මීටියාගොඩ දිද්දාලියේ දෙදරු මවක් (71) ඇගේ දියණියකගේ නිවසේ යකඩ දොරක් දැමූ නාන කාමරයක කූඩු කර සිටියදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
(ජායාරූප හා වීඩියෝ - දිපාල් ද සිල්වා)
මීටියාගොඩ දිද්දාලියේ දෙදරු මවක් (71) ඇගේ දියණියකගේ නිවසේ යකඩ දොරක් දැමූ නාන කාමරයක කූඩු කර සිටියදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
(ජායාරූප හා වීඩියෝ - දිපාල් ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිහා වෙනත් විදිහකින් බලන්නටත් පුළුවන්. මානසික රෝගී නිසා ගෙදරි පලා ගොස් ඇලක දොලක හෝ ලිදකට වැටෙන්නට හැකි නිසා මෙසේ රඳවා තැබුවා විය නොහැකිද ? මානසික රෝගීන් හොදින් රැක බලාගන්නා තැනක් අප රටේ ඇතිද ? එවැනි කෙනෙකු පසුපස දවසේ පැය 24 වසර 10-15 කෙනෙකුට සිටිය හැකිද ? එබැවින් අයගේ ජීවිතට අනතුරක් නොවන්නට මෙසේ තැබුවා විය නොහැකිද ? (ස)
අපේ බුදු හාමුදුරුවෝ ඇයි තුන් වරක්ම මේ රටට වැඩියේ .කියලා හිතෙනවා .මේ අහන්න වෙන දේවල් හැටියට.(හේ)
මේ අම්මව තියන්න වෙන තැනක් තිබුනෙම නැද්ද දරුවෝ පුංචි අවදියේ දිවා රෑ අඩනකොට අම්මලා මෙහෙම කරනවද ?මේවට නීතියෙන් සමාව ලැබුනත් ධර්මය තුලින් සමාවක්නම් .......නෑ (හේ)
මේ වගේ තිරිසනුන්ට මතක හිටින දඩුවම් දෙන්න ඕනි. (හේ)
මේ දරුවොද? කැතකුණු අතගාලා උස්මහත් කරලා හැදුවට මෙහෙමද කරන්නේ? (නි)
ගෙදර මිනිසුන්ට බනින්න කලින් මෙසේ වීමට හේතුව හොයන්න. කල්පනාව අඩු, හැමතැනම ඇවිදින, දිමෙන්ෂා රෝගය තිබෙන කෙනෙක් වෙන්න පුළුවන්. (නි)
දැන් දෙමාපියන්ව කූඩු කරන එක සාමාන්‍ය දෙයක් වෙලා. තව කොපමණ දෙනෙක් මෙසේ කූඩු කරගෙන ඉන්නවාදැයි සොයා බලන්න. (ර)
මම නම් කියන්නේ ග්‍රාම නිලදාරී මහත්තුරුන්ට බලය දෙන්න ඕනේ ගෙවල්වලට ගිහින් වැඩිහිටියන්ට සලකන විදිහ ගැන හොයලා බලන්න. අපේ ගුනදර්ම සියල්ලක්ම නැති වෙමින් යනවා. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහි වරද කොතනද?, කාගේද කීම අපහසු දෙයකි. ළමයින්ව නිතිපතා පාසල් සහ දහම් පාසල් යවා ලොකු මහත් කිරීමෙන් මෙවැනි පාපකාරී ක්‍රියා අවම වේ. දියණිය තනිව අම්මා සමග සිටින්නේ නම් ඇය රැකියාවට යාමත් සමහර විට ඉබාගාතේ අනාරක්ෂිතව ඇවිදීමට පුරුදු අම්මාව මෙසේ තබා යන්න ඇති. (ම)
අම්ම කොච්චර කරදරයක් උනුත් හරි මෙහෙම සලකන්න හොඳද? එයටත් කවද හරි මේකම තමා දඬුවම (රේ)
අපොයි දෙවියනේ....! දැන් දෙමාපියන්ට කරන වැඩ බලා ගන්න බැරි වුණාම හිර කරලා දානවා පුදුම රටක් නේ (ම)
සිංහලයාගේ හැටිනේ මේ කාලේ (ම)
මෙම පින්තුර පළමුවරට දැකීමෙන් හදවතට දැනුණු වේදනාව ලිවීමට නොහැකිය. අප ජිවත් වන්නේ මනුලොවක නොව තිරිසන් ලොවකටත් වඩා පහත් තැකයි සිතිනි. මෙම වයසක මව මිනිමරා නැතයි සිතමි, මවට අසනීපනම් සනීප කිරීමට ක්‍රම තිබියදී මෙලෙසින් සැලකීම අමනුෂ්‍ය කමකි. (ර)
මෙවැනි නරක පුවත් දවසින් දවස වැඩි වෙනවා. අර බල සේනාව මේවාට අවධානය යොමු කළා නම් හොඳයි.(ම)