමි අාවේ, මේ වගේ පව්කාරයන්ට මොකක්ද කරන්න ඕනෑ? කවදාද නීති තද කරන්නේ? අනේ මගේ රටට ගිය කලක්! කවදාද ලංකාව ශ්‍රී ලංකාවක් වෙන්නේ? (නි)
මට නම් හිතාගන්නවත් බැහැ මේ පුද්ගලයා ඇත්තටම මනුස්සයෙක්ද කියලා (නි)
මෙහෙම දේවල් අහන්න අපිත් පවු කරලා තිබෙනවා (නි)
දේසපාලන බලපෑම් නොමැතිව මේ වගේ තීරණ ගැනීමට අධිකරණයට බලය තිබිය යුතුයි. විනිසුරුවරියට මගේ ප්‍රණාමය...! (නි)
විනිසුරුවරියට මගේ ආචාරය! ස්ත්‍රී දුෂණ සිය ගණනින් සිදුකර උත්සවාකාරයෙන් සැමරූ දේශමාන්‍ය මහත්හොරු එහෙමත් ඉන්නවා. බැරිද මේ අයටත් දඬුවමක් දෙන්න? (නි)
මගේ හිතට එන දේ ලියන්න බැහැ. (නි)
මෙවැනි දඬුවම් සම්බන්ධව මෙයට වඩා අපි කල්පනාකාරී විය යුතුව තිබෙනවා. මෙවැනි සිදුවීමක් අහනවිට පමණක් අපි ලේ රත්කරගෙන සැවෝම එල්ලුම් ගසක් ගැන පුන පුනා කියනවා. ඒකේ ඇති පලය කුමක්ද?අපි කියන ඒවා කාටවත් ඇහෙනවාද? අපි අළුත් වීණාවක් නිෂ්පාදනය කරගනිමු, බිහිරි අලින්ට ඇසෙන්නට වාදනය කරන්න ! (නි)
මිහිපිට තිරිසන් සතුන් වගෙයි දැන් දැන් පාපතර කමතුරයන් හැසිරෙන්නේ.තමාගේ දරුවෙකුට තබා පිට දරුවෙකුටවත් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද දෙයියනේ! ගුණරත්න කියනවා වගේ මේ වයසේදී අනේ තාත්තානේ නාවන්නේ කියලා මටත් මතක් වුණා.ගැහැනු ළමයි ගොඩක් කැමතියි තාත්තාත් එකක් හුරතල් වෙන්න.මේ අදමයන් නිගාවක් 'පිය' කියන උතුම් වචනෙටත්. (නි)
අපේ සල්ලි නාස්ති වීම නේද හිරේ යැවීමෙන් වන්නේ? (නි)
පිය පදවියට අවමානයක්, පිරිමිකමටත් නින්දාවක්. තම දරුවෝ ඔවුන්ගේ පියාගෙන් ආරක්ෂා කරන්න මවුවරුන්ට සිදුවීම මොනතරම් අභාග්‍යක්ද? විනිසුරුවරිය ප්‍රකාශ කළ ආකාරයට ශබ්ද කෝෂයේ පවා මොහුව හැදින්වීමට වචන නැහැ. මොහුව වැදු දෙමාපියන් පවා ලැජ්ජා වෙනවා ඇති මොනතරම් වරදක් ඔවුන් කළාද කියා. මේ වගේ සිදුවීම් අනන්තව මේ රටේ සිදුවෙනවා. කවදාද? කවුද? ඉදිරිපත් වන්නේ මෙවැනි පාපතරයින්ට මරණ දඬුවම දෙන්න (නි)
අසංග,තවම නම් අපේ අධිකරණය දේශපාලනයට යටත් වෙලා නැහැ.හොද තීන්දුවක්.දියණියගේ අනාගතය යහපත් වේවායි පතමි. (නි)
මෙවන් දඩුවමක් දුන් විනිසුරුවරියට මගේ ආචාරය! (නි)
වැඩක් නැහැ, මම නම් කියන්නේ සිර දඩුවම් දීලා වැඩක් නැහැ. නැවත නොකරන්න දැනෙන්න දෙයක් කරන්න ඕනෑ (නි)
