IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දොලොස් ලක්ෂයක රන් බෝල පස්සෙන් එළියට

රිදී ආලේප කළ රත්තරන් බෝල 10 යක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම රත්තරන් බෝල රාජසන්තක කළේය.

මේ පිළිබ්‍ඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ  පෙරේරා මහතා විසින්  සිදු කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු කොළඹ පදිංචි හතලිස් නව හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.

රත්තරන් බෝල වල  වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ හැත්තෑපන්දහසක් වන බවත් එහි බර ග්‍රෑම් 275 ක් වන බවත් ඔහු කීවේය.

කුඩා පාර්සල් තුනකට සකස් කොට ගුද මාර්ගයේ මෙම රන් බෝල සගවා තිබු බව රේගුව කියයි.

සැකකරු එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ඒ.අයි 274 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ෂණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.ඒ.ඩී.ඒ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර, ඩී.එම්.ජී නිමලතිලක සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.ඩබ්ලිව්.සී ශ්‍යාමල් සහ සෙනාලි ලොකුබාලසුරිය ලලිතා, බී.ඒ.එන්.කේ බාලසුරිය, ඒ.පී.ජී.එස්.ඒ ලොකුගම, මංජුල කුමාර, එස් කෙජ්න්ද්‍රන් යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

දොලොස් ලක්ෂයක රන් බෝල පස්සෙන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site