තජිකිස්ථානයේ මුර්ග්හොබ් පෙදෙස අපකේන්ද්‍රය කරගත් භූමිකම්පාවකින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ගොඩනැගිලි හෙල්ලුම් කෑ බව එන්ඩීටීවී රූපවාහිනිය කියයි.
ඇමරිකාවේ භූ විද්‍යාත්මක සමීක්ෂණ කාර්යංශය කියනුයේ එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.2 ක ප්‍රභලත්වයකින් සිදුවූ බවයි.
මෙම ප්‍රබල භූමිකම්පාව කරාකුල් පෙදෙසට නිරිත දෙසින් කිලෝමීටර් 111 ක් දුරින් පොළොව යට සිදුවූ බව ඇමරිකා භූ විද්‍යා ආයතනය කියයි.
නව දිල්ලියේ හා උතුරු ඉන්දියාවේ කොටසක ගොඩනැගිලිද හෙල්ලී ගිය මෙම භූමිකම්පාවේ බලපෑම කාෂ්මීරයටද දැනී ඇත.
ගිය ඔක්තෝබරයේ එහි රිච්ටර් මාපකයේ 7.5ක භූමිකම්පාවකින් 280 දෙනෙක් මරුමුවට පත්වූහ. ඉන්දීය අගනුවර වන නව දිල්ලියේ ගොඩනැගිලි මේ භූමිකම්පාවෙන් මිනිත්තුවක් පමණ හෙල්ලුම්කෑ බවත් ඒ සමගම ඉන්දීය වැසියන් ගොඩනැගිලිවලින් එළියට පැන මහපාරවලට පැමිණ සිටි බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිල්ලිය හෙල්ලෙයි
ඉනෝකා Monday, 07 December 2015 10:04 AM
කිසිවේකුට අනතුරක් නොවීම සතුටට කරුණකි. (ර)
ඉනෝකා Monday, 07 December 2015 10:08 AM
ජීවිත අහිමි නොවීම වාසනාවකි. වර්ෂය අවසාන වෙන මේ මොහොතේ මොනතරම් ස්වාභාවික විපත් ගැන දැන ගැනීමට ලැබෙනවාද...? (ර)
ඇසළ Monday, 07 December 2015 12:57 PM
අය වැයෙන් පස්සේ අපි දැන් හැමදාම ඉන්නේ භුමි කම්පා වෙලා වගේ නිසා ගාණක් වත් නැහැ.(බ)