ඔබලාට පින් මේ දුන් දඩුවමට (නි)
කිසිවක් කරන්න එපා. මේ වෙබ් පිටුව හැමදාම කියවන්න දෙන්න. ඒක ඇති ඔහුට විදවන්න (නි)
ඔය වගේ ඇතුළට ගිය ගොඩක් අය අද එළියේ. සමහරවිට තව අවුරුද්දකින් විතර මෙයාවත් එළියේදී අපට දැක ගත හැකි වේවිද දන්නෙ නැහැ (නි)
එල්ලුම් ගහ නැති එකේ ප්‍රතිවිපාක (නි)
දැන් හිරගෙදර හිරකාරයෝ සූදානමින් ඉන්නවා ඇති මොහුව පිළිගන්න. නියම දඩුවම් ලැබෙන්නේ එතැනදී තමා (නි)
අපි මේ ලියන දේවල් දරුවාවත් තාත්තාවත් , සමාජයේ අගතිගාමී කොටස්වත් බලන්නෙ නැහැ. අපි අපිටම දොස්නගා ගනිමින් , මේවා ලියනවා පමණයි. යමක් හිතන්න පුළුවන් ජවය ඇති මැති ඇමතිවරුන් සිටි නම් ඉදිරිපත්ව රට පාලකයන්ට කියා අරගල කර හෝ ප්‍රායෝගික විසදුමක් ගෙනෙන්න බලන්න (නි)
හිර ගෙවල් වැඩක් නැ මේ වගේ අයට. පණ පිටින් පුච්චන්න ඕනේ.(නදී)
මේවට අරාබි නීතිය ගේන්න ඔනේ තමන්ගේ දරුවාට මෙවැනි තිරිසන් දේවල් කරන පියවරු බිහි නොවන්න. ප්‍රසිද්ධියේ වද දීලා මරන්න ඔනේ. මේ මනුස්සා ලොව උතුමි පදවි දෙකෙන් එකක් වන පිය පදවියටත් අවමානයක් (නදී)
ශරියා නීතියේ තිබෙනවා මේවට බෙහෙත්. ඒ වගේ නීති ඕනෑ අපේ රටටත් (නි)
මෙහි අදහස් දක්වා ඇති 90%ක්ම කියන්නේ මෙම පුද්ගලයාට මරණ දඬුවම දිය යුතුයි කියාය. මිනිසුන්ව වැරදි කිරීමේ මානසිකත්වය දුරු කිරීමට මෙම මරණ දඬුවම බොහෝ දුරට ඉවහල් වුවත් සමාජය යහ මාර්ගයට යොමු කිරීම අප කාගේත් වගකීම බවට අප සියලුදෙනා මතක තබා ගත යුතුයි. ඒ සඳහා සියලු පාර්ශවයන් එක්රැස් කර මෙම ගමන යා යුතුයි. කවුරු හෝ කියනවා නම් අපට කුමටද මේ අනවශ්‍ය වැඩ කියා සත්‍ය වශයෙන්ම ඔහු හෝ ඇය මේ මනුෂ්‍ය ලෝකයට සුදුසු කෙනෙකු නොවන්නේය. ලොව සියලු දෙනාවම අපට නිවැරදි කළ නොහැකි වුවත් ඒ සඳහා දායක වීම මහා පිනකි. (නි)
මේ වගේ හැසිරෙන තව පියවරුන්ට හොද පාඩම් මේවා. මේ වගේ තිරිසනුන්ට පණ පිටින් විදවන්න හොද දඩුවම් දෙන්න ඕනා.(නදී)
ඇත්තටම පියවරුන්ටත් අපහාසයක්. කියන්න කණගාටුයි. විනිසුරුවරියට මාගේ ප්‍රණාමය! (නි)
සමහර විට නිතිය අඩුපාඩු තියන්න පුළුවන් මේ ළමය 02 වැනි බිරිදගේ දුව වන්න ඇති වැඩේ වැරදි දඩුවම් කරන්න ඕන (අ)
ඔය වගේ පාපතරයන්ව ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට නීති සැකසිය යුතුයි (නි)
අරාබි නීතියට අනුව ගල් ගසා මරණයට පත්කිරීමට සුදුසු වන්නේ මෙවන් අයවයි (නි)
වසර 100ක් හිරේට දානවට වැඩිය මරණ දඩුවම එයාගෙන් ක්‍රියාත්මක කළා නම් මීට වඩා හොදයි නේද.එහෙම කළොත් මේ සිදුවෙන අපරාධ නතර වෙයි (නි)
අහෝ පරිහානියක තරම! (නි)
දයාබර මිතුරනේ, මෙවැනි නරුමයන්ට ෂරියා නීතිය හොඳ නැද්ද?(නදී)
පුවක් ගස් දෙකක බැදලා, දෙකට ඉරන්න ඕනෑ මේ වගේ අයව, ඉස්සර රජ කාලේ වගේ. සතෙක්වත් කරන වැඩද මේවා? (නි)
දඬුවම නම් හොදයි වගේ. නමුත් වන්දිය නම් මගේ හිතට හොඳටම මදි (නි)
මෙහෙමත් තාත්තලා? මොන හිතකින්ද තමන්ගේම දියණිය කෙළෙසන්නේ? (නි)
සමාජයේ මතය නම් මෙවන් තිරිසනුන්ට මේ දඬුවමත් හොඳ වැඩියි කියායි. (නි)
හිරේ ගියත් දැන් කාලේ ඒක දඬුවමක් නොවේ. අපේම සල්ලි වලින් කාලා බීලා ජීවත් වෙනවා. ඒ ළමයගේ අනාගතයත් ඉවරයි දැන්. මේවට නම් නීති හදන්න වෙනවා අලුතින්. (නි)
මෙවැනි අධම තුච්ච නිහීන පුද්ගලයන් හට 'පියා' කියන නමවත් නොකිව යුතුමයි. (නි)
මරණ දඬුවම් දුන්නා නම් හරි නේද? සිරදඬුවම් දෙනවට මම නම් අකමැතියි (නි)
ඔය මනුස්සයා අවුරුදු 100 ක් වෙනතුරු ජිවත් වේවිද? (නි)
අනේ මෙහෙම අයව හිරේ දාගෙන මහජන මුදල් වලින් නඩත්තු කරන්න එපා. අලුත් නීති සම්මත කරගෙන හරි කමක් නැහැ එක්වරම නිශ්චිත දඩුවමක් දෙන්න. මුළු සමාජයටම යහපතක් වෙනවා මිස කාටවත් පවක් සිද්ධ වෙන්නේ නැහැ. (නි)
තීන්දුවෙන් ආංඩුව නේ පරිප්පු කන්නේ කරන්න ඔිනදේ ලිව්වත් පල කරන එකක් නැහැ (ස)
අනේ සාදු! හොද දඩුවමක් (නි)
මට කියන්න වචන නැහැ. (නි)
නියම තීන්දුවක් (නි)
ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)
මෙවන් පුවත් අසන්නට ලැබෙන මා මොනතරම් පව් කළ කෙනෙක්ද කියා දැනේ. දැකලාවත් නොමැති පාපිෂ්ටයෙක් කළ දෙයක් කියවා අප මොනතරම් දුකට පත් වෙමුද? (නි)
විනිසුරුවරිය ඉතාමත් අගනා කතාවක් සහ නියමිත දඬුවම් ලබා දී තිබෙනවා. දැන් දැන් මිනිසුන් තිරිසනුන් වාගේ හැසිරෙන්නේ. (නි)
බලමු අපි. ගෙනෙමුද අරාබි නීතිය? (නි)
මෙහෙමත් තාත්තලා? (නි)
මේ ආකාරයේ අනෙකුත් තාත්තලාටත් හොදම පාඩමක් (නි)
මෙවන් මිනිසුන් එල්ලා මැරිය යුතුයි (නි)
විනිසුරුතුමිය හොද දඩුවමක් දීලා තියෙනවා.මේ වගේ පියවරුන්ට,[මොවුන්ට නම් පියවරු කියලා කියන්නත් හොඳ නැහැ] දරුවෝ වෙලා උපදින්නේත් පුරුවේ කරුමයට. අධිකරණයට අපේ ගෞරවය (නි)
විනිසුරුතුමියනි, ඔබගේ පැහැදිලි කිරීම අගෙයි. මොවුන්ව ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනෑ. නැත්නම් සමාජය හදාගන්න බැහැ. ලංකාවේ තිබෙන ලොකුම වැරැද්ද තමයි වැරදිකරුවන්ට දඩුවම් නැති වැරැද්ද (නි)
මොහුට හොදක් නම් වෙන්න එපා (නි)
එල්ලා මැරීමට සුදුසු මෙවන් පුද්ගලයින්වයි (නි)
කන්න බොන්න දෙන්නෙත් ඉතින් අපේම මුදලින් නොවේද? (නි)
මේ වගේ වැරැදි වැලෙක්වීමටනම් එකම තීන්දුව දඩුවම ප්‍රබලවිය යුතුයි. ජනතාවගේ එදිරිපිට හිසගසා දැමිය යුතුයි.දඩුවමේ ප්‍රබලතාව අනුව වැරැදි කරන උදවියගේ හිත තුල බයක් ඇති කලයුතුයි,එෙහම නැතුව අව්රුදු 100 කට අපෙන් අයකරන බදු මුදල් වලින් හිරබත් දුන්නොත් එය රටේ අහිංසක ජනතාවට කරන අපරධයක්..... (ස)
පව් පොඩි කෙල්ල. මේ නම් තාත්තෙක් කියන්න සුදුසු කෙනෙක් නෙමෙයි (නි)
ගල් ගසා මරාදමන දඩුවම දීමට සුදුසු වන්නේ මෙවැන්නන්ටයි (නි)
ප්‍රසිද්ධියේ එල්ලා මරන දඩුවම දෙන්න හැකි වූවා නම්..... (නි)
අදහස් පාලනය කරගන්න නොහැකි වූ විට ඔහොම වෙනවා (නි)
සිරකරුවනේ,මොහුව හොඳින් බලාගන්න. (නි)
අන්න නියම තීන්දුවක්. විනිසුරුවරියට ජය වේවා! ඉදිරියටම යන්න (නි)
මේ දේවල් රටෙන් ඉවත් කරන්න නම් කරන්න ඕනෑ එල්ලූම් ගහ නැවත ගෙන ඒමයි. (නි)
අනේ දුවේ, මේ සියල්ල අමතක කර හොදින් ඉගෙනගෙන ඔබට යහපත් අනාගතයක් සාදාගන්නට ලැබේවා! (නි)
ඇත්තටම මටත් කියන්න වචන නැහැ.එල්ලුම් ගහ නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ.සියක් වසරක් හිරේ ගියත් අර දරුවාගේ ජිවිතය යළි යථා තත්ත්වයට එනවද.....? (නි)
මේ තරම් සංවේදී මාතෘකාවකත් අසත්‍යය මහත්තයා දේශපාලනේ ඇදගෙන තමන්වම කෙලෙස ගන්නවා. මේ මනුස්සයගේ ස්වර්ග රාජ්‍යය එනකම් මේ මනුස්සයට ඉතින් මේ විදියටනම් කෙලෙසී කෙලෙසී තමයි ඉන්න වෙන්නේ. මෙහෙමත් එව්වෝ මේ රටේ ඉන්නවනේ අම්මපා. (නදී)
හිතට එන වේදනාව කියන්ඩ වචන නැහැ (අ)
එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුත්තේ මෙවැනි මිනිසුන්ටයි (නි)
මෙවන් මිනිසුන්ට 'පියා' කීම සුදුසු නොවේ (නි)
නියම දඩුවම. (බ)
විනිසුරුවරියට මගේ ආචාරය. (නි)